~

විමල් වීරවංශගෙනුත් රහස් පොලිසිය ප්‍රශ්න කරයි: පම්පෝරි කතා කී වීරවංශ දැන් නාහෙන් අඬයි

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.23, ප.ව.5.45) විමල් වීරවංශ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ එනම් 2011 වසරේ ජූලි මස 17 වැනිදා නීතිවිරෝධී පෙළපාලියක් ගමන් කළා යැයි කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ නමුත් රාජපක්ෂලාගේ අවනීතික යුගයේදී නගරාධිපතිවරයෙක් කරන ලද පැමිණිල්ලක් වුවද විභාග නොකරන තත්ත්වය යටතේ විමල් වීරවංශගෙන් කට උත්තරයක් හෝ ලබාගෙන තිබුනේ නැත. 

අද දිනයේ විමල් වීරවංශට එම පැමිණිල්ල අනුව කට උත්තරයක් දීමට රහස් පොලිසියේ විශේෂ විමර්ශනයට කැඳවා තිබිණ. කට උත්තර දී පැමිණෙන ගමන් විමල් වීරවංශ කියා සිටියේ “කළු කොටින්ට නිදහස ලැබෙන රට බේරා ගත් අය සිරගත කරන යහපාලනයක් ඇති වී තිබෙන“ බවයි. කළු කොටින්ගේ පමණක් නොව සියළු කොටි බලකායන්ට අවශ්‍ය අවි ආයුධ වසර 30 ක් පුරා එවූ කේපී හමුදා රැකවරණ යටතේ සුර සැප දෙමින් තබාගෙන සිටියේ ඔහුගේ ආණ්ඩුව බව ඇමතිකම අහිමි වී මාසයක් යනව විට විමල් වීරවංශට අමතක වී ගොසිනි. මේ වන විට කේපීට නඩුවක් පවරා ඇති අතර ඔහුට රටින් පිටවීම තහනම් කර තිබේ. 

වීරවංශගේ බිරිඳ හොර උප්පැන්න හැදීම සහ හොර පාස්පෝට් හැදීම සම්බන්ධයෙන් අද විමල් වීරවංශගෙන් ප්‍රශ්න කර නැත. නුගේගොඩ රැලියේදී තමන්ගෙන් සහ බිරිඳගෙන් පොලිසිය ප්‍රශ්න නොකිරීම ගැන උද්දච්ඡ පම්පෝරි කතා කී විමල් වීරවංශ අද කියා සිටියේ තමන්ගෙන් සහ බිරිඳගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් හිරිහැර කරන බවයි. තම දරුවන්ගෙන් ද ප්‍රශ්න කරනු ඇති බවත් වීරවංශ නාහෙන් අඬමින් මැසිවිලි කියා සිටියේය.

---------------------------
by     (2015-02-23 12:34:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Angillata wadiye idimenna giya, salli balayen molay wikurthiwuna, mula amathaka unu MODAYINGE ekkenek thamai Wimal Weerawansa.
-- by weera on 2015-02-23

MOKADA KAPILA GAMAGE ANDANNA LANWELA WAGE. DEKKAMA MATATH ANDENNA WAGE. ANE PAW.
-- by sujeewa nilruk on 2015-02-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links