~

මගේ නිවසේ කිසිදු දැරියක් බලෙන් රඳවාගෙන නෑ: ඔය කියන දැරිය තමන්ට දෙමාපියන්ගෙන් වන හිරිහැර ගැන ලමා හා කාන්තා කාර්යාංශයට කට උත්තරයක් දී තිබෙනවා - ඇමැති රාජිත කියයි

(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.15, ප.ව.7.50) තමාගේ නිවසේ කිසිදු දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන නැති බවත් තම නිවස වනාහී දිනකට හාර පන්සියයක ජනතාවක් යන එන තැනක් බවත් ඕනෑම අයෙකුට එවැනි දැරියක් බලෙන් රඳවාගෙන සිටිනවාදැයි සොයා බැලිය හැකි බවත් පවසන ඇමැති රාජිත සේනාරත්න මහතා අද දහවල් කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. මේ අවලාදයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා අද තම නීතිඥවරුන්ට බාර දුන් බවද ලංකා ඊ නිව්ස්හි “ඇමති රාජිත, බිරිඳ සුජාතා සහ පුතා ‘එක්සත්‘ එකතු වී බාල වයස්කාර දියණියක් පැහැරගෙන බලෙන් රඳවාගෙන“ යන ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව දුරකථනයෙන් ලංකා ඊ නිව්ස් ඇමතූ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ය. 

තමන්ට ‘සර්‘ කියන පුද්ගලයෙකුගේ දැරියක් තම පුතාට කසාද බඳින්නට ඉඩ දීමට තරම් පිස්සුවක් තමන්ට නැතැයි කී රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම දැරිය ඇයගේ දෙමාපියන්ගෙන් සිදුවන හිරිහැරයන්ගෙන් මිදීම සඳහා ස්වේච්ඡාවෙන් නිවසින් පිට වී වෙනත් ස්ථානයක ජීවත් වන බවත් එම දැරිය දෙමාපියන් තමන්ට සිදුකරන හිරිහැර ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දීර්ඝ කට උත්තරයක් ලබා දී ඇති බවත් පැවසීය. කට උත්තරය ලියා ගත් පොලිස් නිලධාරියා දරුවන්ට මෙහෙම සලකන දෙමාපියන් සිටිනවාදැයි පවා විමසා ඇති බවත් දැරියගේ පියා වන රණසිංහ නමැත්තා තම දියණිය විකුණා තමන්ගේ ඇමැතිධූරයෙන් අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ  කළ බවත් පැවසීය. දැරියගේ මව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්තා තැනැත්තියක් බවද මෙම සිදුවීම පිටුපස තමන්ගේ දේශපාලන ජීවිතයට අවලාද නැගීමේ වුවමනාවක් තිබෙන දේශපාලනඥයන් පිරිසක් සිටින බව තමන් දන්නා බවද ඇමැති රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේය. 

---------------------------
by     (2015-03-15 17:22:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

THERE IS FIRE that"s WHY there is SMOKE COMING ,,,,, IF THERE IS NO FIRE SMOKE WILL NOT COME
-- by KUMARA on 2015-03-15

පොන්නයා අඬනවා මාද්‍ය කාරයන් හමුවුනේ ඇයි කියලා දැන් බයිලා ගහනවා අර දුප්පත් දෙමව්පියන්ටයි පෝලිසියටයි මුගේ බලය පෙන්නලා කේස් එක මේතරම් දවසක් යට ගහගෙන හිටියේ. දැන් ටොයියා ගේ සර්වාංගය දෙදරලා ගම පෙරලන්න බොරු අතාරිනවා අනේ පකෝ තොගේ යහපාලනය​.
-- by Bandula on 2015-03-16

මු ගස්බල්ලා ගැන දසමයක හරි හොදයි කීයල අදහසක් තිබ්බනම් "තමන්ට ‘සර්‘ කියන පුද්ගලයෙකුගේ දැරියක් තම පුතාට කසාද බඳින්නට ඉඩ දීමට තරම් පිස්සුවක් තමන්ට නැතැයි " මෙක අහුවයින් පස්සේ එකත් ඉවර උනා. මු හිතාගෙන ඉන්නෙ මු කවුරු කියලද දන්නැ. එතකොට අනිත් සාමන්‍ය මිනිස්සු අතපල්ලෙන් වැටිලද. මුගේ පුතා ජොර්ජ් කුමාරයද? මුසලයා.
-- by gasballa on 2015-03-17

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links