(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.02, ප.ව.11.00) මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 20 සේවා කාලයක් හිමි නිලධාරියෙක්මි. මාගේ අනන්‍යතාවය රහිතව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ මා තවමත් යුද්ධ හමුදා සේවයේ යෙදී සිටිනා නමුත් මා පණ සේ ආදරය කරන ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව නිර්දේශපාලීකරනය කිරීමේ උදාර අරමුණිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසීමත් සමග යුද්ධ හමුදාවේ වැඩ බැරි හේතුව මත ඉහල තනතුරු නොලැබ එකතැන පල් වෙමින් සිටි නිලධාරීන් රැසකට පැවති රජය ශක්තිමත් කිරීම සඳහා තනතුරු ලබාදුන් බව ඔබ දන්නා බව මා විශ්වාස කරමි. ජෙනරාල් ජගත් ජයසූරිය, ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් සුමිත් මානවඩු, මහින්ද හතුරුසිංහ, ලාල් පෙරේරා, බොනිෆස් ෆර්නෑන්ඩු, උයද පෙරේරා, සුමේධ පෙරේරා, දවුලගල, ප්‍රසාද් සමරසිංහ, ශවේන්ද්‍ර සිල්වා ආදීහු විලි ලැජ්ජා රහිතව යුද්ධ හමුදා අභිමානය කෙලසමින් සමස්ථ යුද්ධ හමුදාවම දේශපාලනීකරනය කිරීමට සෘජුලෙස දායකවූවන් අතුරින් කිහිප දෙනෙකි.
පසුගිය වසර 5 පුරාවට අප සිටියේ ඉමහත් වූ බියකිනි. යුද්ධය අවසන් කිරීමට අපට අණ දුන් අපේ හමුදාපති තුමා බල්ලෙකු සේ ඇදගෙන යනු අප බලා සිටියෙමු. යුද්ධය අවසන් කිරීමට අණ දුන් නිලධාරීන් රැසක් කිසිදු හේතුවකින් තොරව වැටුප් රහිතව සේවයෙන් ඉවත් කරන ලදී. ඔවුන් නම් මෙසේය.
මේජර් ජෙනරාල් වරුන් වන ජම්මික ලියනගේ, රජිත ද සිල්වා, එල්.කේ.ජේ.සී.පෙරේරා, සූරියබණ්ඩාර, මහේෂ් සේනානායක ආදීන් ද, බ්‍රිගේඩියර් වරුන් වන බී.පී.ඩී. ඩයස්, ඩී.සී.කැප්පෙටිවලාන, ජේ.ජේ.මොහොට්ටි, යූ.ඒ.ටී.හෙන්නැදිගේ, කුමාරප්පෙරුම ආදීන්ද, කර්නල් උභයවර්ධන, ලුතිනන් කර්නල් ජයසුන්දර, කපිතාන් ආර්.එම්.ආර්. රණවීර සහ කපිතාන් ඩී.සී ක්‍රිෂාන්ත ආදීහු වෙති.
අඩුම ගණනේ අද ජෙනරාල් ෆොන්සේකාට අහිමි වූ තනතුරු සහ විශ්‍රාම වැටුප ලැබුනද ඡන්දයට පසුදාම ෆොන්සේකා නිසා සේවය අහිමි කළ ඉහත නිලධාරීන්ට තවමත් විශ්‍රාම වැටුප හෝ තනතුරු හෝ ලැබී නැත.
යුධ හමුදාව තුල විවිධ වූ ආකාරයේ දේශපාලන කල්ලි හදමින් බුලත් කොලයට ඡන්දය ලබාදෙන ලෙසට සිදුකල ප්‍රචාරයන් මැද අපි අපේ වටිනා ඡන්දය සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා පාවිචිචි කෙළෙමු. බුලත් කොළයට නොමැතිව ඡන්දය දුන්නොත් රැකියාව අහිමි කරන බවට තර්ජන කරද්දී ඒ සියළු පීඩා මැද අපි අපේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පාවිචිචි කෙළෙමු.
එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද? යුද්ධ හමුදාව දේශපාලනීකරණය කළ වුන් තවමත් යෙහෙන් වැජඹේ.
මතු දැක්වෙන කරුනු රටේ ජනතාවගේ දැනගැනීම සඳහා මෙසේ ඉදිරිපත් කරන අතර මේ බරපතල වැරදි වලට වගකිවයුතු දූෂිතයන් හට නීතිය ක්‍රියාත්මක කරවීමට අදාල දේශපාලන බලධාරීන්ට බල කරන ලෙස ඉල්ලමු.
1. ඡන්දය පැවති දින උදෑසන 076 6887347 දරන යුද්ධ හමුදාවට අයත් දුරකතනයෙන් කෙටි පණිවිඩයක් සෑම හමුදා අංකයකටම ලැබිනි. එහි සඳහන් වූයේ ‘‘දිනූ දේශය බිලි නොදෙමු..! නැගෙන රට සුරකිමු..! දැයේ ජනපති දිනවමු.! අපේ ඡන්දය බුලත් කොලයට දෙමු..!“ යන්නයි. එමෙන්ම 076 6677344 යන යුද්ධ හමුදාවට අයත් තවත් දුරකතනයකින් ලද පණිවිඩයේ සඳහන් වූයේ “සිරිසේන කොපීඩ් මෝඩීස් ක්ලෝත්ස් ඇන්ඩ් ඇක්ශන්ස්. කොපීඩ් මහින්දස් බජට්. නවු කොපීඩ් මහින්දස් වෙබ් සයිට්. චොයිස් ඊස් යුවර්ස්.., විශනරි ලීඩර් ඔර් පපට්” යන්නය.
ආරක්ෂ ඇමැති තුමනි, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති තුමනි, ආරක්ෂක ලේකම් තුමණි,
මෙවන් දෙයක් රටක යුද්ධ හමුදාවක් තුල සිදුකල හැකි දෙයක්ද? මෙම අංක දැනට ක්‍රියා විරහිත වී ඇත. ඡන්දය පැවති දින කොපමන කෙටි පණිවිඩ ප්‍රමානයක් මෙම අංකවලින් යවා ඇති ද? මේවාට මුදල් වැයකර ඇත්තේ කව්ද කෙසේ ද? මෙසේ කෙටි පණිවිඩ යැවීම සඳහා තව කොපමන දුරකථන අංක ප්‍රමාණයක් භාවිතා කර ඇත්ද ? යුද්ධ හමුදාපතිගේ පූර්ණ අනුග්‍රහයකින් තොරව මෙවැනි දෙයක් කළ හැකිද ? මෙයට අණ දුන්නේ කවුද ? වසර 60 ක ඉතිහාසයක් පුරා රැකගත් යුද්ධ හමුදා සම්ප්‍රදායන් විනාශ කල මෙවැනි හමුදාපතිවරයෙක් එම පුටුවේ රඳවා ගෙන සිටිමින් කුමන ආකාරයේ යහපාලනයක් ගෙන යන්නද? අප බලාපොත්තු වූ සාධාරන සමාජය මෙයද ? වෙනස මෙය ද ?
2. යුද්ධ හමුදාපති දයා රත්නායක හෙලිකොප්ටර් භාවිතා කරමින් සෑම ආරක‍්ෂක බල ප්‍රදේශයකටම ගොස් භට පිරිස් අමතා හිටපු ජනපතිට ඡන්දය දෙන ලෙසට ඉල්ලා සිටින ලදී. මෙවැනි කටයුතු සඳහා හෙලිකොප්ටර් භාවිතා කළ හැකිද ? ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩා පිටියේ යුධ හමුදා සෙබලුන් 5000 කට අධික පිරිසක් හා පනාගොඩ කාළතුවක්කු ක්‍රීඩා පිටියේදී යුධ හමුදා සෙබලුන් 5000 කට අධික පිරිසක් අමතා හිටපු ජනාධිපතිට ඡන්දය ලබාදෙන ලෙසට මේ හමුදාපති වරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ. මෙහිදී ගෝඨාභය රාජපක‍්ෂ හා හිටපු ජනාධිපති යුධ හමුදාවේ සංවර්ධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පුන පුනා ප්‍රකාශ කෙළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව සොල්දාදුවන්ට පවසන ලදී. ඔහු බලයට පැමිනියහොත් ගෝඨාභය රාජපක‍්ෂ හා හිටපු ජනාධිපතිව ජ්‍යාතන්තර යුධ අධිකරනයකට ගෙන යන බව අමු අමුවේම කියා සිටියේය. එබැවින් මෙවන් දේශපාලනය කළ හමුදාපතිවරයෙක් තවදුරටත් යුද්ධ හමුදාවේ තබා ගත යුතුද ?
3. පූර්ව මැතිවරන කාලසීමාවේදී නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා යුද්ධ හමුදාපතිගේ පූර්න අනුග්‍රහය සහිතව මෛත්‍රීපාල සිරිසේනගේ පෝස්ටර් ඉරා දැමීමට හා වෙනත් විවිධ වූ දේශපාලන කටයුතු සඳහා සිවිල් ඇදුමින් සැරසුනු හමුදා නිළධාරීන්, සෙබලුන් හා විශේෂයෙන් බුද්ධි නිලධාරීන් යෙදැවීය. මින්නේරිය කාලතුවක්කු හමුදා කඳවුර දේශපාලන කාර්යාලයක් බවට පත්කරන ලදී. හිටපු ජනපතිගේ රැස්වීමි සඳහා සෙනග ඇද්දවීමට යුද්ධ හමුදාවට අයත් බස් රථ හා ඩීසල් ලබාදෙන ලදී. එම රැස්වීම සඳහා බත්පැකට් 5000 රොශාන් රණසිංහ මන්ත්‍රීවරයාට ලබාදෙන ලදී. මේවාට වැයකරන ලද්දේ කාගේ මුදල්ද? තමා යටතේ පාලනය වන ඒකකයන්හි අණ දෙන නිළධාරීන්ට ඔවුන්ගේ අම්මාවරුන්, බිරින්දෑවරුන් මතක් කරමින් අමු කුණුහරුපයෙන් බැනවදිමින් හිටපු ජනාධිපතිගේ ඡන්ද ව්‍යාපාරයට ඔවුන් බලහත්කාරයෙන් යොදවන ලදී. ලාල් පෙරේරා පමනක් නොව සියළුම ආඥාපතිවරුන් කිසිදු හිරිකිතයකින් තොරව භට පිරිස් අමතා හිටපු ජනපතිට ඡන්දය දෙන ලෙසට ඉල්ලා සිටියහ. මෙම පිරිස් තවදුරටත් යුද්ධ හමුදාවේ සිටිය යුතුද ? මොවුන් පුනරුත්ථාපනය කළ යුතු නොවේ ද?
මේ වන විට මෙම තිරිසන් නිලධාරියා මින්නේරියේ ස්ථාපිත 8 වන කාළතුවක්කු රෙජිමේන්තු අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් උපුල් කොඩිතුවක්කු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා හමුවීමට යවා එදා තමා විසින් සිදුකල විනය විරෝධී ක්‍රියා සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සමාව ලබාගැනීමට කටයුතු කරමින් සිටී. මොවුන් වැනි ශ්‍රී ලංකා යුද හමුදාවේ විනය උල්ලංඝනය කළ වුන්ට සමාව දීමෙන් විනය ආරක්ෂා කළ අපවැනි නිලධාරීන්ට කරන්නේ බලවත් අසාධාරණයකි.
4 . ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා විනය හේතූන් මත හමුදාවෙන් ඉවත් කළ දූෂිතයන් නැවත හමුදා සේවයට අනුයුක්ත කෙළේ කෙසේද ? මේජර් ජෙනරාල් පන්නිපිටිය, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා එවැනි දෙදෙනෙකි. පන්නිපිටිය අමු අමුවේම නිධන් හාරද්දී හසුවූ අයෙකි. ඔවුන් නැවත හමුදා සේවයට අනුයුක්ත කිරීමේදී නිවැරදි ක්‍රියා පිලිවෙත් අනුගමනය කර ඇතිද? 2010 ජනාධිපතිවරනයේදී රූපවාහිනියට ගොස් යුද හමුදා ඇඳුමින්ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව දැඩිලෙස විවේචනය කරමින් දේශපාලනයේ යෙදුනු වත්මන් යුධ හමුදාපති දයා රත්නායකට එරෙහිව විනයානුකූලව ක්‍රියා නොකරන්නේ මන්ද?
5. වත්මන් යුධ හමුදාපති යුද්ධ හමුදාවේ සියළු ඒකක වෙත සමසේ ලබා දිය යුතු මුදල් තම අභිමතය පරිදි කෝටි ගණනින් වැය කරමින් පනාගොඩ පාබල රෙජිමේන්තුව තුල ඉදිකිරීම් රැසක් සිදුකර ඇත. මෙම මුදල් මොහුගේ පුද්ගලික ධනයද? කෝටි ගණනක් එක් රෙජිමේන්තුවක දියුණුව සඳහා වැය කිරීම සාධාරනද? මෙවන් හමුදාපතිවරයෙක් වත්මන් යුධ හමුදාපති ලෙස තවදුරටත් එම තනතුරේ ගබා ගැනීමෙන් අප පැතූ සාධාරන සමාජය යුද්ධ හමුදාව තුල පවත්වා ගැනීමට හැකිවේද ?
6. ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමත් සමග වත්මන් යුධ හමුදාපති විසින් තම භට පිරිස් අමතා හිටපු ජනපතිට ඡන්දය ලබා දෙන ලෙස පවසන ලෙසට සියළුම රෙජිමේන්තු ආඥාපතිවරුන්ට වාචිකව නියෝග ලබාදෙන ලදී. සියළු ආඥාපතිවරුන් මේ අණ අනුව ක්‍රියා කළ නමුත් කාළතුවක්කු රෙජිමේන්තු ආඥාපති මෙම නීති විරෝධී නියෝගය ක්‍රියාත්මක නොකළේය. ඒ නිසා ඔහුව කාළතුවක්කු රෙජිමේන්තු ආඥාපති එම තනතුරෙන් වහාම ඉවත්කර ඒ වෙනුවට මේජර් ජෙනරාල් ලාල් පෙරේරා පත්කෙළේය. ඔහු භට පිරිස් අමතා විලිලැජ්ජාවකින් තොරව හිටපු ජනපතිට ඡන්දය ලබා දෙන ලෙසට ඉල්ලා සිටින ලදී’ මෙවැනි පුද්ගලයින් තවදුරටත් එම තනතුරු වල සිටිය යුතුද?
7. මෙවර යුද්ධ හමුදාවට දින පොත් මුද්‍රනය කිරීමේදී කාණ්ඩ 3ක් යටතේ මුද්‍රනය කර ඇත. එහි එක් කාණ්ඩයක කරුණා අම්මාන් විසින් ලබාදුන් දැන්වීමක් ඇත. මේ පිළිබඳව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ‘සටන‘ දේශපාලන සංවාදයේදී ප්‍රශ්න කළ අතර හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එසේ ප්‍රතික්ෂේප කළද එය සත්‍ය සිදුවීමකි. කරුනා අම්මාන් විසින් ලබාදුන් දැන්වීම පළකලේ කුමන අරමුණක් සඳහාද? එකී දැන්වීම සඳහා මුදල් ලබාදුන්නේ කවුද? කොපමන මුදලක් ඒ සඳහා ලැබුනේද? මෙය වත්මන් යුධ හමුදාපතිගේ අනුදැනුමකින් තොරව සිදුවිය හැකිද? මේ පිලිබඳව වත්මන් යුධ හමුදාපති විසින් රටේ ජනතාවට සියලු ජනමාධ්‍ය ඉදිරියේ කරුනු ඉදිරිපත් කළයුතු නොවේද?
8. වත්මන් යුධ හමුදාපති විසින් පනාගොඩ කඳවුර තුල ඇති විශාල කුඔුරුයාය අන්තනෝමතික ලෙස ගොඩකරමින් ක්‍රීඩාපිටියක් සෑදීමට ක්‍රියා කරමින් පවතී. යුද්ධ හමුදාව සඳහා සියළු පහසුකම්වලින් සපිරි ක්‍රීඩාපිටියක් බියගම ප්‍රදේශයේ ඉදිකර තිබියදී වත්මන් යුධ හමුදාපති අන්තනෝමතික ලෙස හමුදාවේ මුදල් විනාස කරමින් සිටී. මෙය තවත් මත්තලක් නොවේද? මෙය තවත් හම්බන්තොට වරායක් නොවේද?
9. එල්.ටී.ටී.ඊ. සංවිධානයට උදවුකර ඔවුන්ගෙන් වැටුප් ලබාගත් හිටපු ආරක‍්ෂක ලේකම් ගෝඨාභයගේ සුවච කීකරු ගෝලයෙකු වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ වත්මන් යුධ හමුදාපතිගේ අනුග්‍රහය මත ඉතා යෙහෙන් වැජඹේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඔහුට විරුද්ධව ක්‍රියා කිරීමට ගත් උත්සාහය ගෝඨාභය රාජපකෂ විසින් ව්‍යාර්ථ කරනු ලැබූ අතර ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට විරුද්ධව පවත්වනු ලැබූ පක්ෂග්‍රාහී නඩු විභාගයේ විනිසුරුවරයෙකු ලෙස ක්‍රියාකිරීමට හතුරුසිංහව පත්කරන ලදී. මෙවැනි දේශද්‍රෝහීන් යුද්ධ හමුදාව තුල තවදුරටත් තබාගැනීම තුලින් අප බලාපොරොත්තු වූ සාධාරණ සමාජය යථාර්තයක් බවට පත්කර ගත හැකිද? මෙම නිලධාරියා යාපනය ආඥාපති ලෙස රාජකාරි ඉටුකරන ලද කාලයේදී ගෝඨාභය රාජපක‍්ෂගේ අනුග්‍රහය මත ප්‍රදේශයේ තිබූ යකඩ විකුණා කෝටි ගණන් මුදල් උපයා ගත්තෙකි. එම මුදල් වලට වූයේ කුමක්ද? එම යකඩ මිලදීගත් ව්‍යාපාරිකයා මොහුට ප්‍රාඩෝ රථයක් තෑගි දුන්නේය. යුද්ධ හමුදා නිලධාරියෙකුගේ වැටුපෙන් මෙවැනි දෑ මිලදීගත නොහැක. මේවා පිළිබඳව සොයා බැලිය යුතු නොවේද?
10. ඡන්දය දා රාත්‍රියේ හමුදා කුමන්ත්‍රනයක් සඳහා සියලු කටයුතු සූදානම් කළ බව දැන් ප්‍රසිද්ධ රහසකි. ගෝඨාභයගේ මව් ඒකකය වන ගජබා රෙජිමේන්තුවේ සියලු ඒකක ආරක‍්ෂක බලසේනා ප්‍රදේශ වලින් ගලවා කොළඔට ගෙනාවේ ඇයි? ඒ ගෙනාවේ වත්මන් හමුදාපතිවරයා නොදැනුවත්වද? ඡන්දය දා රාත්‍රියේ 11.00 ට පමණ හමුදා බෆල් රථ හා යුධ ටැංකි කටුනායක ගුවන්තොටුපල දක්වා ගමන් කෙළේ කුමන අරමුනක් සඳහාද? මෙී ක්‍රියා දාමයන් සඳහා නායකත්වය සැපයූවේ අද හමුදා කුමන්ත්‍රණයකට බැහැ කීවා යයි කියා ආණ්ඩුවෙන් ලකුණු දාගන්නා දයා රත්නායකම නොවේද? ඡන්දය දා කඩිමුඩියේ ආරක‍්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවල ඉවත්කර එ් සඳහා සුමේධ පෙරේරා යෙදවූයේ ඇයි? එහි අරමුන කුමක්ද ? යුධ හමුදාපතිගේ අනුදැනුමකින් තොරව මෙවැනි දේ කළ හැකිද?
11. යුධ හමුදාපතිගේ අනුදැනුම මත මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් යුධ හමුදා සාමාජිකයින්ට සෑම වසරකම නොමිලයේ ලබාදෙන ඇඳුම් ආයිත්තම් මෙවර අලංකාර පෙටිටියක බහා කොතලාවල ආරකෂක විශ්ව විද්‍යාලයේදී උත්සවයක් පවත්වා සෙබලුන්ට බෙදා දුන් අතර මෙම උත්සවයේදී බුලත් කොලයට චන්දය දෙන ලෙසට පවසන ලදී. යුධහමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනය කළා කියමින් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ නිලතල අහිමි කළ ඊනියා හමුදා උසාවියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් විසින් බුලත් කොලයට චන්දය දෙන ලෙසට පැවසීම යුධ හමුදා සේවයේ යෙදී සිටිමින් අමු අමුවේ දේශපාලනයේ යෙදීමක් නොවේද? ඔහුම ෆොන්සේකාට දුන් දඬුවමට අද ඔහුව යටත් කළ යුතු නොවන්නේ කුමන හේතු මතද? යුධ හමුදාපතිගේ අනුදැනුමකින් තොරව මෙවැනි දේ කළ හැකිද ? මොවුන් යුධහමුදාවෙන් ඉවත්කර යුධ හමුදාව පිරිසිදු නොකරන්නේ මෙවැනි දූෂිතයන්ගෙන් තමන්ටත් අනාගතයේදී වැඩ කර ගැනීමටද?
12. ඡන්දය ආසන්නයේ යුද්ධ හමුදාව විසින් පොතක් පළකල අතර එහි නම “සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ“ යන්නයි. මෙම පොත යුද්ධ හමුදාවේ සෑම සාමාජිකයෙකුටම ලබා දෙන ලද අතර මියගිය අයගේ නිවෙස් වලටද යවන ලදී. මෙම පොත පලකිරීමට මුදල් ලැබුනේ කෙසේද? මෙය පල කිරීමේ අරමුන කුමක්ද? වත්මන් යුධ හමුදාපතිගේ අනුදැනුම රහිතව මෙවැනි දේ සිදුකළ හැකිද? ජනමතයට බිය වී හමුදා කුමන්ත්‍රනයට පසු බෑ පමනින් මෙම කබල් දූෂිත හමුදාපති වරයා ජනතා වීරයෙක් වෙනවා ද?
වත්මන් යුධ හමුදාපතිගේ තර්ජන මධ්‍යයේ දේශපාලනයෙන් තොරවූ යුද්ධ හමුදාවක් උදා කරගැනීම වූ පරම චේතනාවෙන් අපි අපගේ වටිනා චන්දය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාවිචීචි කෙලෙමු. එබැවින් ඉහත සඳහන් කරුනු නිවැරදි කර යුද්ධ හමුදාවේ පෙර පැවති අනබිභවණීය භාවය උදාකරලීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවැසි පියවර ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.
-යුද හමුදාවේ විසි වසරක් සේවය කරන නිලධාරියෙක්-
---------------------------
by (2015-02-02 18:45:39)
Leave a Reply
That letter is true. i also know that corruptions dune by above mention officers..
-- by Maj Gunasiri (Rtd) on 2015-02-03
යුද හමුදා යහසධක අරමුදල ගණිකාවක් වී ඇත.
යුද හමුදා සාමාජිකයන්ගේ වැටුපෙන් එකතු කරගත් මුදල් වලින් සමන්විත යුද හමුදා යහසධක අරමුදල යුද හමුදා සාමාජිකයන් සේවයෙන් ඉවත් වන විට එකවර ගෙවනු ලබයි. මෙහිදී මෙම අරමුදල පාලනය කරන්නේ යුද හමුදාවේ විවිධ උත්සව අවස්තා වලට මෙම මුදල් ඉතා සූක්ශම ලෙස භාවිතාකර පරිත්‍යාග රැස්කර ගැනීමේ අරමුණ ඇතිවයි. මේ සදහා ඉතා අඩු පොලී අනුපාත වලට මෙම මුදල් බැන්කුවල තැන්පත්කර නියමිත පොලී අනුපාත වලට ලැබියයුතු වටිනාකමට සරිලන පරිදි පරිත්‍යාග රැස්කර ගනී. මෙම පරිත්‍යාග යුද හමුදාවේ විවිධ උත්සව අවස්තා වලට යොදා ගන්නා අතර උත්සව අවස්තා නොමැති විට මෙම අරමුදලේ සේවයකරනු ලබන පෙරේත නිලධාරීන්ගේ විවිධ අවශ්‍යතා වලට ලබාගනී. මෙම මුදල් ආයෝජනය කර ඇති ආකාරය බැලූ විට මෙය තහවුරු කරගත හැකි අතර දිනකට රුපියල් මිලියන ගණන් මුදල් ජන්ගම ගිණුම්වල ඉතිරිකර සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් සදහා දෙනුලබන පොලී අනුපාතයන්ටත් වඩා අඩු අගයන් වලට දිනපතා මුදල් ආයෝජනයට පෙළබී ඇත. මෙය හිතා මතාම සිදුකරන්නේ පරිත්‍යාග ලබාගෙනීමේ අරමුණ ඇතිවයි. මේ නිසා නියමිත පොලී අනුපාතයට අනුව ආදායම මෙම අරමුදලට නොලැබී යයි.
මෙම අහිමිවන ආයෝජන ආදායම නිසා සිදුවන පාඩුව මකා ගැනීමටද විවිධ උපක්‍රම භාවිතා කර පොලී අනුපාතය ඉහල දමාගැනීම සදහා පහත සදහන් තිරිසන් තීරන ගනු ලබයි. ඒවා පහත දැක්වේ.
1. මෙම අරමුදලින් මුදල් ආපසු ගනු ලබන අවස්තා වලදී මුලු අවුරුද්දටම අදාල සාමාජිකයන්ට පොලිය අහිමි කිරීම.
2. මෙම අරමුදලින් යුද හමුදා සාමාජිකයන්ට ලබාදී ඇති ණය මුදල් නැවත අයකර ගැනීමේදී වැඩිපුර අයකර ගැනීම.
3. මෙම අරමුදලින් යුද හමුදා සාමාජිකයන්ට ලබාදී ඇති ණය මුදල් නැවත අයකර ගැනීමේදී වැඩිපුර අයකර එම වැඩිපුර අයකරගත් මුදල් නැවත ගෙවීමේදී විවිධ හේතු දක්වමින් ගෙවීම් ප්‍රමාදකර එම මුදල් ආයෝජනයකර ප්‍රතිලබ ලබාගැනීම හා එම ප්‍රතිලබ නැවත ඔවුන් වෙත නොගෙවීම.
4. මෙම අරමුදලින් යුද හමුදා සාමාජිකයන්ට ලබාදී ඇති ණය මුදල් ඔවුන්ට නොදන්වා ඔවුන්ගේ තැන්පත් මුදල් වලින් කපාහැර අදාල අවුරුද්දටම ඔවුන්ගේ පොලී මුදල් අහිමි කිරීම.
5. ඇබ්සන් සාමාජිකයන්ට පොලීමුදල් අහිමි කිරීම.
6. යුද්ධයේදී මියගිය ඇතැම් සාමාජිකයන්ගේ නියමිත තොරතුරු සොයාගැනීමට අපහසු අවස්තා වලදී සාමාජික මුදල් මෙන්ම පොලියද අහිමි කිරීම.
මෙම සියලුම තීරන ලබාගෙන ක්‍රියාත්මක කිරීම සදහා බලකර සිටින්නේ යුදහමුදා නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසිනි. එමෙන්ම යුද හමුදාපතිතුමාටද මේ බව දන්වා ඇතත් ඒ සදහා තවම ක්‍රියාත්මක වී නැත්තේ ඔහුද මෙම අරමුදලට පහත සදහන් තීරන අරගෙන ලොස් වී අති බැවිනි.
1. සුව සහන ණය යොජනා ක්‍රමය නිසා එහි පොලී ගනනයේදී සිදු වී ඇති අඩුපඩුව හේතුවෙන් මෙම අරමුදලට රුපියල් කෝටිගනනක පාඩුවක් සිදුවීම නිවැරදි නොකිරීම.
2.එම පාඩුව මකා ගනීම සදහා යහසාදක අරමුදලින් ණය ලබාගත් සාමජිකයන්හට පසුගිය වර්ශය සදහා පොලිය අහිමි කිරීමට නියෝග කිරීම.
3.පසුගිය ආණ්ඩුවට වැඩකිරීම සදහා විශාල පරිත්‍යග මුදල් ප්‍රමානයක් මෙම අරමුදල යොදාගෙන උපයාදීම.
4. මෙම වසර ආරම්බයේ රුපියල් බිලියන2ක් වැඩිපුර තිබුනු මුදල් පාලනයකින් තොරව ලබාගෙන අද වනවිට රුපියල් මිලියන 500ක් අඩුවෙන් අරමුදල පැවතීමට කටයුතු කිරීම.
ජනාධිපති තුමනි , වර්තමාන යුදහමුදාපති තුමා කවදාවත් යුදහමුදා සාමාජිකයන්ගේ සුබසාදනය වෙනුවෙන් සොයා නොබැලූ අතර අලුතින් පත්කරන යුද හමුදාපති තුමාහට නිසි පරීක්ශනයක් මෙම අරමුදලේ සිදුකර නිවැරදි පාලනයකට මෙම අරමුදල පත්කර යහසාදක අරමුදලටද යහපාලනයක් ඇතිකරදෙන මෙන් කාරුනිකව ඉල්ලමු.
-- by achani wathsala on 2015-02-03
thawa namak thiyanawa mekata ekathu karanna one Mahindata hondatama kade giya kenek thamai jagath rambukpotha kiyanne kalathuwakku rejimenthuwa nethikarala demma, niladhari athara bheda athi kala, dushitha niladarin araksha kala, Mahindata kade giya nisa election eken passe Israel wala upa thanapathi karala yawanna hitiye. dan mukuth kale nehe wage innawa. Mahinda Rajapakshage hondama golayek thamai jagath Rambukpotha kiyanne
-- by kolitha on 2015-02-03
පහුගිය ආණ්ඩුව හමුදාව පාවිච්චිකලේ තමන්ගෙ දේපොලක් ලෙසයි. නමුත් ඒවාට සහය දක්වපු හමුදාවේ අභිමානය කෙලසූ සියලු නිළධාරීන් තරා තිරමක් නොබලා විනය පරීක්ෂනයකට ලක් කොට නිසි විනය පියවරක් ගත යුතුයි.
-- by ජනතාව on 2015-02-05
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි