~

ගෝටා තවමත් ඇමරිකන්..! ‌මෙන්න අලුත්ම සාක්කිය..! 16 දා ඔහුට දාන ඡන්දය වතුරේ..!

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් අයගේ 2019 ‌නොවැම්බර් නාම ‌ලේඛනය ‌මෙන්න

(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.09, ‌‌‌‌‌ප.ව.10.15) ඇමරිකානු භාණ්ඩාගාර ‌දෙපාර්තමේන්තුවේ ‌දේශීය ආදායම් බදු ‌සේවාව විසින් මාස 6 කට වරක් නිකුත් කරනු ලබන එරට පුරවැසිභාවය ඉවත් කර ගත් අයගේ අලුත්ම නාම ලැයිස්තුව, 2019 ‌නොවැම්බර් මස නාම ලැයිස්තුව ‌දැන් නිකුත් වී තිබේ. එම නම් ලැයිස්තුවෙන් කියැවෙන්නේ පුරවැසිභාවය ඉවත් කර ගත් අය තව දුරටත් ඇමරිකාවට ආදායම් බදු ‌නොගෙවන අය වන බවයි.  එකී නාම ලැයිස්තුවේ ද නන්දසේන ‌ගෝටාබය රාජපක්ෂ ‌ගේ නම සඳහන්ව නැත. එනම් ‌ගෝටාබය තවමත් ඇමරිකාවට ආදායම් බදු ‌ගෙවන ඇමරිකානු පුරවැසියෙකි. ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගත්තේ නම් ‌මෙකී නම් ලැයිස්තුවේ නම ප්‍රකාශ විය යුතුමය. පුරවැසිභාවය ඉවත් වීම නීත්‍යාණුකූල වන්නේ එවිට ය.  ‌ගෝටාබය සිය පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි ඔහු කියන්නේ 2019 මැයි 03 ‌වෙනිදා ය. ඉන්පසු ජුනි මාසයේ නිකුත් කරන ලද දේශීය ආදායම් බදු නම් ලැයිස්තුවේ ද ‌ගෝටාගේ නම සඳහන්ව තිබු‌‌නේ නැත. දැන් නවතම ලැයිස්තුවේ ද ‌ගෝටාගේ නම නැත. ඇමරිකානු පුරවැසියෙක් ‌නොවැම්බර් 16 ‌වෙනිදා ලංකාවේ ජනාධිපති ඡන්දය ඉල්ලන්නේ කවර නම් නීතියකට යටත්ව ද? එවැනි නීතියක් ලංකාවේ නැත. ‌මේ අනුව 16 ‌වෙනිදා ඔහු ලංකාවේ ජනාධිපති වුවද ඔහුගේ ධූරය ඉතා කුඩා නඩුවකින් අවලංගු වීම නියත ය. එබැවින් ලංකාවේ පුරවැසියන් 16 දා ‌ගෝටාබයට ‌දෙන ඡන්දය නියත වශයෙන්ම අපතේ යෑමකි. 

ඇමරිකානු භාණ්ඩාගාර ‌දෙපාර්තමේන්තුවේ ‌දේශීය ආදායම් බදු ‌සේවා‌ව විසින් ප්‍රකාශිත පුරවැසිභාවය ඉවත් කර ගත් අයගේ 2019 ‌නොවැම්බර් නාම ‌ලේඛනය පහත ඇති ඉ‌මේජ වල දැක්වේ.   

(රාජපක්ෂලාගේ ව්‍යාජ පැමිණිලි මත ලංකා ඊ නිව්ස් ‌ෆේස් බුක් පිටුව සතියකට වාරණය කර තිබේ එබැවින් ‌මේ ලිපි තම තමන්ගේ සමාජ ජාලා හරහා හැකි පමණ ‌ෂෙයා කරන ‌ලෙස ඉල්ලමු. -සකසුවෝ)

---------------------------
by     (2019-11-09 16:49:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links