-ඝෝෂක පුත්‍ර ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජන.01, ප.ව.11.40) ශ්‍රී ලංකාවෙහි පෙර නොවූ විරූ අයුරු ජනතාව අවදි කරන සංසිද්ධීන් ගණනාවක පෙරනිමිති පසුගිය සති කීපය තුල පෙනෙන්නට තිබුණි. එමනිසා මේ ගැන යමක් කිවයුතුය.
පරම්පරාගණනාවක් තිස්සේ, මිත්‍යාවට නතුව මේ දක්වා විවිධ ආකාරයේ පඬුරු පාක්කුඩම්, පුද පුජා පවත්වමින් තමන් රවටා ගෙන ගතකළ බියගුළු ලෝකය කතරගම දේවාලයේ හොර කපුවන් විසින්ම ඇස්පනාපිට බිඳ දැමීම රට අඳුරෙන් එගොඩ කිරීමේ විශාල පියවරකි
රන්, රිදී , මුතු මැණික් මෙන්ම, මහා ධනස්කන්ධයක් සහ තමුන්ගේ මෙන්ම දරුවන්ගේද වටිනා කාලය කොපමණක් මෙවැනි ක්‍රියාවන්ට යට කර ඇතිද? දකින හැම ගලකට හෝ ගහකට වඳින කොන්ද පන නැති දීන මිත්‍යා දෘෂ්ටිකයන් බිහි කිරීමට මෙම අන්ධ භක්තිය කොපමණ දායක වී ඇත්දැයි දැනගැනීමට රට තුල ගමන්කළ යුත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරකි. ආශ්චර්යයක මහත. විශාලතම රන් තැටිය පූජා කර ඇත්තේ රටම දන්නා දේශපාලන රැකවරණ ලැබු කුඩු රජෙකි.
ඕනෑම ගොන්කමක් ප්‍රශ්න නොකර අනුගමනය කිරීමට හුරු අපට අවසානයේදී අපෙන්ම යැපුනු දේවාලයේ කපුවන් සත්‍යය මේ යැයි පෙන්නුම්කර ඇත.
බොහෝ පල්ලි පන්සල්වල කතාවන්ද මීට වඩා වැඩි වෙනසක් නොමැත. මේ හැමගේම පිංකැට පුරවන්නේ අන් කවර හේතුවක් නිසා හෝ නොව අපගේ අමනකමම නිසාමය. සමහර අපත චරිත අපගේම මුදලින් හා ශ්‍රමයෙන් ආරාම තනා අධි සුඛෝපබෝගී ජීවිත ගත කරන ගමන් විවිධ ආකාරයෙන් හා මාධ්‍ය තුලින් අප අමතන උජාරුව බොහෝ විට නොවැටහෙන්නේ මොළය හිරි වැටී ඇති නිසා යයි අපට සිතේ.
ජනතාවෙනි, මින් පාඩමක් ඉගෙන කිසිම දේවාලයකට හෝ පුද පූජා කෙරෙන ස්ථානයකට මොනයම් අයුරකින් හෝ මිල මුදල්, ආභරණ යනාදිය දීමෙන් වහාම වලකින්න. මෙවැනි මිත්‍යාව වපුරන ස්ථාන රටෙහි පාසල් සංඛ්‍යාවට ආසන්නය. රනිල් රාජපක්ෂ හට මෙවැනි සෑමතැනකටම ආදායම් බදු අංකයක් නියම කර බදු අයකරන්නේ නම් ජනතාව පිට පවරන බොහෝ බදු ආදායම් අඩු කර ගත හැක. අවශ්‍ය නම් එයට "මෝඩ බද්ද " ලෙස නම් තැබිය හැකිය.
සෞඛ්‍ය ක්ෂේත්රය මෙන්ම, රෝහල් පද්ධතිය හරහා කාලාන්තරයක් තිස්සේ රෝගීන් බිලිගත් ඖෂධ මාෆියාව නිරාවරණය වී මේ දිනවල සමාජගත වෙමින් පවතී. මෙහි ගැඹුර අනෙකුත් සියලු අපරාධ වලට වඩා දරුණු බව සමාජය තවමත් හරි හැටි වටහා ගෙන ඇති දැයි අපට සැකයක් ඇත. වටහා ගත්තේ නම් සමාජ ප්‍රතිචාරය ඉතාමත් තීරණාත්මක විය යුතු බව අපගේ අදහසයි
දැනට සමාජ ගතවී ඇති කරුණු පහත ලෙස සාරාංශයක් ලෙස ගතහොත් සිදුවී ඇති භයානක ක්‍රියාව ඔබට වැටහෙනු ඇත
ස්නායු රෝග නිසා පීඩා විදින රෝගීන් හට ප්‍රතිදේහක වර්ධකයක් ලෙස ලබාදෙන බෙහෙතක් (Immunoglobulin), ,ප්‍රමිතියෙන් තොර ඒවා නිෂ්පාදනයට කිසිම තාක්ෂණ හැකියාවක් නොමැති සමාගමක් හරහා, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පිළිගත් මිලගැනීමේ පටිපාටියට පිටින් අධික මිලකට ලබා ගෙන, රජයේ රෝහල් සඳහා ඖෂධ සැපයුම් අංශය තුලින් නිකුත් කිරීම මෙම නීහීන ක්‍රියාවයි. මීට අමතරව පිළිකා රෝගීන් වැන්නවුන්ට ලබා දෙන තවත් ඖෂධ වර්ග ගණනාවක් ලබා ගැනීමේ ඇනවුමක්ද සැපයුම් අංශය මගින් මෙම සමාගමට ලබාදීම ගැනද පරීක්ෂණ කෙරෙමින් පවතී.
මෙම දුෂිත ක්‍රියාව සිදු කිරීම වෙනුවෙන් දැනට ඇඟිල්ල දිගුව ඇත්තේ මෙලෝ අධ්‍යාපනයක් නොමැති අන්ත දුෂිතයෙකු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මෙන්ම ඔහුගේ සහචරයන් ලෙස කටයුතු කළ උගත් යයි සැලකෙන ඉහල ඇවරියේ රාජ්‍ය නිලධාරී කණ්ඩායම (සමහරක් හිපොක්‍රටීස් දිවුරුම අමතක වූ වෛද්‍යවරුන්ය) සහ පිටස්තර කණ්ඩායමක් වන සැපයුම් ආයතනයේ ඉහල නිලධාරීන්ය. මේ වන විට ඇමති හොරා නිලධාරීන් බිල්ලට දී අත හෝදාගැනීමට විවිධ උපක්‍රම යොදමින් සිටී.
මෙම ඖෂධය අවශ්‍ය ආකාරයට රෝගීන් හට සහනයක් නොදෙන බව විද්‍යාත්මකව සහතික කර ඇත. මේ නිසා ජීවිත අහිමි වුවන් ඔවුනට වැළඳී තිබු දරුණු රෝග නිසාවෙන් මියගිය ගොන්නට දැමීම ඉතා පහසු බැවින්, මෙම දුෂිතයන් හිතා මතාම මෙම ක්‍රියාව සිදු කළ බවට දැන් දැන් තොරතුරු උසාවිය ඉදිරියේ නිරාවරණය වෙමින් පවතී. මොවුන් සිදු කර ඇත්තේ චේතාන්විත මිනීමැරීමක් හා මිනීමැරීමට තැත් කිරීම වැනි ක්‍රියාවකි. කොටසක් එයට අනුබලදී ඇත. සනාථ වුවහොත් මෙම වැරදි දෙකටම දඬුවම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා හිරේ සිටීම බව අමුතුවෙන් කිව යුතු නැත .
මෙම චෝදනා නිසි පරිදි විභාග කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති භාරදූර වගකීමකි. දුෂිතයන් දෙදෙනෙකු ප්‍රධානීන් වී සිටින දෙපාර්තමේන්තුවක මෙය පහසු නොවන බව අපි දනිමු. එසේම නිසි පරිදි නොබියව නඩුව මෙහෙයවීම නීතිපති දෙපාර්තුමේන්තුවේ වගකීමකි. මෑත කාලයේ උසාවියේද පිබිදීමක් ඇතිවී ඇති බව අපට පෙනීගොස් ඇත. ඔබ සැමගේ ක්‍රියා පටිපාටියේ සාධාරණත්වය පිළිබඳව පීඩිතයන් මෙන්ම සාමාන්‍ය ජනතාව අවධානයෙන් සිටින බව අමතක නොකරන්න. මේ තක්කඩියන් සාක්ෂි කරුවන්ට මෙන්ම ඔබටද නොයෙකුත් බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇත. නොබියව ඔබගේ රාජකාරිය ඉටුකරන්න. මෙම අවස්ථාවේදී ජනතාව ඔබ තනි නොකරනවා පමණක් නොව තක්කඩියන්ද අමතක නොකරන බව අමුතුවෙන් අප කිව යුතු නැත.
චුදිතයන්ගේ පවුල්වල උදවියටද යමක් කිව යුතුය. ඔබගේ ඥාතියා අධම හොරෙකුගේ අතකොළුවක් වී සමාජයට මෙන්ම ඔබටද සිදුකර ඇති හානිය ඔවුනට වටහා දෙන්න. දැන් හෝ තමන් විසින් කළ ක්‍රියාව ගැන පසුතැවිලි වී සත්‍යය ප්‍රකාශ කිරීම ඔවුනට සුළුවෙන් හෝ සහනයක් වියහැකි බව වටහා දෙන්න. තම ස්වාමිවරුන් බේරීමට කට පියාගෙන සිට සිරගෙවල් වල සිට අකාලයේ පරලොව ගිය දුෂිත පොලිස් නිලධාරියෙකු වූ අනුර සේනානායක මීට හොඳ එක උදාහරණයකි.
මෙම අධම ක්‍රියාව නොබියව ඉදිරිපත් කළ සියලුම සංවිධානවලට අප හිස නමා ආචාර කරන්නෙමු. වැරදි කරුවන්ට දඬුවම් දෙන තුරු ඔබගේ ක්‍රියාවලිය පවත්වා ගෙන යන ලෙස අප ආයාචනා කරන්නෙමු. ඔබ විසින් ඉතිහාසගතවන හැරවුම් ලක්ෂ්යයකට අප සැම යොමුකර ඇත.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/87
---------------------------
by (2024-01-01 19:59:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි