(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.24, පෙ.ව.8.30) වසර 9 ක් පුරා රාජපක්ෂ රෙජීමය සිදුකරන ලද හිමාලය කන්ද තරම් උස දූෂන සහ අපරාධ කන්ද සම්බන්ධයෙන් රහස් පොලිසියට ලැබෙමින් පවතින අති විශාල පැමිණිලි ප්‍රමාණය විභාග කිරීමේ දී කල් ඇදීම සම්බන්ධයෙන් එක්තරා රහසිගත හේතුවක් ලංකා ඊ නිව්ස් වෙත හෙලි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෙවත් රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රවි සෙනෙවිරත්න මහතා පත් කරන ලද්දේද රාජපක්ෂවරුන් විසින් වන අතර එහි විමර්ශන නිලධාරීන් ලෙස තවමත් ක්‍රියා කරන්නේ ද රාජපක්ෂ වරුන් විසින් පත්වීම් දෙන ලද නිලධාරීන්ම ය. එම විමර්ශන නිලධාරීන් තවමත් රාජපක්ෂලා පරාජය වූවා යැයි නොසිතන අතර ඔවුන් ගණන් හදන්නේ කොයි මොහොතක හෝ ජනාධිපති මෛත්‍රීපාල සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර එකඟතාවයක් ඇතිවනු ඇති බවයි. මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිවරයා වීමත් 18 වෙනිදා නුගේගොඩ රැලියෙන් අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ගෙන ආ යුතු යැයි බලකිරීමත් මත මෙකී රහස් පොලිස් විමර්ශන නිලධාරීන් සිතාගෙන ඉන්නේ මීලඟ මැතිවරණයෙන් මහින්ද අගමැති වී මෛත්‍රී ජනාධිපති ලෙස යලිත් පරණ තාලේම ආණ්ඩුවක් හැදෙනු ඇති බවයි. එසේ වුවහොත් අද රාජපක්ෂවරුන්ට එරෙහිව පරීක්ෂන සිදුකරන නිලධාරීන්ට එදාට දං ගෙඩියට යාමට සිදුවනු ඇතැයි සිතන මොවුහු දින සියය යන තුරු රාජපක්ෂ යුගයේ දූෂණ අපරාධ වලට එරෙහි රහස් පොලිස් පරීක්ෂණ කල් මරමින් සිටිති.
මීට හොඳම උදාහරණය නම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ගෝඨාභයගේ රක්නා ලංකා අතුරු හමුදාවට අයත් අවි ගබඩාව ගැන රහස් පොලිස් පරීක්ෂණයයි.
මෙහිදී පුද්ගලික ආරක්ෂන සමාගමක් වෙත එතරම් අවි තිබුනේ කෙසේද?
ඒ අවි අතර කිසිසේත්ම පුද්ගලික ආරක්ෂන සමාගමකට අයත් විය නොහැකි බර අවි තිබුනේ කෙසේද?
එහි තිබූ සමහර අවි පොළොව යට අවි ගබඩාවක තැන්පත් කළ යුතු ඒවා වන අතර එවැනි අවි අනාරක්ෂිතව සාමාන්‍ය ලෙස ගබඩා කිරීමට අවසර දුන්නේ කව්ද?
එපමණක් නොව විදේශ රාජ්‍ය නායකයන් පැමිණෙන ස්ථානයක අතේ දුරින් වගකීමකින් තොර අතුරු හමුදාවකට අනාරක්ෂිත ලෙස භයානක අවි ලඟ තබා ගැනීමට ඉඩ දීම කිසියම් රාජ්‍ය විරෝධී ක්‍රියාවක් මුදුන්පත් කර ගැනීමේ අරමුණින් සිදුකරන ලද්දක්ද?
ආදී බරපතල ප්‍රශ්න තිබියදී ඒ සියල්ලටම වගකිව යුතු ගෝඨාභය රාජපක්ෂ ඍජුවම ප්‍රශ්න කර අත් අඩංගුවට ගැනීමට තිබියදී ප්‍රශ්න කිරීමට ගොස් හැරී පැමිණීමට තරම් රහස් පොලිසිය දුර්වල වී ඇත්තේ නිලධාරීන්ගේ ඉහත කී මානසිකත්වය නිසා බව දැනගන්නට තිබේ.
මේ බව නොදන්නා මහජනතාව පසුගිය මෘග චෞර යුගයේදී සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂන සිදුනොකරන්නේ මන්දැයි කියමින් වත්මන් ආණ්ඩුවට දොස් කියමින් සිටිති.
කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවට මේ තත්ත්වයෙන් ගොඩ යෑමට දූෂණ අපරාධ සෙවීමට නව පොලිස් ඒකකයක් නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා යටතේ පිහිටුවීමට සිදුවිය. නමුත් එයද තවමත් තම කලර්ස් පෙන්වා නැත.
---------------------------
by (2015-02-24 03:30:38)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි