(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.22, ප.ව.4.20) ලෝකයේ අන්තයෙන් පහළට වැටුණු පුද්ගලයෙක් ජීවග්‍රහයෙන් යුතුව බේරා ගැනීම මානව වර්ගයා සතුටුවන පුවතකි. එය සිදුවූයේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට ලෝකාන්ත හෙලට වැටුණු නෙදර්ලන්ත ජාතික විදේශිකයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව දියත් කළ විශේෂ මෙහෙයුමකින් බේරාගනිමිනි. සිදුවූයේ ඊයේ (21) දිනයේ දී ය.
නෙදර්ලන්ත ජාතික මතලින් සහ ඔහුගේ බිරිඳ ලින්ඩා තම විවාහයෙන් පසුව මධු සමය ගත කිරීමට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබින. එහිදී ඔව්හු ඊයේ (21) උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර, ලෝකාන්ත මුදුනේ දී බිරිඳගේ ඡායාරූපයක් ගැනීමට පසු පසට යද්දී එකවරම මතලින් පය ලිස්සා ලෝකාන්තයට ඇද වැටින. බල සිටියවුන් කෑ ගැසූහ. අඩි 35 ක් පමණ ඇද වැටුණු ඔහු ගසක අත්තක රැඳී ඇති අතර ඔහු පැය 3 හමාරක් එම ගසේ එල්ලී සිටියේය. එහි පැමිණි සංචාරකයෝ තම තමන්ගේ කබා එකට ගැට ගසා ඔහුට දිවි රැක ගැනීමට උදව් කළහ.
අනතුර සැල වූ වහාම ගුවන් හමුදාව විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවනු ලැබූව ද පැවැති කාලගුණය නිසා හෙලිකොප්ටරයට එහි ලඟා විය නොහැකි වූ අතර පසුව නුවර එළියේ කඳවුරේ සිටි යුද හමුදා 3 වන සිංහ රෙජිම්න්තුවේ දිවි අාරක්ෂක සෙබළුන් කන්ඩායමක් එහි පැමිණියහ. ලුතිනන් කර්නල් අමිත පෙරේරා සහ මේජර් රත්නතිලක කණ්ඩායම මෙහෙයවූ අතර නිර්භීත කෝප්‍රල් වරයෙක් වූ සුදේශ් නලින්ද තම දිවි පරදුවට තබා ලෝකාන්තයට බැස මතලින් නමැති විදේශික සංචාරකයා බේරා ගත්තේය.
පසුව කෝප්‍රල් නලින්ද ප්‍රකාශ කෙළේ තව විනාඩි 20 ක් පමා වූවානම් මතලින්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වන බවයි. දිවි බේරා ගත් මතලින් සුළු තුවාල ලබා තිබූ අතර නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා අද දිනයේ යලි තමන් බේරා ගත් හමුදා කඳවුරට පැමිණ සියල්ලන්ටම ස්තූතිය පළ කෙළේය. නව යුවල සෙබලුන් සමග දිවා ආහාරයද ගත්හ. ඔහු කියා සිටියේ තමන්ගේ ජීවිතේ දීර්ඝතම පැය 3 හමාර ගසේ එල්ලී සිටි පැය 3 හමාර බවයි.
සංචාරක යුවලවල් ලංකාවට පැමිණි පසු පුරුෂයා මරා දමා බිරිඳ සමූහ දූෂණය කළ දේශපාලනඥයන්ද එම දේශපාලනඥයන්ට රාජ්‍ය අනුග්‍රහය ද දුන් කුප්‍රකට තංගල්ල සිද්ධිය වැනි සිදුවීම් සුලභ වූ මෘග රාජපක්ෂ යුගය ජනතාව විසින් පරාජය කර තිබේ. දැන් ඇත්තේ සංචාරකයන් දරුවන් සේ රැක බලා ගන්නා මෛත්‍රී යුගයකි. මෙම අනුවේදනීය සිදුවීම ඊට හොඳම උදාහරණයකි. මතලින් ගසේ එල්ලී සිටියදී කිසිවෙක් ලින්ඩා සමූහ දූෂනයට ලක් කිරීමට ගියේ නැත. ඇය අස්වසමින් ස්වාමියා බේරා ගත්හ.
මිනිසුන් ජීවත් විය යුත්තේ අනෙකා ජීවත් කරවීමට ය.
මෙහි ඇති සේයාරූ වල දැක්වෙන්නේ මතලින් මුදාගත් සෙබල වෑයමයි. මේ සම්බන්ධ වීඩියෝවක් පහත දිගුවෙන් නැරඹිය හැක
---------------------------
by (2015-02-22 11:02:43)
Leave a Reply
මෙහෙයුම දියත්කල ඒ සෙබලුන්ට අපේ ආචාරය! නමුත් ඒ අවස්ථාවේ එහි සිටි මාර්ග උපදේශකවරුන් ක්‍රියාත්මක නොවූවානම්? ඔවුන් අදාල සියලු අංශ වලට ක්ෂනිකව නොදැන්නූවානම් අද මේ ප්‍රවෘත්තිය ඔබට මේ අයුරින් පල කරන්නට පුළුවන්ද? ඔවුන් ගැන ඇයි වචනයක්වත් සදහන් කරන්නේ නැත්තේ?
-- by Wellington on 2015-02-23
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි