~

ගෝඨා-ඇවන්ට් ගාඩ් සමුද්‍රාරක්ෂක අවි ජාවාරමේ තවත් කොටසක්: එකදු නැවක් හෝ මුහුදක් හෝ නැති රටවලට ගියේ සමුද්‍රාරක්ෂාව දෙන්නද? අවි ජාවාරමටද?

(ලංකා ඊ නිව්ස් -2015.ජන.28. ප.ව.11.45) ආන්දෝලනාත්මක හෙලිදරව්වක් වූ ගෝඨාභය රාජපක්ෂගේ අතුරු හමුදාවන් ලෙස ක්‍රියා කළ රක්නා ආරක්ෂක ලංකා සහ ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවයට අනුබද්ධ නීති විරෝධී අවි ගනුදෙනු වලට සම්බන්ධ ඇවන්ට් මෙරිටයිම් සමුද්‍රාරක්ෂක සේවය පිළිගත් වෘත්තීය ප්‍රමිතීන් අමු අමුවේ උල්ලංඝනය කර ඇති ජාවාරමක් බවට තහවුරු වන තොරතුරු ලංකා ඊ නිව්ස් වෙත අනාවරණය වෙමින් තිබේ. එම තොරතුරු වලට අනුව ඉතා බරපතල ප්‍රශ්න රාශියක් පැන නගින අතර මේ සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂනයක් සිදුකිරීමට නව ලක් රජය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. නමුත් මේ සඳහා දැනට යොදවා ඇති පරීක්ෂන කණ්ඩායම්ද රාජපක්ෂ රෙජීම සමයේ යෙදැවූ ඔවුන්ගේම අන්තේවාසිකයන් විසින් මෙහෙයවනු ලබන බැවින් බලාපොරොත්තු වන ප්‍රථිපල ලැබේවිදැයි යන්න සැක සහිතය. ඒ පිලිබඳව නව ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධනගේ අවධානය යොමුවනු ඇතැයි සිතමින් මෙම හෙලිදරව් කිරීම් වැඩිදුරටත් ගෙන එන්නෙමු. 

මේ තාක් දුරට ලංකාවාසීන් වෙතින් වසන් කොට පවත්වාගෙන ගිය ඇවන්ට් මෙරිටයිම් සමුද්‍රාරක්ෂක ජාවාරමේ කටයුතු කරන සියළුම දෙනා දැනටමත් හමුදා සේවයේ නියුක්ත වූවන් හෝ හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අයවලුන්ය. එහෙත් ශ්‍රී ලංකාවද සාමාජිකත්වය දරණ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ පිළිගත් නියමයන්ට අනුව සමුද්‍රාරක්ෂක සේවාවේ යෙදෙන අයවලුන් නාවික සහ වරාය ආරක්ෂාව පිලිබඳ සහතිකය (ISPS) හෝ නාවික ආරක්ෂක නිලධාරී සහතිකය (SSO) ලබා තිබිය යුතුය. අද පවා දේශීය හෝ විදේශීය නෞකා වල සේවය කරන්නවුන් එම ජාත්‍යන්තර සහතික හෝ අවසර පත් ලබා තිබිය යුතු වුවත් අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව ඇවන්ට් මෙරි ටයිම් සමාගමේ අධ්‍යක්ෂ වරුන්ට හෝ සේවය කරන විදේශිකයන් හට එම සහතික පත් හෝ අවසර පත් නොමැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ කවර හෝ ස්ථානයක වෙළඳ ප්‍රවාහන නෞකාවන්හි සේවය කිරීම සඳහා නාවික හමුදාවේ සේවය කර ඇති පළ පුරුද්ද සුදුසුකමක් ලෙස පිලිගැනෙන්නේ නැත. මේ බව තහවුරු කර ගැනීම සඳහා වෙළඳ නාවුක අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයෙන් අවශ්‍යනම් විමසා දැන ගත හැකිය. 

පිළිගත් කිසිදු ව්‍යාපාරයක් තම ව්‍යාපාරයෙහි සේවයට අදාල වෘත්තීය සුදුසුකම් නොමැති පුද්ගලයන් සේවයෙහි යොදවා නොගන්නා අතර යමෙක් එසේ සේවයට ගැනීමේ තේරුම නම් එය ව්‍යාපාරයක් නොව ජාවාරමක් හෝ මගඩියක් බවයි. ඒ අනුව මෙම සමාගම කරන්නේ අප මීට පෙර ලිපියකින්ද පෙන්වා දුන් පරිදි ත්‍රස්තවාදීන් වෙත ආයුධ සැපයීමේ ජාවාරමක් බවට තහවුරු වීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.

ඇවන්ට් මෙරිටයිම් සමාගමේ අධ්‍යක්ෂ වරුන්ගේ විදේශ ගමන් පරීක්ෂා කරනු ලැබුවහොත් ඔවුන් මියන්මාරය, සෝමාලියාව, එරිත්‍රියාව, සූඩානය, මොසැම්බික්, ෂීසෙල්ස්, කෙන්යා, බෙනින්, මුරුසිය, ටැන්සානියාව, චැඩ්, නයිජීරියාව, ටොගෝ වැනි රටවල සංචාරය කර ඇති බව හෙලිදරව් වනු ඇත. ඒ අතර චැඩ් වැනි රටවලට මුහුදක් හෝ එකදු වෙළඳ නැවක් හෝ නොමැති නමුත් ඒ සියළු රටවල දකින්නට ඇති පොදු ලක්ෂණය වන්නේ ඒ සෑම රටකම ත්‍රස්තවාදී කල්ලි සහ සංවිධාන පැවතීමය. බෙනින් රටට එකදු නැවක් හෝ නැත. සෝමාලියාවට ඇත්තේ එක නැවකි. මොසැම්බික් රටේ ලියාපදිංචි නැව් දෙකකි. ඒ දෙකද අයිති බෙල්ජියමයටය. නමුත් මේවායේ සන්නද්ධ ත්‍රස්ත කල්ලි එමටය. ඇවන්ට් මෙරිටයිම් ජවාරම් කරුවන්ගේ තිප්පොලවල් වී ඇත්තේ මේ රටවල්ය.

මීට අමතරව මතුවන තවත් ප්‍රශ්නයක් නම් දැනට නාවික හමුදාවේ සේවයේ නියුක්ත නොවන හිටපු නාවික හමුදා අද්මිරාල්වරයෙකු විදේශීය සමග හමුදාවන් සමග කරනු ලබන සාකච්ඡාව කුමක්ද? යන්නයි. එවැන්නක් තිබිය නොහැක.

අප වෙත තොරතුරු හෙලිදරව් කරන පුද්ගලයා ප්‍රකාශ කරන්නේ මෙම ජාවාරමේ දී අලෙවි කරනු ලබන ආයුධ යුක්රේනයෙන් ලබා ගැනීමේ අතරමැදි කාර්යභාරය ඉටු කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග බවයි. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවන් මීට පෙරදී දැනුම් දී තිබුනේ උදයංග වීරතුංග විසින් ගුවන් මගින් ගෙන එන ලද අවි ආයුධ තොගයක් කටුනායක ගුවන් තොටුපොලට පැමිණි ගෝඨාභයගේ ආරක්ෂක රථ පෙලක් විසින් නියමිත කිසිදු නීතිමය පටිපාටියකින් තොරව කිසිදු ලියැවිල්ලක සටහන් නොතබා පටවාගෙන ගිය බවයි. ඒ අතර ස්නයිපර් තුවක්කු තිබුනු බවද වාර්තා විය. මීට අමතරව මෙකී ඇවන්ගාඩ් මෙරිටයිම්  ජාවාරම් කරුවන් මියන්මාරය සහ පකිස්ථානය වෙතින් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම් ද සිදුකර ඇති බවත් එම ගණුදෙනු වලින් ලැබුණු මුදල් විශුද්ධි කරණය කරන ලද්දේ සීෂෙල්ස් හිදී බවත් වැඩි දුරටත් කියැවේ. ඒ සඳහා අද්මිරාල් ඉලංගකෝන් වසරකට කිහිප වතාවක් සීෂෙල්හි සංචාරයක කර තිබේ. 

මෙසේ ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් බිලියන ගණන් මුදල් උපයා ඇති ඇවන්ට් මෙරිටයිම් සමාගම තම අධ්‍යක්ෂ වරුනට මසකට රුපියල් දස ලක්ෂය බැගින් පඩි ගෙවන අතර තුර පසුගිය අවුරුදු දෙක තුන තුල ලැබූ ලාභය ලක්ෂ 30 ක් පමණක් බව පසුගියදා සිදුකළ පරීක්ෂණ වලදී ප්‍රකාශ කර තිබීම පිලිගත හැකිද? ඇවන්ට් මෙරිටයිම් ආරක්ෂක සේවය එක් විදේශ වෙළඳ නෞකාවක් සෝමාලියානු රතු මුහුදු සීමාව පසු කරනු සඳහා දිනකට අයකරනු ලබන මුදල ඇමරිකන් ඩොලර් 12,000 කි. එම අවදානම් කලාපය පසුකර යාමට අවම වශයෙන් ගතවන කාලය දින 7 කි. එනම් එක් නැවකට ඩොලර් 84000 කි. ශ්‍රී ලංකාවේ මුදලින් එක්කෝටි නව ලක්ෂ විසි දහසකි. මෙම මුදල් ඇමරිකන් ඩොලර් වලින් වෙනත් රටක ඇති බැංකු ගිණුමකට බැර කළ යුතුය. තත්ත්වය එසේ තිබියදීත් ඔවුන් අපට කියන වසර දෙක තුනටම රුපියල් ලක්ෂ 30 ක් ලාබ ලැබූවා යයි කියන එම ප්‍රකාශය සත්‍ය ලෙස සලකා පිලිගත යුතුද? 

ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ට් මෙරිටයිම් සමාගමට එල්ටීටීඊ නායක කේපී අනගි සම්පතක් බවට පත් වන්නේ ඔහු ඒ වන විටත් ජාත්‍යන්තර අවි ජාවාරම් කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ගොඩ නගා ගෙන ඇති සබඳතා හේතුවෙනි. අනෙක් කරුණ කේපීගේ නමින් ලියාපදිංචි කර ඇති නෞකාවන් මගින් එම අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පහසු වන නිසාත් ය. කේපීගේ හිමිකාරත්වය ඇති නෞකාවන් හොන්ඩියුරාස් සහ මියන්මාරයේ ලියාපදිංචි කර ඇති අතර ඒවායේ සේවය කරනු ලබන අය බහුතරයක් එල්ටීටීඊ සටන්කාමීහු වෙති. සෙසු පිරිස් අතර යුක්රේනය වැනි රටවලින් පැමිණියවුන් සිටිති. ඉන් සමහර අය ඉතා හොඳ ස්නයිපර් ඉලක්කකරුවන් බව අපගේ තොරතුරු මාර්ගය විශ්වාසයෙන් ප්‍රකාශ කර සිටී.

තවත් අතෙකින් බැලූ කල ඇවන්ට් මෙරි ටයිම් සමාගම විසින් සේවයෙහි යොදවා ඇති විදේශීය කුලී හේවායන් සේවයෙහි යෙදවීමේ දී විදේශිකයන් ශ්‍රී ලංකාවේ සේවයේ යෙදවීමට අදාල සේවා නියුක්ති නීති රීති සහ අණ පනත් අනුගමනය කර නැත. එක් අවස්ථාවක එවැනි කුලී හේවායෙකු උණවටුනේ හෝටලයකදී දේශීය පිරිසක් සමග බීමතින් ආරවුලක් ඇති කරගෙන තිබේ. පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බීමත් විදේශිකයා තමන්ට ආරක්ෂක ලේකම්වරයා සමග සබඳතා ඇති බවට පුරසාරම් කියා තිබේ. ඔහුගේ කීම සනාථ කරමින් විනාඩි කිහිපයක් යාමට මත්තෙන් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉහලින් ආ දුරකථන ඇමතුමකින් විදේශිකයා වහාම නිදහස් කර හරිනු ලැබිණ.

තිලක් මාරපන හෝ කිසිවෙක් මේ භයානක අවි ජාවාරම ගැන පරීක්ෂන යට ගහන්නට හෝ සාධාරණය කරන්නට උත්සාහ කරන්නේ නම් ඔවුන් මේ ලෝකයේ ත්‍රස්තවාදයට උදව් කරන්නන් සේ සැලකීම වරදක් නැත 

(රූපවාහිනී සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා සෝමතිලක දිසානායක, නිස්සංක සේනාධිපති, අද්මිරාල් ඉලංගකෝන් ආදීහු මෙහි දැක්වෙන සේයාරූ වල සිටිති)

(මතු සම්බන්ධයි)

---------------------------
by   ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි   (2015-01-29 00:31:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ISPS certificate is issued to the ship and only 1 person with SSO certificate, usually ships master or chief officer, is sufficient. Armed guards are not considered as ships crew therefor they are exempted from many certificated required by merchant seaman. Please don't lie to people, we had enough of it.
-- by Asela on 2015-01-30

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links