~

ලක්ෂ 67 ක ජනතාව විසින් යහපාලන රාජ්‍යයක් හදා මාසයක් යෑමටත් මත්තෙන් එම රාජ්‍යටත් ඉහලින් අවනීතිය ක්‍රියාකළ හැකි ජගතා මොකාද? (වීඩියෝ හෙලිදරව්ව)

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.11, ප.ව.11.55) ලංකාවේ ප්‍රධාන පක්ෂ සහ සංවිධාන 49 ක් එක් වී මහා බලසම්පන්න යැයි කියා ගත් පවුල් රෙජීමයක් පරසක්වල ගසා ලක්ෂ 67 ක ජනතාව විසින් යහපාලන රාජ්‍යයක් හදා මාසයක් යෑමටත් මත්තෙන් එම රජයටත් ඉහලින් අවනීතිය ක්‍රියාකළ හැකි ජගතෙක් සිටිය හැකිද? සිටිනවා නම් ඒ කව්ද?

ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු මේ ලිපියෙන් සොයා ගැනීම පාඨකයාට බාර කරමු.

යලි නිවැරදි කළ නොහැකි පරිසර දූෂණයක් වන කැල්සියම් නයිට්‍රේට් නමැති විෂ රසායනිකය දැදුරු ඔය ඇතුළු පරිසරයට මහා පරිමාණයෙන් මුදා හරිනවා යැයි ලංකා ඊ නිව්ස් ඇතුළු ලංකාවේ බොහෝ මාධ්‍ය වසර කිහිපයක් තිස්සේ කොබෙයිගනේ පිහිටි ජිෆී නමැති නොර්වේ කර්මාන්ත ශාලාව පිලිබඳ තොරතුරු හෙලිදරව් කළහ.

ජිෆීලා මාධ්‍යයට එරෙහිව වාරණ නියෝග ගත් නමුත් පසුව පරාජය විණි. කැල්සියම් නයිට්‍රේට් විෂෙන් පීඩාවට පත් වූ ජනතාවද ජිෆීලාට එරෙහිව අධිකරණයට ගියහ. පරිසර අධිකාරිය පිටු 8 ක ක්ෂේත්‍ර වාර්තාවකින් කියා සිටියේද ජිෆීලා විෂ රසායනික දැදුරු ඔයට සහ පරිසරයට මුදා හරින බවයි. එම විස්මිත වාර්තාව මෙහි පහත දැක්වේ. එවන් වාර්තාවක් ඇති කර්මාන්ත ශාලාවකට මේ ලෝකේ ඉඩ දෙනවා නම් ඒ ලංකාවේ පමණක් විය යුතුය. වාර්තාවද බලා අධිකරණය දැදුරු ඔයට කැල්සියම් නයිට්‍රේට් මුදා නොහරින ලෙස ජිෆීලාට නියෝග කළේය. නමුත් ඔවුන් අධිකරණ නියෝගය ද බල්ලාට දමා අධිකරණයේ ඇස් වසා දැදුරු ඔයට සිතා මතා සැලසුම් සහගතව මේ විෂ මුදා හරින බව පසුගියදා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන මාකස් මහතාට හසුවිය. ඒ ජිෆීලා ඔයට විෂ මුදා හැරීමට පොළොව යටින් හොරෙන් දමා තිබූ බටයක් පසුගියදා ගැලූ ගංවතුරට පස් සේදී ගිය තැනකින් මතු වීම නිසාය. ඔහු වහා එය වීඩියෝ ගත කළේය. (එම වීඩියෝවද මෙහි පහතින් දැක්වේ) 

වීඩියෝව හෙලිවීමෙන් පසුව ජනතාව මේ වන විටත් පැමිණිලි පිට පැමිණිලි කර ඇති නමුත් ජිෆී මුදලට යට වී සිටින කොබෙයිගනේ පොලිසියට ද පරිසර අධිකාරියටද වීඩියෝ සාක්කි පෙන්වා යලිත් පැමිණිලි කළහ. එහිදී අපූරු සිදුවීමක් විය. පරිසර අධිකාරියේ නිලධාරීන්ට මේ ගැන පරීක්ෂා කිරීමට යෑමට පොලිසියේ ඕඅයිසී ජයවීර නමැති පක්කලි නිලධාරියා විරුද්ධ විය. ඔහු කියා සිටියේ ජිෆී ෆැක්ටරියේ ප්‍රධාන විධායක සන්දීප්ත ගම්ලත් කොළඹ සිට කොබෙයිගනේට එන තුරු කර්මාන්ත ශාලාවට ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි. පසුව පැමිණි ගම්ලත් පැමිණිලි කාර මාකස්ට මරණීය තර්ජනය කෙළේ “මං උඹට කරන දේ බලා ගනිං. මං ෆැක්ටරිය ගිනි තියලා ඒකට තෝව අල්ලනවා“ කියමිනි. ඒ තර්ජනයෙන්ම ඇඟවෙන්නේ පොලිසිය සහ ජිෆී අතර ඇති සම්බන්ධය නොවේද?

මේ තර්ජනය ගැන කොබෙයිගනේ පොලිසියට පැමිණිලි කර වැඩක් නොවන බව දන්නා ජනතාව සමග මාකස් ගොස් ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාරට පැමිණිලි කෙළේය. එයද කණපිට ගසා ඇත්තේ අපූරු ආකාරයටය. ෆැක්ටරියට විරුද්ධව මඩ ප්‍රචාරය ගෙන යනවා යැයි සන්දීප්ත ගම්ලත් දැමූ පැමිණිල්ලක් විභාග කිරීමට වහාම පොලිසියට එන්නැයි අද(11) උදෑසන පොලිසිය මාකස් ගේ නිවසට විත් තර්ජනය කර තිබේ. 

වසර 4 ක් තිස්සේම දැදුරු ඔයට විෂ රසායන හැලුවාට දඬුවම් නැත. එය හෙලිවීමෙන් පසු  අධිකරණ නියෝග බල්ලාට දමා පොළොව යටින් බට දමා දැදුරු ඔයට විෂ රසායන හැලුවාට පරීක්ෂණයක් හෝ නැත. මේවා වීඩියෝ ගත කර සාක්කි සහිතව පෙන්වූ ජනතාවට මරණීය තර්ජන කළාට පරීක්ෂනයක් හෝ නැත. නමුත් අහිංසක ජනතාව වැරදි කරුවන් වී සිටිති. 

අප යලිත් පෙර ප්‍රශ්නය අලුතින් මෙසේ අසමු. 67 ලක්ෂයක ජනකායක් යහපාලන රාජ්‍යයක් හදා මාසයක් යෑමටත් මත්තෙන් එම රාජ්‍යයටත් ඉහලින් අමු අමුවේ පරිසරයට විෂ එක් කරමින් අවනීතිය රජ කළ හැකි ජගතෙක් සිටිය හැකිද? එම රාජ්‍ය හැදීමට මුල් වූවන් අතර පරිසර ප්‍රේමී චම්පික රණවක අද බලවත් ඇමැතිවරයෙකි. පරිසර ප්‍රේමී අතුරලියේ රතන හිමි ජනාධිපති උපදේශක හිමිනමකි. විශ්වාස භංග යෝජනාවන්ට පවා මුහුණ දෙමින් පොලිසියට පාට් දමන ජෝන් අමරතුංග පොලිසිය බාර ඇමැතිවරයාය. 

එසේ නම් මේ සියලු දෙනාට ඉහලින් සිටින බලවතා කව්ද ?

මේ නොර්වේ ජිෆී සමාගමේ සැබෑ අයිතිකරුවා බැසිල් රාජපක්ෂ යැයි ජනතාව නගන චෝදනාව සත්‍යයක් දැයි අපට සිතෙන්නේ යහපාලන ආණ්ඩුව බැසිල්ට කිසිදු කරදරයකින් තොරව ඇමරිකාවට පලා යෑමට ඉඩ දුන් නිසාම නොවේ. 

බැසිල්ගේ ගජයා වන සුහද ගම්ලත්ගේ සොයුරා වන සන්දීප්ත ගම්ලත් මෙහි ප්‍රධාන විධායක නිසාමත් නොවේ. 

බැසිල් විසින් දිවි නැගුම යටතේ මිලියන 100 ක කොන්ත්‍රාත්තුවක් අන් සමාගම් වලට මැදිහත් වීමට ඉඩ නොදී ජිෆීලාට දුන් නිසාමත් නොවේ. 

ෆැක්ටරියට එරෙහිව පැමිණිලි කළ ජනතාවගේ නිවෙස් වලට ෆැක්ටරියේ නිලධාරීන්ද සමග රාත්‍රියේ පැමිණි පොලිසිය “මේ ෆැක්ටරියට එරෙහිව පැමිණිලි කරන්න එපා. මේක බැසිල් මහත්තයාට අයිති එකක්“ යයි පැවසූ නිසාමත් නොවේ. 

ජිෆී කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමට වරක් පැමිණි පොහොර මහලේකම් කාර්යාලයේ සුදත් මහතන්තිල මහතාට දුරකථනයෙන් ඇමතූ බැසිල් රාජපක්ෂ ‘‘වහාම ඔය ෆැක්ටරියෙන් ඉවත් වෙනවා. ආයිත් වතාවක් ඔය ෆැක්ටරිය ගැන හොයන්න එන්න එපා“ යැයි තර්ජනය කළ නිසාමත් නොවේ.

මේ නොර්වේ ජිෆී සමාගමේ සැබෑ අයිතිකරුවා බැසිල් රාජපක්ෂ යැයි ජනතාව නගන චෝදනාව සත්‍යයක් යැයි අපට සිතෙන්නේ සතා සීපාවාට ගහකොළට පවා යහපාලනය අවශ්‍යයි කියා ලක්ෂ 67 ක් ඡන්දය ගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පමණක් නොව පරිසර ඇමැතිද වීමත් තවමත් විධායක බලය නීත්‍යාණුකූලව අත්හැර නොමැති වීමත් නිසාය.

(පරිසර අධිකාරිය විසින් ජිෆී ගැන දුන් ක්ෂේත්‍ර පරීක්ෂක වාර්තාවේ සේයාරූ ද, කැල්සියම් නයිට්‍රේට් සිදුකර ඇති විනාශය දැක්වෙන සේයාරූද, ජිෆීලා පොළොව යටින් හොර රහසේ බට යොදා දැදුරු ඔයට කැල්සියම් නයිට්‍රේට් මිශ්‍ර වතුර යැවූ බව හෙලි වූ වීඩියෝවද පහත දැක්වේ. මීටත් වඩා කුමන සාක්කිද

---------------------------
by     (2015-02-12 01:35:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

I dont think the police can solve this problem in this manner. Why not they get together and go to courts without complaining to the police?
-- by Wimala on 2015-02-12

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links