~

ගෝඨා ජනාධිපතිවරණ සටනින් විසි වන ලකුණු; ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නඩුව අනිද්දා සිට විභාගයට..! 'විකල්පයක් සූදානම් කර ගන්න' -මහින්දට මහින්ද දැනුම් දීලා

(ලංකා ඊ නිව්ස් -2019.සැප්.30, ප.ව.3.10) ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේදී ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ ක්‍රමවත් පිළිවෙළකට නොවන බැවින් ඔහු තවමත් අමෙරිකානු පුරවැසියකු වන බව සඳහන්කරමින් සිවිල් සංවිධාන එකමුතුව අභියාචනාධිකරණය හමුවේ ‌ගොනු කරන ලද ‌පෙත්සම අද විභාගයට ගැණුනු අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අනිද්දා ‌ඔක්තෝම්බර් 2 ‌බදාදා සිට 02 , 03 සහ 04 දිනවලදී විභාගයට ගැනීමට තීන්දු ‌කෙරිණ. ජනාධිපතිවරණයේ නාම ‌යෝජනා බාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝම්බර් 7 ‌වෙනිදා ය. 

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර  සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත වනු ඇත. 

සිවිල් සංවිධාන එකමුතුව ‌වෙනුවෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් මෙම පෙත්සම ගොනු කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ  පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ 2005 වසරේ නොවැම්බර් මස වන විට එම විෂයයට අදාළ ඇමතිවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ නොසිටි බවත් පුරවැසි සහතිකයේ 'ඇමති වෙනුවට' යැයි කවුරුන් හෝ අත්සන් කර ඇති බවත් ඒ කවුරුන්දැයි පැහැදිළි නොමැති බවත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සීඅයිඩිය කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ‌ගෝඨාභය ද්විත්ව පුරවැසි භාවය ලබා ‌ගෙන ඇත්තේ 2005 දී ‌නොව  පසුකාලයක දී ‌පෙර දිනයක් සඳහන් කරමින් සත්‍ය ඉල්ලුම් පත් ‌දෙකක් අතරට තමාගේ ඉල්ලුම් පත රිංගවමිනි. එහිදී ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට නියමිත රජයේ ගාස්තුවද ‌ගෙවා නැත. ඒ අනුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයම අවලංගු එකකි. 

මීට අමතරව ‌ගෝඨා අලුතින් ලබා ‌‌ගෙන තිබෙන ද්විත්ව පුරවැසි භාවයක් සඳහන් ‌නොවන විදේශ ගමන් බලපත්‍රයද ප්‍රශ්න කාරී වී ඇත. එය ලබා ගැනීමට ‌ඔහු පැමිණවත් නැත. ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ අලුත් ජාතික හැඳුනුම්පතකි. පුරවැසියෙකු අලුතින් ජාතික හැඳුනුම්පතක් ලබා ගත්තද ඔහුට හිමිවන්නේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකයම වුවද ‌ගෝඨාභය ගේ නව ජාතික හැඳුනුම්පතේ ඇත්තේ අලුත් අංකයකි. නමුත් ඔහුට ‌මෙවර ඡන්දය හිමි 2018 ඡන්ද දායක ලැයිස්තුවේ ඇත්තේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකය වන 491724021V අංකයයි. ‌මේවා ද බරපතල ප්‍රශ්න ය.   

"ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු රටේ ජනාධිපතිවරයා වීමේ අවදානමක් මෙහි තිබෙනවා. ඒ නිසාම ‍අපේ ‍රටේ ජාතික ආරක්ෂාවට, සෛරීත්වයට, නීතියේ අධිපත්‍යයට හා ව්‍යවස්ථාව ආදී දේවල්වලට තර්ජනයක් තිබෙනවා. ඔහුගේ අලුත්  ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයත් ගැටලු සහගත බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ‌මේවා නිරවුල් කර ගැනීමට සාධාරණයක් ඉටු කර ගැනීමට හැකියාව තිබෙන්නේ අධිකරණය හරහායි." ‌මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ‌තේනුවර පවසයි. 

මේ අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස ‌ගෝඨාභය ‌වෙනුවට ‌‌වෙනත් විකල්ප අපේක්ෂකයෙකු ද සූදානම් කර තබා ගන්නැයි මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය විසින් මහින්ද රාජපක්ෂට රහසිගත පණිවුඩයකින් දන්වා ඇතැයි නිල ‌නොවන ආරංචි මාර්ග පවසයි. 

බැසිල් රාජපක්ෂ‌ෙගේ අභ්‍යන්තර කවයේ අයෙක් ලංකා ඊ නිව්ස් ‌වෙත කියා සිටියේ කිසිවෙකු ‌නොදන්නා නමුත් බැසිල් ‌මේ වන විටත් තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන සිටින බවයි. නමුත් කලකට ‌පෙර බැසිල් මාධ්‍යයට ප්‍රසිද්ධියේ කියා සිටියේ තමාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අදහසක් නැති බවයි.  

---------------------------
by     (2019-09-30 09:50:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links