(ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ප.ව.11.30) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යලිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.
ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය.
පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ.
කෙසේ වෙතත් ඊයේ (21) හදිසියේම තමන් ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයි ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් ගේ අත්සන සහිත ලිපියක් ද රැගෙන කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් ආයතනයට කිසිදු දැනුම් දීමකින් තොරව කඩා වැදුනේය. ඔහු පැමිණියේ තනිව නොවේ. මීට වසර ගණනකට පෙර ටෙලිකොම්හි කරන ලද දූෂන ගැන සොයා බැලීමට විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර ගේ නායකත්වයෙන් පත් කළ කොමිසමකින් දූෂිතයෙක් ලෙස නම් කර එළවා දැමූ ටෙලිකොම් සමාගමේ හිටපු මානව සම්පත් කළමණාකරු ජයන්ත තිලකරත්න නමැති දූෂිතයාද සමගය.
බලහත්කාරයෙන් සභාපති ආගාරයේ යතුර රැගෙන විවෘත කරවා ගත් කුමාරසිංහ තමා අද සිට ටෙලිකොම් සභාපති වූවා යැයි අනෙකුත් නිලධාරීන්ට දැනුම් දුන්නේය. මොහු ජනාධිපතිගේ මල්ලී නිසා සභාපති ලේකම් ද ප්‍රධාන විධායක නිලධාරියාද ඉවසා ගනිමින් දැනුම් දී ඇත්තේ තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ මුදල් ඇමැති රවි කරුණානායක හෝ ටෙලිකොම් නව ඇමැතිවරයා ලෙස පත් කළ මංගල සමරවීර හෝ මෙවැනි පත් කිරීමක් ගැන දැනුම් දී නැති බවයි.
තමා ජනාධිපතිගේ මල්ලී යැයි ද ජනාධිපති ලේකම් තමාව ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයිද කුමාරසිංහ එවිට පැවසීය. එවිට එහි නිලධාරීන් සාමකාමීව තේරුම් කර දුන්නේ ටෙලිකොම් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති ලේකම්ට බලයක් නැති බවත් ටෙලිකොම් වැඩි කොටස් හිමි වන්නේ මහා භාණ්ඩාගාරයට නිසා මේ පත් කිරීම් සිදුකළ හැක්කේ නීතියේ හැටියට භාණ්ඩාගාර ලේකම් වරයාට බවයි.
ඉන්පසුව යලි පෙර කී දූෂිත ජයන්ත තිලරත්නද සමග පිටත්ව ගිය කුමාරසිංහ සිරිසේන යලි සවස පැමිණියේ භාණ්ඩාගාර ලේකම්ගේද ලිපියක් සහිතවය. ඉන්පසුව අද උදෑසන යලි පැමිණ නිල වශයෙන් පොල්තෙල් පහනක් දල්වා රාජපක්ෂලාටත් බණ කියන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද කැඳවා වැඩ බාර ගත්තේය.
මෙම වැඩ බාර ගැනීමේ උත්සවයට දූෂිත ජයන්ත තිලකරතන්න මදිවාට තවත් දූෂිතයෙක් රැගෙන විත් තිබිණ. ඔහු නම් පසුගිය මැතිවරණයේදී රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මොබිටෙල් ආයතනය සම්පූර්ණයෙන්ම දූෂන ගුලාවක ගිල්ල වූ එහි ප්‍රධාන විධායක රංජිත් රූපසිංහද සමගය. ( ජනවාරි 12 දා ලංකා ඊ නිව්ස් ඔහුගැන පළකළ “මැතිවරණ දූෂණයේ යෙදුනු මොබිටෙල් ප්‍රධාන විධායක රංජිත් රූපසිංහ හිරේ දමා අප ආයතනයේ යහපාලනය පිහිටුවනු මැනවි -මොබිටෙල් සේවකයන්ගෙන් පෙත්සමක්“ නම් ප්‍රවෘත්තිය කියවන්න)
‘මල්ලීට මේ රජගේ අය්ය සැදූ‘ අද පැවැති මෙම නිල උත්සවයේ තවත් ප්‍රධාන චරිතයක්ව සිටියේ රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වූ කාලිංග ඉන්ද්‍රතිස්සයි. කාලිංග දැනට සිටින ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ වරයෙක් වන නමුත් වසර 4 ක් තිස්සේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් දෙක තුනකට වැඩියෙන් සහභාගී වී නැති නමුත් ටෙලිකොම් වියදමින් විදේශ සංචාර 50 ක් පමණ ගිය අයෙකි.
මෙම උත්සවයට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කැපී යන අය සහභාගී වූයේ නැත. ඒ අතර ටෙලිකොම් හිටපු සභාපති නිමල් වෙල්ගම, ජයන්ත ධර්මදාස සහ චමල් පුත් චමින්ද රාජපක්ෂ විය. සාමාන්‍යයෙන් කැපී යන අය නව සභාපතිගේ උත්සවයට නොපැමිණ සිටියදී කාලිංග ඉන්ද්‍රතිස්සගේ පැමිණීමෙන් ගම්‍ය වන්නේ නව අධ්‍යක්ෂ මණ්ඩලයටත් කාලිංගයා, මාඝ සේ ටෙලිකොම් දුෂ්ඨයෙක්ම වෙන බවයි.
ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට අයත් විය යුතු වුවද නව අමාත්‍යාංශ බෙදීම් අනුව පත් කර ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ටෙලිකොම් ඇමැතිගේ වගකීම් ධාරාවටය. සමරවීර ටෙලිකොම් ඇමැති වූවද එහි සභාපති කුමාරසිංහ පත් කරන බව වත් ඔහු දන්නේ නැත. අනෙක් අතට ටෙලිකොම් සමාගමට සභාපති වරයෙක් පත් කළ යුතු නිල ක්‍රමවේදය ජනාධිපති ලේකම් අබේකෝන්ද දැන ගෙන සිට නැත. දන්නවා නම් ලියුමක් දී පියුං කෙනෙක් එවන්නා සේ සභාපති වරයෙක් එවන්නේ නැත.
ජනාධිපති මෛත්‍රී, අබේකෝන් වැනි ප්‍රොටෝකෝල් නොදන්නා, ද්විභාෂා කෙසේ වෙතත් එක් භාෂාවක් හෝ හරියට නොදන්නා පුස්සෙක් තම ජනාධිපති ලේකම් කර ගැනීමේ දී ලේකමා මෙවැනි ගොං වැඩ කරාවි යැයි ලංකා ඊ නිව්ස් ඇතුළු අනෙකුත් මාධ්‍ය අනන්තවත් අනතුරු අඟවා තිබිණ.
අද සිදුවීමෙන් පසු මේ ඇරඹෙන්න යන්නේ ‘මෛත්‍රී රෙජීමය‘ විය හැකියැයි සැක සිතෙන බැවින් ජනතාවට අවදියෙන් සිටින ලෙස ජනතාවට වග කියන මාධ්‍යයක් ලෙස පූර්ව අනතුරු අැඟවීමක් කරමු.
ඉඟුරු ඇති මිරිස් එපාමයි..!
---------------------------
by (2015-01-22 22:15:11)
Leave a Reply
I doubt whether MY3 is supporting MR underhand. Otherwise he won't appoint such people into these positions. Let us see what is happening.
-- by Harry Tennakoon on 2015-01-22
Can you Convey this message to Appropriate minister please...................
What is happening to Dual Citizenship ? The web site says its under consideration. Well if they have issues with TAMIL Diaspora tell them to investigate them later and start with Sinhalese Sri lankans who are in other countries and expedite the matter. (Birth Certificate , NID and police report will be sufficent enough to obtain this visa)
-- by Balaya on 2015-01-22
Ane Maithreepala Mahaththayo...
Mokakda me kale obathuma??
-- by Helaya on 2015-01-23
ANE MAITHRREPALA MAHATHTHAYO MOKAKDA ME KALE...?
-- by Helaya on 2015-01-23
Mythri. We're strictly against such appointments. Do rectify it. Otherwise we will have to prepare the slogans against you.
-- by nihal on 2015-01-23
Every body need to protest against this family rule politics.. I did not think Maithripala is such a fool. This government is only two weeks. What will happen in future. Is it the same as earlier one?
-- by sam on 2015-01-23
oh my god.... whats the hell... plz people send some petitions regarding this issue... i beg JVP to involve this and sort this out. plz give post as for qualifications not for relatives....
God Save us....
-- by anonemous on 2015-01-23
LOOKS MITHREE SLOWLY APPROACHING TO RAJAPAKSA'S PATH , BUT IF THEY GIVE UP THERE PROMISES THEY WILL SUFFER IN NEXT ELECTION AFTER 100 DAYS. CAREFUL RANIL AND MITHREE NOW WE ALSO GET FED UP WITH YOU GUYS.
-- by mahinda on 2015-01-23
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පී. කේ. කුමාරසිංහ මහතා පත් කෙරේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම ඊයේ (22) දා සිදු කෙරුණි. රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ උපාධිධාරයෙක් වන ඒ මහතා විද්වතෙකි.
ඉඩම් සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණය සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති කුමාරසිංහ මහතා ලංකා දැව සංස්ථාවේ ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා හා සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළේය.
ඒ මහතා ශ්‍රී ලංකා ගණකාධිකාරි ආයතනය මඟින් පිරිනමන ව්‍යාපාර, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු මුල්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ධාරියෙකි. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරයෙකු වන ඒ මහතා උපාධි හා පශ්චාත් උපාධි රැසකින් පිදුම් ලැබුවෙකි.
-- by Rahula Perera on 2015-01-23
Kumara Sirisena is a qualified professional senior officer. People knows about him and that he is a pure man in the government sector. Even-though he is president's brother, it is does not mean that he is not suitable for a position in government sector. Because he already have been in the government senior position for a long time. I think it is unreasonable to call it is a politics appointment. We are happy with E-News publication because they bring out actual situations in Sri Lanka most of the time. However, if publications are made like the one above without any proper evidence, I think it would hinder E-News.
Whether it is Mahinda or Maththri, if they have done any political appointment for their close family members, we don't agree with them. But is there any other past leaders in the world that has not appointed a close relation to a political position? if that is the case then we can consider above news. So, these type news doesn't not need to be overly highlighted than what the actual situation is.
E-News can do a lot of work. but please publish the actual situation instead tipping the story only to a one side. Even the public don't like unreasonable accusations for anyone.
-- by Dayen Prathap on 2015-01-23
It will be ok if some one is qualified regardless of the relation ship.
-- by kala on 2015-01-23
I can't believe the story as I knew this guy between 1987 and 2001 and he was my confidante and I had the greatest respect for the man. A very honest, exemplary, diligent and educated accountant However photographic evidence is here so I ought to believe it but I hate that I got to witness this shitty act from a person I regarded as one who set baselines for professional behaviour for others in the organisation during my time. Aren't you ashamed Kumara ? Where are those values. Now I am convinced decision to leave my country is well jstified.
YSK Perera
-- by YSK.Perera on 2015-01-23
mu tharam kasada jara rajya niladarin mama dakke ekkenai. meya gana ahaganna puluwan okkogenma. Eka minihekuta udata enna me miniha ida dunne naha. minissunwa paga paga apahasa kara kara thamai hitiye. Minissunwa sanwardhanaya karanna aakalpa wardhanaya karanna genapu wadasatahanakatath me yaka wiruddawela e awasthwath ayatahnaye sewakayanta nathi kala. Buthayek. Pal horek. Muduma, arthmarthakamie minihek. mu chairman kamata nemei wasikiliyak hodaganna eketawatha mole naha. e kiyanna buddiya. Thawa katha wada hungak thiyanawa. ayathna winasa karanna upan baduwa. Api mekatada chande dunne, api masa ganan minissunta kiwwa wenasak one kiyala. apai banum ahuwa. bayen hitiya. ethe jara minissu raja wenawa
-- by Parakrama on 2015-01-23
SLT Chairman doesn't have executive powers. He is just head of the board of directors. He can influence for director's decision but cannot rule anything.CEO is the most powerful person. Current CEO should be chased out first and should appoint talented foreigner like Greg Young. He is the most successful CEO of SLT having immense subject knowledge in all areas in telecom sector and saved SLT for the future at tough competitive time with other Telcos. But SLT Engineers hate him as they couldn't manhandled Greg. SLT Engineering mafia is now very strong under clueless Lalith silva.
-- by Lanka Perera on 2015-01-23
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි