~

මැතිවරණ දූෂණයේ යෙදුනු මොබිටෙල් ප්‍රධාන විධායක රංජිත් රූපසිංහ හිරේ දමා අප ආයතනයේ යහපාලනය පිහිටුවනු මැනවි -මොබිටෙල් සේවකයන්ගෙන් පෙත්සමක්

(ලංකා ඊ නිව්ස් - 2015.ජන.12, ප.ව.11.45) මොබිටෙල් ආයතනයේ සිදුවූ වංචා, දුෂණ හා මැතිවරණය කාලයේ සිදුවූ ආයතනයේ සම්පත් අයතා ලෙස යොදාගැනීම මහජනතාව හමුවේ දැනුම්දීමට කැමැත්තෙමු.

ප්‍රධාන විධායක නිලධාරී - රංජිත් ගංගානාත් රූපසිංහ 
පත්වූ අවුරුද  - ජුලි 2014
ආවේ කෙසේද - නාමල් රාජපක්ෂට කඩේ යාමෙන් පමණි 
පාසැල  - වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය  
ගම - හම්බන්තොට 

මොහු පැමිණ මාස පහක් ගතවුවත් ආයතනය වෙනුවෙන් කිසිවත් නොකළ තමාගේ උන්නතිය උදෙසා පමණක් වැඩ කර ගන්නා ලදී. දවසින් දවස මොබිටෙල් සිග්නල්  අඩුවෙද්දී හා ඩොන්ගල් ගැලවෙද්දී මුනිවත රැකි රංජිත් රූපසිංහ තමාගේ වැටුප මාසිකව රුපියල් 15,00,000 ක්ද නවීතම Audi කාරයක් පළමුවද, Toyota hybrid කාරයක් දෙවැනිව ද ලබමින් අප ආයතනයට ශතයක වැඩක් නොකර රාජපක්ෂට තවමත් කඩේ යමින් සිටී. ඔහු විසින් සිදු කල වංචා, දුෂණ හා මැතිවරණය කාලයේ සිදුවූ ආයතනයේ සම්පත් අයතා ලෙස යොදාගැනීම් පහතින් දැක්වේ,

1. ERP project එක සඳහා විශාල ප්‍රමාණයේ කොමිස් මුදලක් ලබා SAP අතහැර oracle ගැනීම (මෙය පිටුපස SLT ආයතනයේ ලලිත් ද සිල්වා හා නාමල් රාජපක්ෂ ඇත.)

2.අප ආයතනයේ Hoardings ගලවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ Cutout ගැසීමට උපදෙස් දී ඒවායේ වියදම ආයතනෙයෙන් දැරීම. මෙම hoarding සියල්ල කුමා ස්ටිකර් (හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නෑදෑයන් ) වෙත පවරා කොමිස් ගැසීම.

3. අප ආයතනයේ වෙළඳ දැන්වීම් අඩුකොට ඒවා වෙනුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ චන්ද දැන්වීම් පලකිරීම හා වියදම ආයතනයෙන් දැරීම.

4. TRC අනුෂ පැල්පිට සමග එක්ව හොර රහසේ "කළගුණ " පැකේජය එලි දැක්වීම. මෙය  නීති විරෝධී බැවින් මැතිවරණ කොමසාරිස් වරයා විසින් වහාම නවතන ලදී 

5. අප ආයතනයේ SMS පණිවිඩ හරහා කිසිදු මුදල් ගෙවීමකින් තොරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පණිවිඩ යැවීම.

6. මැතිවරණ නීතිය කඩකර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ voice recording  ග්‍රාහකයන් වෙත යැවීම. මෙය බරපතල මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.

7. තම සේවකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි TRC හොර වැඩ වෙත යැවූ රංජීත් රුපසිංහ (Ex. Dhananjaya Palathiranthna - Manager Telco System ) තම බලය අයථා ලෙස යොදා ඇත.

8.සේවකයන්ට බලපෑම කල රංජිත් රුපසිංහ ප්‍රසිද්ධියේ චන්දය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත දෙන ලෙසට බලපෑම් කරන ලදී.

9. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බෙදීමට ගෙන ආ mobile phones (5000-6000) තවමත් අප ආයතනයේ ඇත.

10. අවශ්‍යතාවයක් නොමැතිව යාපනයේ මොබිටෙල් ශාඛාවක් ඇරඹීම. ප්‍රධාන වශයෙන් උතුරේ චන්ද මහින්දට එකතු කිරීමට මෙය කරන ලදී

මෙම සියල්ල සම්පූර්ණ සත්‍ය වන අතර සොයා බලා මොහුට ඉක්මනින්ම දඬුවම් දෙනලෙස ඉල්ලා සිටිමු. ආයතනය වෙනුවෙන් කිසිදු දෙයක් නොකර රාජපක්ෂ පවුලට කඩේ ගිය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කළ මේ බල ලෝභියා සිරගෙට යවා අප ආයතන තුල යහපාලනයක් පිහිටවන ලෙස නව ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

මීට 

මොබිටෙල් සේවක පිරිසක්

---------------------------
by     (2015-01-12 21:57:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

http://www.slt.lk/sites/default/files/reports-html/annual/2013/2013/lt.html Ranjith G. Rubasinghe holds a wealth of experience in the fields of Communication and IT in various national and multinational organisations and has been with Sri Lanka Telecom for 12 years. He is a Chartered Engineer, Representative Fellow of the Council and the Chairman of the Electrical & Electronic Engineering Sectional Committee of the Institution of Engineers, Sri Lanka (IESL) with a MBA from the University of Colombo, BSc Engineering in Electrical and Electronics, a Postgraduate Diploma in Engineering. Rubasinghe is also a certified member of the Sri Lanka Institute of Marketing (SLIM) and an associate member of the Institute of Personal Management (IPM).
-- by mahinda on 2015-01-14

නම...රංජිත් ගංගානාත් රුබසිංහ, ගම..වීරකැටිය ....නම ගමවත් හරියට ලියපල්ල
-- by Weeraketiya on 2015-01-15

උපහාර බිල් වසරකට වැඩි කාලයක් තිස්සේ වංචා කල බවට අප බොහෝ දෙනා අතර සාධාරණ සැකයක් පවතී. අනුග්‍රහය දැක්වීමට එම මුදල් ද? මොබිටෙල් ස්වයංක්‍රීය ජාලයේ අක්‍රමවත් බව ද ඒ සමගම ආරම්භ විය.
-- by Samarasinghe on 2015-01-15

Den Wedak Ne. Uth eki muth ekai
-- by Indrajith on 2015-07-06

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links