(ලංකා ඊ නිව්ස් -16.පෙබ.2015, ප.ව.8.20) නව ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව රාජපක්ෂලා සතුව තිබූ හස්තයෙන් යුද හමුදාව මුදවා ගැනීමේ ප්‍රධාන වෙනස් කම් කිහිපයක් අද සිදුකර තිබේ.
මේ අනුව ගෝඨාභයගේ පලිගැනීමට ලක්ව සිට පසුගියදා යලි සේවයේ පිහිටැවූ මේජර් ජෙනරාල් වරුන් සහ බ්‍රිගේඩියර්වරුන් හමුදාවේ තීරණාත්මක ස්ථාන වලට පත් කර ඇත.
යුද ලේකම් වරයා ලෙස - මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර තිබේ
හිටපු යුද ලේකම් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර - වන්නි ආඥාපති ලෙස යවා ඇත.
මෙහෙයුම් අධ්‍යක්ෂ ධූරයට -බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන පත් කර ඇත
පසුගිය හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ යයි හිටපු අධ්‍යක්ෂ මාණ්ඩලික ප්‍රධාන කාර්යාල මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඉන් ඉවත් කර එම තනතුරට මේජර් ජෙනරාල් බී.ඒ.පෙරේරා පත් කර තිබේ.
සුමේධ පෙරේරා විශේෂ බලකා අණ දෙන නිලධාරී මධ්‍යම පළාත් ලෙස යවා ඇත.
මධ්‍යම පළාත බාරව සිටි මේජර් ජෙනරාල් මනෝ පෙරේරා යුද හමුදා ක්‍රීඩා අධක්ෂ ලෙස පත් කර තිබේ.
දූෂිතයන් ලෙස ප්‍රකට නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා සහ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා දෙදෙනා යුද හමුදා මූළස්ථානයට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට කැඳවා තිබේ.
යාපනය ආඥාපති ලෙස මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත ද, නැගෙනහිර ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජනක වල්ගම ද පත් කර ඇත
මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයා ලෙස පත් කර තිබේ
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යුද උපකරණ මාස්ටර් වරයා ලෙස පත් කර ඇත. මේජර් ජෙනරාල් උදය පෙරේරාව බටලන්ද නිලධාරී පුහුණු ආයතනයට යවා තිබේ.
මීට අමතරව බ්‍රිගේඩියර්වරුන් හත්දෙනකු මේජර ජනරාල් ධුරයට උසස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එය පසුගිය 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබේ. ඔවුන් නම්
මින්නේරියේ ඉදිරි නඩත්තු පෙදෙස සේනාවිධායක බ්‍රිගේඩියර් මිහිඳු කුලසේකර,
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන අධ්‍යක්ෂ (සැපයුම් හා ප්‍රවාහන) බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසිංහ,
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ උපකුලපති බ්‍රිගේඩියර් රුවන් කුලතුංග,
යුද හමුදා 23 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි,
යුද හමුදා 55 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමුදු පෙරේරා,
11 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් නන්දන සේනාධීර,
24 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාර යන නිලධාරින් වෙති
මේ අතර මේ මස අගදී යුද හමුදාපතිවරයා විශ්‍රාම යා යුතු අතර ගෝඨාභය විසින් පළිගන්නා ලද මේජර් ජෙනරාල් රජිත ද සිල්වා මේ ආණ්ඩුව විසින්ද නොතකා හැර සිටීම තවමත් එලෙසමය. ඔහු යළි සේවයේ පිහිටුවන්නේ නම් ජ්‍යෙෂ්ඨත්වයත්, කිසිදු චෝදනාවක් නොමැති වීමත් මත නිසැකවම යුද හමුදාපතිවරයා විය යුත්තේ ඔහුය. ගෝඨාභය විසින් පළිගන්නා ලද 14 දෙනාගෙන් මෙතෙක් යලි සේවයේ පිහිටුවා නැත්තේ ද මේජර් ජෙනරාල් රජිත ද සිල්වා පමණි. ඒ පිළිබඳව ලංකා ඊ නිව්ස් මීට පෙර ලිපියකින් ප්‍රශ්න කරන ලදී.
මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ද ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින් ඇතත් කුප්‍රකට සුදු කොඩි ඝාතනයේදී සුදු කොඩි රැගෙන යටත් වූවන් 1500 ක් පමණ දෙනා බාරව සිටියේ ක්‍රිෂාන්ත ද සිල්වා යටතේ වන අතර ගෝඨාභයගේ කීමට ජගත් ජයසූරියගේ නියෝග මත එම පිරිස ඝාතනය කිරීමට යවන ලද්දේ ක්‍රිෂාන්ත සිල්වා විසිනි. ඒ හේතුව නිසාම ගෝඨාභය විසින් ක්‍රිෂාන්ත ද සිල්වා නියෝජ්‍ය තානාපතිවරයෙක් කරවා යැව්වේය. නමුත් දැන් රාජකීයවරුන් බලවත් වී ඇති හේතුව මත රාජකීය විදුහලේ ආදි සිසුවෙක් වන ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති කළ යුතුයැයි බලපෑමක් ද තිබේ. නමුත් ඔහු හමුදාපති වුවහොත් සුදුකොඩි චෝදනාව යලිත් වරපැන නැග එනු නොඅනුමානය. මන්ද යත් එවැනි මහා යුද අපරාධයකට ඍජුවම වගකිව යුතු පුද්ගලයෙකුට රාජපක්ෂලාත් නොකළ ආකාරයෙන් යහපාලන රජය විසින් හමුදාපති තනතුර දීම ජාත්‍යන්තරව බරපතල ප්‍රශ්න සහගත වන බැවිනි. අනෙක් අතට යුද හමුදාපතිවරයා විය යුත්තේ යුද සේනාංකයකට අණ දුන් පුද්ගලයෙකි. ක්‍රිෂාන්ත සිල්වා සේනාංකාධිපතිවරයෙකුව සිට නැත. ජයසිකුරු මෙහෙයුමේදී තමන්ගේ හමුදා ඛණ්ඩයට සිදුවූයේ කුමක්දැයි පවා කීමට ක්‍රිෂාන්ත සිල්වාට නොහැකි විය. එල්ටීටීඊය තමන් සතු අවි වලින් කොතරම් ප්‍රමාණයක් ගත්තාදැයි පවා මොහු දැන සිටියේ නැත. එනිසාම ඉන් පසු කෙදිනකවත් ඔහු යුද මෙහෙයුමක අණ දීමට යොදා ගත්තේ නැත. සේනාංකාධිපති ධූරයක් දුන්නේ ද නැත.
ඊලඟට සුදුසු කම් ලබා සිටිනේ මේජර් ජෙනරාල් රඹුක්පොත ය
---------------------------
by (2015-02-16 17:36:39)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි