~

මරාවාදී තිසර ඕස්ට්‍රේලියාවෙන් පන්නා දමනවා මිස තියාගන්න පෙත්සම් අත්සන් එකතු කරන්න පිස්සුද?

(ලංකා ඊ නිව්ස් -2015.ජන.31, ප.ව.5.25) ඕස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරමින් සිටි තිසර සමරසිංහ රාජ්‍ය තාන්ත‍්‍රිකයකුට වඩා දේශපාලන ගැත්තකු ලෙස සේවය කළ බව නොදන්නා මරාවාදීන් පිරිසක් තිසර  ඕස්ට්‍රේලියාවේම තබා ගැනීම සඳහා පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 

දැඩි මරාවාදියකු ලෙස හා මෛත‍්‍රී විරෝධියකු ලෙස ප‍්‍රසිද්ධියේ කටයුතු කළ තිසර වෙනුවෙන් මේ හඬා වැටීම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආරක්ෂාකර ගැනීම සඳහා කළ හඬා වැටීමේම තවත් එක් ජවනිකාවකි .

තිසර කෙතරම් මරාවාදියකුද යන්න දන්නේ ඔහුගේ සැඟවුණ ක‍්‍රියාකාරකම් දන්නා අයයි.  ඕස්ටේ‍්‍රලියාවේ සිට පළවන සන්නස පුවත්පතේ මහින්ද රාජපක්ෂ රජය විවේචනය කරන ලිපියක් පළවූවා යයි කියමින් එම පුවත්පතට තර්ජන කළේ වෙන කිසිවකු නොව මේ තිසර සමරසිංහ ය.  සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අබමල් රේණුවක හෝ තැකීමක් නැති මේ හමුදා නිළධාරීයාගේ තර්ජනය පිළිබඳ සන්නස පිරිවර  ඕස්ටේ‍්‍රලියා පොලිසියට පැමිණිළි නොකළේ ශ‍්‍රී ලංකා රජයට එයින් අන්තර්ජාතිකව සිදුවන අපකීර්තිය සැළකිල්ලට ගනිමින් ය. 

අභ්‍යන්තර තොරතුරු නොදන්නා ශ‍්‍රී ලාංකිකයන් මුළා කරමින් ගෙනයන මේ පෙත්සම් ව්‍යාපාරය පිළිබඳව දැනටමත් ශ‍්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බැවින් මහින්ද අකුලාගෙන ගියා සේම තිසරටද අකුලාගෙන යාමට සිදුවීම නොවැළැක්විය හැකිය.

මහින්ද ගෙදර ගිය විට රට ගෙනියන්නට කෙනෙක් නැතැයි හඬා වැටුණ පිරිසට මහින්දගෙන් පසුවත් රට ගෙනයන්නට දක්ෂයින් සිටින බව දැන්වත් පෙනීයනු ඇත.  තිසරගෙන් පසුවද තවත් දක්ෂ සුදුසුකම් ලත් සිවිල් රාජ්‍යතාන්ත‍්‍රිකයන් මහකොමසාරිස්වරුන් ලෙස පත්වී එනු ඇත. රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිවිල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ.

-ජගත්-

---------------------------
by     (2015-01-31 13:12:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links