(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.12, ප.ව.10.30) වැඩ අල කරන විරුවාගේ ආණ්ඩුවේ ඇති චීන ගැති කම කොතෙක්දැයි යත් කොරෝනා ආරම්භ වූ චීනයෙන් ලංකාවට එන එකදු චීන ජාතිකයෙක් හෝ කිසිදු නිරෝධායනයකට ලක් නොකරන බවත් ඒ වෙනුවට දින 14 ක නිරෝධායන වැඩ සටහනට යොමු කරන්නේ ඉතාලියේ දකුණු කොරියාවේ සහ ඉරානයේ සිට එන මගීන් පමණක් බවත් ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ප්‍රකාශ කරයි.
ඒ අනුව පසුගිය දින 3 ක දී පමණක් කිසිදු නිරෝධානයකට ලක් නොකළ චීන ජාතිකයන් 240 ක් රට තුලට පැමිණ ඇතැයිද මෙය බරපතල තත්ත්වයකැයිද විජිත හේරත් අවධාරණය කරයි.
මේ අතර ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ පසුගිය පෙබරවාරි 1 වෙනිදා සිට ඊයේ මාර්තූ 11 දක්වා චීනයේ සිට ලංකාවට පැමිණි චීන ජාතිකයන් ගණන 2741 ක් බවයි. ඒ කිසිවෙකු හෝ නිරෝධානයකට ලක් කර නැත. ඒ චීන ජාතිකයන් ගුවන් තොටුපොලින් රට ඇතුලට එද්දී ලබා දී ඇති තොරතුරුද බොහෝ ඒවා ව්‍යාජ ඒවා බව පැවසේ. විශේෂයෙන්ම ඔවුන් ලබා දී ඇති මෙරට සහ චීන ලිපිනයන් බොහෝ ඒවා ව්‍යාජ ඒවා ය.
මෙයින් පෙනී යන්නේ වැඩ අල කරන විරුවාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ 'චීන්නු දෙනවා නම් කොරෝනා වුනත් ඉඹලා බාර ගන්නම්' යන දේශද්‍රෝහී ජනතාද්‍රෝහී එකක් බවයි.
මේ අතර ගෝඨාභයට චන්දය දීමට ජාතික කොඩි රැගෙන ආ ඉතාලියේ සහ දකුණු කොරියාවේ රැකියාවට ගොස් සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෝඨාභයගේ හමුදාමය මෘග නිරෝධායන වැඩ සටහනට විරුද්ධ වීම නිසා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ “අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න” කියා ය.
මේ අතර අද කොරෝනා අසාදනයට ලක් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා අද ලංකාවෙන් වාර්තා වූ අතර ඔහු 44 වියේ පසුවන අයෙකි. ඔහු අයඩීඑච් රෝහලට ඇතුලත් කිරීමෙන් මඳ වේලාවකට පසු ඔහු සමග නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට ද කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ. ඒ අනුව අද වන විට දෙදෙනෙකි. මෙය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශ කරන ලද්දකි.
විජිත හේරත්ගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින්
---------------------------
by (2020-03-12 21:10:13)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි