~

වීරවංසාභි අවජාතකය..!

ගානි වාසුහේවා ලියයි

(ලංකා ඊ නිව්ස් -2019.ඔක්.13, ප.ව.3.25) බල්ලන් ගැන කතා බොහෝ ය. බල්ලා බලුවුනේ ඉපදෙනකොටම ය. උණ පුරුකේ දැම්මත් වලිගය ඇද ඇරිය ‌නොහැකිය. වමනය දා එයම රස කර කෑම ද බලු ගතියකි. කච්චිය පිච්චියට ගියත් බල්ලා මැතිසබයට යන්නේත් හෙළුවෙන් ය. ඒ උගේ හැටි ය. උගේ ජන්මයේ හැටි ය. ඌ පක්ෂයක් පිහිටුවා ගෙන එහි නායකයා වුවත් ඒ ගතිය එසේම ය. සාමාන්‍යයෙන් ජන්මයට වඩා පුරුද්ද ලොකුය කීවාට බල්ලන්ට එය අදාල නොවන බව තහවුරුව ඇත. උපතේ දී සිදුවන යම් යම් දෝෂ නිවැරදි කළ හැකි වුව ද එසේ කළ නොහැකි දෑද ඇත. බොහෝ අවයව බද්ධ කළ හැකි වුව ද මොළය පිළිබඳ ගැටළුවක් ඇත. ජාතකය බලු වීම එයට අදාල ය.

යමෙකු මව් කුසේ පිළිසිඳ ගන්නා විට දී තම පියා යැයි උප්පැන්නයේ නම සඳහන් අය තම මව සමග නිදි යහනේ නොසිටි තත්ත්වය මෙම හැදියාවට බලපා ඇති බව ජනතාව ගේ මතයයි. එමෙන්ම යම් පුද්ගලයෙකුගේ උප්පැන්නයේ පියා ගේ නම සඳහන් කොටුවේ ඉරි කැබැල්ලක් සඳහන් පුද්ගලයා ද මෙම තත්ත්වයට පත්වේ. එවැනි උපත් ලද පුද්ගලයන් එම වරදට වගකිවයුත්තන් නොවන බව සැබෑ ය. අනුන්ගේ වැරදි වලින් විඳවන පුද්ගලයන් බව ද සැබෑ ය. අප ඔවුන්ට අවමන් වන කිසිම ක්‍රියාවකට යොමු නොවෙමින් ඔවුන් ගේ ගෞරවය රැකිය යුතුය. නමුදු එය ආභරණයක් සේ සලකා ඉතා අවිනීත අවලම් පහත් ලෙස හැසිරෙන පුද්ගලයන්ට එම ගෞරවය දිය නොහැක.  

විමල් වීරවංස වරෙක වීරසංගිලි පනික්කියාගේ විමල‌සේන ය, වරෙක විමලසිරි ගම්ලත් ය.  ‌වෙස් බැඳීම, පදය ‌වෙනස් කිරීම ‌මොහු‌ගේ ආරෙට එන ක්‍රියාවකි. ඒ අනුව යමින් උප්පැන්නද, හැඳුනුම්පත් ද, පාස්පෝට් ද, පක‍්ෂ ද හැම විටෙම වෙනස් කර ඇත. ස්වශක්තියෙන් නැගී සිට අභිමානවත් මිනිසෙක් ලෙස පෙනී සිටීමට වඩා මොහුගේ ලැදියාව කාගේ හෝ එල්ලී ලේ උරා බොමින් පහසුවටත් ලාභයටත් ඉහළ යන කූඩැල්ලා න්‍යායට ය. උපතෙදිීම සිදුව ඇති අත්වැරැද්දක් හේතුවෙන් මොහුගේ සදාචාරය, නිහතමානීකම, යුක්තිය, සාධාරණත්වය සහ විලිලැජ්ජාවට අදාල නහර කැපී ගොස් ඇත. මොහු උපතින්ම ලැජ්ජා බය රහිත පුද්ගලයෙක් වී ඇත්තේ මෙනිසා ය. එකම හැකියාව වී ඇත්තේ කාගේ හෝ පිහිටෙන් ගොඩ යාම පමණි. භාෂා දැනුම හෝ සමාජ තත්ත්වයන් ගැන අංශු මාත්‍රයක දැනුමක් නැතිකම වසාගන්නේ අගක්, මුලක්, අර්ථයක්, තර්කයක් නැති වාචාල දේශනා වලිනි.

දිවිහිමියෙන් රකින හීනමාන දායාදය..

අත පල්ලෙන් වැටී, කානු පල්ලේ හැදී වැඩී, ලොකුම උගතා මෙන්ම ලෝකය යනු තමාම යයි පාරම්බාන මොහු ඉතා ලැදියාවෙන් වැළඳගන්නේ වහල්කම පමණි. කාගේ හෝ වහලෙක් වීම තරම් සතුටක් සම්පතක් මොහුට නැත. හීනමානය මොහු ලද මෙන්ම දිවිහිමියෙන් රකින දායාදයයි. පුරාණයේ ගම්වල නගරයේ මහ රුක් යට තෙල් ‌බෙහෙත් වෙළඳාම කළ චරිත අප දැක ඇත. මොහුගේ කතා ශෛලිය, හැසිරීම, ජනතා ආකර්ශණය ලබන ලෙස ක්‍රියාකිරීම අනවරත වාග් ප්‍රවේශය කියාපාන්නේ ද තෙල් ‌බෙහෙත් කතාවම ය. පච ගහ යට තෙල් ‌බෙහෙත් කාරයා වටා රැස්වන පිරිස ද සුළු ආතල් එකක් ලබා පසුව විසිර යන්නේ එම හාදයා හා ඒකාගෙ මෑණියන් ද සිහියට නගා ගනිමිනි. දේශපාලනයේ බයියන්ද බයියන්ගේ හිමිකරුවන් ද මේකා ඔසවා තබමින් කටයුතු කළ ද මෙහෙව් උන් දේශපාලනයට ආවා කියන්නේම කාට කාටත් අබ සරණය.

බිරියන් ආරක්ෂා කිරීමේ දස්සකම..

මොහුගේ හැකියාව මෙන්ම හැදියාවද හොරකම ය. තමාට නොතිබූ මෙන්ම නොමැති බොහෝ දේ උපයා ගන්නේ සද්භාවයෙන් තොරව ය. තම මිත්‍රයා රට හැර යද්දී ආරක‍්ෂා කිරීමට භාර දී ගිය ඔහුගේ බිරිය තමාගේම බිරිය ලෙස ආරක‍්ෂාකර  ගැනීම ද මොහුගේ දස්සකමකි. මුළු ජීවිතයටම තිබුනේ ඒ දස්සකම පමණය. බිරියගේ වයසට සරිලන ලෙස තමාගේ වයස සකසා ගැනීමට උප්පැන්න, හැඳුනුම්පත්, ගුවන්ගමන් බලපත් සැකසීම මෙන්ම හිටපු පක‍්ෂ‌යේ තිබූ කරුණු කාරණා තමාගේ කියා ‌පොතක් ලෙස මුද්‍රණය කර ‌බෙදාහැරීමත් මොහුගේ කුසලතාවයන් ය. ඒ මුද්‍රණ කුසලතාවයට නම් අධිකරණය තීන්දුවකින් මිලියන ගණනක වන්දියක් ‌ගෙවන්නට සිදුවිය. 

පයිතගරස් හාල්කෑල්ලක් කළ නව ගණිත න්‍යායන්.. 

ඉතිහාසය හැදෑරීමේ දී අප දකිනුයේ විවිධ පුද්ගලයන් විවිධ කාරණා පිළිබඳව කුසලතා ඇති බව ය. පෙළක් අය ඉංගිරිසියට සක්විති ය. පෙළක් අය ඉගැන්වීම සඳහාම ඉපදී ඇති උන්ය. පෙළක් අය කසිප්පු පෙරීම, මාල කැඩීම, මිනී මැරීම, නයා ගැහීම, ස්ත්‍රී දූෂණ සඳහා සක්විත්තෝ ය. මේ හාදයා වාචාලකමට, දූෂණයට, වංචාවටම උපන් සක්විත්තෙකි. අප නොව එය ඔහු විසින්ම නිරන්තරව සමාජයට සපථ කරමින් සිටී. මොහු‌ගේ ගණිත න්‍යායන් ‌සොයා ගැනීම ඉදිරියේ පයිතගරස් හාල් කෑල්ලකි. දෙක දෙකෙන් ‌බෙදී‌මේ න්‍යාය එවැනි ‌එක් ‌සොයා ගැනීමකි.  මොහුගේ වදනින්ම පවසනවා නම් "උඩ දෙක යට දෙකෙන් ‌බෙදූ විට එනම් උඩ දෙක යට දෙකෙන් කැපී ගියාම උත්තරය බිංදුවය".  

එමෙන්ම මොහු විශ්ව කීර්තිමත් සාහිත්‍යධරයෙකි. ‌නොබෙල් සම්මාන ලද "මහල්ලා සහ මුහුද" කෘතියේ කතුවරයා ලෙස  මොහු නම් කරන ලද්දේ 'ගී ද මෝපසාං'ය. පසුව සොයා බැලීමේ දී පෙනී ගොස් ඇත්තේ 'අර්නස්ට් හෙමිං වේ' මොහු මෙන් අනුන්ගේ පොතකට තම නම යොදාගෙන ‌නොබෙල් සම්මානයත් ‌මොහුගේ පාස්පෝට් ක්‍රමයට ලබා ‌ගෙන ඇති බවය.  ‌ලෝකයෙන් වසන් වීමට නියමිතව තිබූ මේ ‌‌හෙළිදරව්ව ‌මොහු ‌කෙ‌ළේ රටේ රාජ්‍ය සාහිත්‍ය උළෙලක ප්‍රධාන දේශකයා ලෙස ආරාධිත ‌දේශනය පවත්වන අතර තුරදී ය. එම සාහිත්‍ය උළෙලේ සංවිධායකවරුන් ජනතා ප්‍රතිචාර දරාගත නොහැකිව එක පෙළට වස බී සිය දිවි නසාගෙන ඇති බව පසුව දැනගන්නට ලැබුණි.

පෘථුල ව්‍යාපාරික ඥානය.. 

මොහු පෘථුල දැනුමැති හසල ව්‍යාපාරික ඥාණයෙන් ද යුතු පුද්ගලයෙකි. මාවරමංඩියේ දිග පළල අඩි 8 යි 6 කඩ කාමරයක කොමියුනිකේෂන් යයි පැවසිය නොහැකි ෆෝන් කඩයක සිට වසර 5 කදී එනම් එක් පාර්ලිමේන්තු කාලයක් තුළ ඉහළම ගණයේ ව්‍යාපාරික තලයකට පැමිණියෙකි. කුඩා කුලී නිවසක සිට තෙමහල් සුවිසල් මැදුරක් දක්වා පැමිණ ඇත. බිරිඳ ද ප්‍රබල ව්‍යාපාරික තත්ත්වයකට පැමිණ කොළඹ සලාකා ආයතනයේ නෙත්තිකුමාර‌ගේ බිරිඳට පවා මිලියන ගණන් පොලියට මුදල් දෙන ගාණට ආවාය.  

ආත්මාර්ථයෙන් ඔබ්බට ගිය මොහු තම ඥාති සනුහරයම ගොඩ දැමීමේ සද්කාර්යට එඩිතරව ඉදිරිපත් විය. රජයෙන් කෝටි ගණන් වැයකර ගොඩනගන ලද සුපිරි නිවාස ලූණු බිකක මිලට තම ඥාති වර්ගයාට සැපයීම තුළ මොහුගේ සත්ගුණවත්භාවය ප්‍රදර්ශනය කර ඇත. මොහු එහිදී දෙවනි වූවා නම් ඒ තම වහල් හිමියන් වන රාජපක‍්ෂලාට පමණි. බුදුන්වහන්සේත් ඥාතීන්ට සැලකීම උතුම් ක්‍රියාවක් යයි ‌දේසනා කළා යැයි කට වාචාල බයියන් ද ‌දේසනා කරන නිසා ‌මොහුද බුදු ‌පොරකි.  

අලුතින් හඳුන්වා දුන් නව නාඩගම් ‌‌ශෛලිය...

මොහු සටන්කාමියෙකි. ජාත්‍යන්තර නොව ජාති සටන්කාමියෙකි. තමා සටන් කරනුයේ කුමක් සඳහා ද, කා සඳහා ද, යන්න මොහුට වැදගත් නැත. 'විමලේ ‌මේ සටන කරපං' යැයි වහල් හිමියාගේ ‌නියෝගය ඉහටත් උඩින්ය. ‌මොහු සටන් කරයි. වරක් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ට එරෙහිව මෙරට මූං ලෙස මාරාන්තික උපවාසයක් ‌කෙළේය. පසු කලෙක රතනලා පවා ආදර්ශයට ගත් මෙරට සුපතල 'නොමියන මාරාන්තික උපවාස' නාඩගම් ශෛලිය හඳුන්වා දුන්නේ ද මොහු ය. මුළු ලොවම හෙල්ලී බිරාන්ත වී ගිය එම උපවාසය හඳුන්වන ලද්දේ 'ලෙමන් පෆ්' යනුවෙනි. මැදමුලන 'උපවාස තැඹිලි වතුර' වීදුරුවෙන්  'ලෙමන් පෆ්' දිර වූ නිසා පරලොවට ජීවිතයක් අහිමි විය. 

මොහු රටට දැයට සේවය කිරීමට යාම නිසා බිරිඳගේ ඕනෑ එපාකම් පිරිමහාලන්නට අවස්ථාවක් නොලද්දේ සීගිරිය නැරඹීමට යාමට නොහැකි වූවා සේ ය. බිරිඳට තම දරුවන්ගේ වයසේ මිතුරන් සමග ව්‍යාඝ්‍රා අත්හදා බැලීමට සිදුවූයේ ද එම නිසා ය. නිවසේ සිරියහන් මත තරුණයන් මියගිය ද බිරිඳට වඩා ‌මොහු රට ගැන සිතයි. රට තුළ කරන අපමණ ක්‍රියාවන් සඳහා නඩු රාශියක් තිබුනද ‌මොහු නීතියෙන් ගැලවී සිටී. නඩු දිනවල බරපතල අසනීප වී ගිලන් රථයෙන් පැමිණ ඇප ලද වහා දෙපයින් නැගී සිට පසුව ගිලන් රථයේම එල්ලී නික්ම යන්නේ් ජනයාට දෑත් වනමිනි. ගිනිකන කළු කෝට් කරුවන්ට සහ ආසි වාසි විනිසොරුන්ට ‌මොහු ඉල්ලමකි. 

පරතෙරට හැදෑරූ ද්විත්ව රංගනය..

මොහු ද්විත්ව රංගනය මනාව හදාරා ඇත්තෙකි. හිරු නැගෙන පැයේ සිට හිරු බැස යන තුරා අධිරාජ්‍ය විරෝධී, ධනපති විරෝධී, රනිල් විරෝධියෙකි. අඳුරු වැටුන සැනෙන් තැටිය මාරුකර තමන්ගේ රොටිය පුච්චා ගනී. මොහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් රටින් පිටවීමට ගොස් වරක් බලධාරීන්ට අතටම මාට්ටු විය. සිදුවූයේ එක පැ‌යෙන් නිදහස්ව ගමන යාම යි. එහිදී තමන් සදා විරෝධී ධනපති නායකයාගෙන් උදව් ‌‌ගෙන යලි ධනපති විරෝධී වීම ‌මොහුගේ ද්විත්ව රංගන හැකියාව මනාවට ඔප්පු කළ අවස්ථාවකි.  

මොහු තම වහල් හිමියාගේ ජීවන දර්ශනය කොපිකර තම ජීවිතය පවත්වාගෙන යන්නෙකි. වහල් හිමියා තමන්ට වහල්කම් කරන පුද්ගලයන්ට රටේ දේපල තම අම්මා අප්පාගේ ‌දේ ‌මෙන් ‌බෙදා දුන් අතර ‌මොහුද එය ආදර්ශයට ගත්තේ ය. ‌මොහුගේ  ගැත්තෙක් වන ඉත්තෑකන්දේ චීවරදාරියාට රජයේ වාහන 3 ක් තෙල් සමග ලබා දුන්නේ ය. පවුලේ සහෝදර සහෝදරියන්ට ද උන්ගේ කසාද මිනිසුන්ට ද උන්ගේ දරුවන්ට ද ‌තෙල් සමග රජයේ වාහන ලබා දුන්නේ ලංකාදීප පත්තරයේ ජඩමාධ්‍ය කාරයෙකුටද වාහනයක් ලබා ‌දෙමිනි.  

මොහු වැඩ කරද්දී වයස ගණන් ගන්නේම නැත. වරක් විදේශ සම්මන්ත්‍රනයකට තම ලා බාල  පුතු සහභාගි කරවූයේ ඒ නිසා ය. අඳ බාලයන්ට ලා බාල කම ප්‍රශ්නයක් නැත. මන්ද බාලකම මොහුගේ සංකේතය නිසා ය. 

ජය බල්ලන්ට ‌නොදිය යුතුය...

මොහු සිතනුයේ තම වාග් ප්‍රහාරයෙන් පාලකයන් පත්කිරීම හා ඉවත්කිරීම සිදුකළ  හැකි බවය. "කෝ මේ සිරිසේනයා, සිරිසේන.. සිරිසේන.. උඹ උඹේ යහපාලන නඩයත් අරං තොලොංජිවෙලා පලයං සිරිසේනයෝ" යි ‌බෙරිහන් දුන්‌නේ ඒ සිතුවිල්ලෙනි. නමුත් තොලොංජි වන්නට සිදුවූයේ පනික්කියා ඇතුළු නඩයටම ය. මෙවැනි මුඛ ඇතියවුන් බල්‌ලෝ පවා සපා කෑමට මැලිකමක් දක්වති. අද ද මේ හාදයා ගිරිය පුප්පමින් තම නව වහල් හිමියා වෙනුවෙන් ‌බෙරිහන් ‌දෙයි. 

මෙවැනි පාහරයන්ට වීරයන් ලෙස පෙනී සිටීමට හැකිව ඇත්තේ යහපාලනයට  නායකත්වය දුන් නිවට අමන තකතීරු වාහෙලා නිසා ය. එය රටට අවාසනාවක් වී පාහරයන්ට වාසනාවක් වී ඇත. යුක්තිගරුක ජනයා ගේ උදාරතර උත්සාහයන් සහ කැපවීම්  ගඟට කැපූ ඉනි බවට පත් නොවීමට රොද බැඳ ගත යුතුය. ජය බල්ලන්ට ‌නොදිය යුතුය.   

ගානි වාසුහේවා

ලියුම්කරුගේ ‌පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/35

---------------------------
by     (2019-10-13 09:53:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links