~

ප්‍රසන්න රණතුංගගේ කුම්භාණ්ඩය

තිලක් ‌දෙමටමල්පිටිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.12, ‌ප.ව.4.30)  මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගට හරහට පහර දෙන පොහොට්ටුවන් අතර ප්‍රමුඛ චරිතය වන්නේ ප්‍රසන්න රණතුංගයි.

ඔහු විසින් වැඩිපුරම ප්‍රහාර එල්ල කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටය. මෛත්‍රිපාල සිරිසේන විසින් කියු උකුස්සා කතාව ප්‍රසන්න රණතුංග සාද්‍ය විවේචනයට ලක් කළේ මෛත්‍රිට හතර ගාතෙන් වැටෙන්නට ප්‍රහාර එල්ල කරමිනි.

ඊයේ පෙරේදා ඔහු අලුත් කතාවක් කීවේය.

ඒ් “අපේ නායකයෝ ගාවට ලංවෙන්න එන කුම්භාණ්ඩයින්ට එන්න නොදී මම මුරකාරයෙක් වෙනවා”  කියාය.

කුම්භාණ්ඩයා යනු කව්ද? කුම්භාණ්ඩයා යනු අමනුස්සයෙකි. කුම්භාණ්ඩයා පිලිබඳ වරක් බූදුන් වහන්සේ විසින් දේශනා කළ එක් සූත්‍රයක දැක්වෙන්නේ උන්වහන්සේ කුඹුරක් මැඳින් ආනන්ද හිමියන් සමග ගමන් කරද්දී සිදු වු සිදුවීමක් සම්බන්ධයෙනි.

බුදුන් වහන්සේ නිතරම සිනාසෙන අයෙක් නොවේ. නමුත් උන්වහන්සේ සිනා පහළ කරන්නේ කිසියම් හෝ හේතුවක් ඇතිවය. නිතරම සතුටු මුහුණක් ඇති බුදුන්වහන්සේ තුළින් මෙම අවස්ථාවේ දී සිනා පහළවීම පිළිබඳව ආනන්ද හිමියෝ බුදුන්වහන්සේ ගෙන් කරුණු විචාලේය.

“ආනන්ද. අප යන පාරේ අයිනක කුම්භාන්ඩයෙක් අප දෙස බලාගෙන සිටී” යැයි බුදුන්වහන්සේ වදාළේය.

“ඉතිං ඔබ වහන්සේ සිනාසෙන්නේ ඇයි” දැයි ආනන්ද හිමියන් ඇසුවේ ආනන්ද හිමියන් බුදුන් ඇසුරේ සිටියද උන්වහන්සේට රහත් භාවය ලබා ගැනීමට නොහැකිවීම නිසාය. ඒ් නිසා ආනන්ද හිමියන් කුම්භාන්ඩයා දැකීමට තරම් මනස දියුණු කර තිබුනේ නැත. 

“ආනන්දය. මේ කුම්භාණ්ඩයා  වාඩි ගෙන සිටින්නේ ඔහුගේම විශාල වෘෂණ කෝෂ මත. විශාල බඩගෙඩියක් හා කෙසග පාද ඇති මේ කුම්භාණ්ඩයා ඔහුගේ පෙර මනුෂ්‍යාත්මභාවයේ දී නිවැරදි මිනිසුන්ට අපහාස කළේය. අනුන් සතු දෑ පැහැර ගත්තේය.  හොරකම් කළේය. දැන් ඔහු කුම්භාණ්ඩයෙක් වී උත්පත්තිය ලද්දේ යැ” යි උන්වහන්සේ දේශනා කලේය.

“කුම්භාණ්ඩ”  යන වචනය ගත් කළ එය කුම්භ+ අණ්ඩ යනුවෙන් විසන්ධි කළ හැකිය.

කුම්භ යනු කළ ගෙඩියයි. අණ්ඩ යනු අණ්ඩ කෝෂ හෙවත් වෘෂණ කෝෂයි. කළගෙඩියක් වැනි අණ්ඩකෝෂ ඇත්තා කුම්භාණ්ඩයා වේ.

එම අර්ථයෙන් ගත් කළ කුම්භාණ්ඩ කතාව ප්‍රසන්න රණතුංගට මතක් වීම සාධාරණය. මක්නිසාද යත්, ඔහුගේ ශරීර ස්වභාවය ගත් කළ ඔහු හා කුම්භාන්ඩයා අතර වෙනසක් නැත. එමෙන්ම මුර කරන්නේ බහිරවයා යි. පැරණි මුරගල් දෙස බලන විට එහි ඇති මුරගල්වල සිටින පුද්ගලයින් අලි බඩගෙඩියක් හා විකාර මුහුණු සහිත පුද්ගලයෝය. 

ප්‍රසන්න රනතුංගගේ කතාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් ප්‍රබලයෙක් මට කතාවක් කීවෙිය.

“ගෝඨාභය මහත්තයා දිනුවට මහමැතිවරණයක දී මේ අයට දිනන එක ලේසි නෑ. මොකද ඔයා හිතනවාද ගෝඨාභය මහත්තයා තරමට රෝහිත අබේගුනවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. ඒම් චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, කෙහෙලිය රඹුක්වැල්ල වගේ එවුන් මිනිසුන්ට ඔ්නෑ වෙලා තියෙනවා කියළා. සමහරු දැන් ඡන්දෙ ගන්න ප්ලාස්ටික් පුටු බෙදනවා. රැකියා ඉල්ලුම් පත්‍ර මිටි ගණනින් බෙදනවා. මිනිස්සු රවටන්න. පසුගිය කාලය තුළ ඔය මිනිස්සු මිනිස්සුන්ට රස්සාවක් තියා අඩු තරමින් බෝක්කුවක්වත් හදලා නෑ. 

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමැතිවරු විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ් හන්දා දැන් ඒ් අයට බයක් තියෙනවා පරාජය වෙයි කියළා. ඒ්කයි ඔය යක්කු අපිට මඩ ගහන්නේ.” 

එක් අතකට මෛත්‍රිපාල සිරිසේන විසින් මේ රටට කළ විනාශය දෙස බලන විට එම ප්‍රකාශයක් ඇත්ත විය හැකිය. එහෙත් මෛත්‍රිපාල සිරිසේනගේ පිරිසිදු බව මැනීමට ප්‍රසන්න රණතුංගලාට ඇති ශුද්ධවන්තකම මොකක්දැයි තවත් කෙනෙකුට සිතා බැලිය හැකිය.

ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳ සමග එක්ව කළ වංචාවක් සම්බන්ධව දැන් නඩුවක් ද විභාග වෙමින් තිබේ. 

කෙසේ වුවත් ප්‍රසන්නගේ කුම්භාණ්ඩ කතාව නම් ඔහුටම හරියටම ගැළපෙන්නකි. 

තිලක් දෙමටමල්පිටිය 

ලියුම්කරුගේ ‌පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/61 

---------------------------
by     (2020-03-12 11:14:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links