සල්පිටියේ ධම්මදස්සි හිමියෝ ලියති
(ලංකා ඊ නිව්ස් -2019.සැප්.27, ප.ව.3.30) දැනට සති දෙකකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු කාර්යාලයට ගොඩ වැදුනේ එහි පැවැති සාකච්ඡාවකට සහභාගි වීමට ය.
ඔහු අතේ රතුපාට ෂොපිං බෑග් එකක් ගුලි කර මිට මොළවා ගෙන තිබුනි. මේ රතුපාට ෂොපිං බෑග් එකේ තිබෙන්නේ කුමක්දැයි එහි සිටි කිසිවෙකු හෝ නොදත් හ. රැස්වීමට පැමිණි පක්ෂ නායකයින් සියලු දෙනා ම මහින්ද අතේ තිබෙන ෂොපිං බෑග් එකේ තිබෙන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිය හ.
සියල්ලන්ම දෙස අවධානයෙන් බැලු මහින්ද රාජපක්ෂ මහතා ෂොපිං බෑග් එක මේසය මත දිග හැරියේය. එහි වුයේ විවිධ වර්ගයේ විෂ සහිත කූඹින් වර්ග කිහිපයකි.
මුදා හළ විට උන් සියලු දෙනාම මේසය මත දිවයන්නට විය..
මහින්ද රාජපක්ෂ මහතා කටහඩ අවදි කළේය..
“මේ ඉන්නේ හප්පඩයා.. මේකා විෂ නෑ.. ඒ වුනාට ගඳයි. මේ ඉන්නේ දිමියා.. මේ තෙල් කූඹියා.. මේ කළුකොඩයා.. මේකා නයි කූඹියා.... මේකා තමයි දරකඩියා... මේ ඉන්නේ තෙලදින්නා.. මූ තමයි විෂ ම එකා..” කියු ඔහු “මේ සියලු දෙනාම අඳුනාගෙන මතකයේ තබා ගන්නැ” යි කීය..
සියලු දෙනාම කට ඇරගෙන බලා සිටියේය.. මහින්ද රාජපක්ෂ මහතා මේ කියන්නට යන්නේ කුමක්දැයි ඔවුන්ට ප්‍රශ්නාර්ථයකි.
“කට ඇරගෙන මං දිහා බලාගෙන ඉන්ඩ එපා.. හප්පඩයාගේ ඉඳලා, තෙල දින්නා දක්වා අපිට හිංසා කළ අපේ පවුළට හිංසා කළ, මගේ දරුවන්ට සහෝදරයින්ට හිංසා කළ , මට හිතවත් අයට හිංසා කළ සියලු දෙනාම, අපි දිනපු ගමන්ම මකබාවනවා... ඒක මතක තියා ගන්නැ”යි ඔහු යවට මෙන් රත් වු දෑස් ඇතිව කියා සිටියේය.
සියලු දෙනාම තුෂ්නීම්භූතව සිටියේ මහින්ද රාජපක්ෂ මහතා තුළ වූ කෝපාග්නිය දෙසය. තම අධ්‍යාත්මික නායකයා මේ තරම් කෝපයට පත්ව සිටි දවසක් ඔවුන්ට මතක නැත..
මීට දශකයකට පමණ පෙර මෙරට තිරගත වූ ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමා පටයක් විය. ආර්නෝල්ඩ් ස්වොසනෙගාර් රඟපෑ එහි නම “කම්මුතු කරන්නා” හෙවත් “Terminator” නම් විය. සැබවින්ම එම ඉංගිරිසි නමට “කම්මුතු කරන්නා” යන්නට වඩා ඉතාම සුදුසු වන්නේ මහින්ද කියන විදියටම “මකබාවන්නා” යන අර්ථය බව මගේ වැටහීමයි..
2020 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එවැනි මකබාවන්නෙකුගේ ආගමනයත් සමග සියලු දෙනාම මතක තබා ගත යුතුය. 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වශයෙන් යහපාලන සාධකය මත, රට වඩාත් නිවැරදි නිරවුල් පාලනයක් ගෙන ඒම සඳහා කැප වූ සියලු බලවේග වර්තමානයේ කම්පනයට පත්ව සිටින්නේ මෙම මකබාවන්නාගේ ආගමනයත් සමගය. මෙම ජනාධිපතිවරණයේ දී මකබාවන්නෙකු රටේ ප්‍රධාන පුටුවට පැමිණියහොත් 2015 ගාමක බලවේගවලට අත්වන ඉරණම අමුතුවෙන් කිව යුතු නැත.
මහින්ද රාජපක්ෂ මහතා “හප්පඩයාගේ සිට අපිට හිංසා කළ තෙලදින්නා දක්වා සියලුම දෙනා මකබාවනවා” යැයි කිව්වේ ඔහු තුළ වූ කැකෑරෙන වෛරයේ තරම නිසාය.
2015 න් පසු යහපාලනය ගෙන ඒමට පත් කළ ජනතා හිතෛෂී, මහපොළවෙන් උපන් මිනිසා එම තනතුරට පත්ව වසරක් යන්නටත් මත්තෙන් , තමන් එම තනතුරට පත් කළ සියලු දෙනා පාවා දුන්නේය. එම ශෝකයෙන්ම එම මෙහෙයුම සිදු කළ පුජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන් අපවත් වු අතර, ඉනික්බිතව සපැමිණියේ අපායේ ඉන්ටවල් එකය.
අපායේ ඉන්ටවල් අහු අස්සේ මහින්ද රාජපක්ෂලා යළිත් ශක්තිමත් වුයේ යහපාලන ආණ්ඩුව දෙකට බෙදී කුළල් කාගන්නට පටන් ගත්නිසාය. අවසානයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී “මකබාවන්නා” යළිත් රජ විය.
2010 සිට 2014 දක්වා වු කාලය තුළ මහින්ද පාලනය සැබවින්ම මකබාවන්නා ගේ සමය විය. ඔහු විසින් සමස්ත සමාජ දේහයම මකබෑවීය. යුක්තිය වෙනුවට අයුක්තිය, සාධාරණය වෙනුවට අසාධාරණය, නීතිය වෙනුවට අවනීතිය, ජීවිතය වෙනුවට මරණය ඔහු රටට දායාද කළේය.
එම කාලය තුළ මරා දැමූ පිරිස සුළුපටු නැත. අත්පා කඩා දැමු පිරිස සුළුපටු නැත. අතුරුදන් කළ පිරිස සුළුපටු නැත. මහජන මුදල් මහ දවාලේ සිය පවුළේ සුඛ විහරණය සඳහා යොදා ගත්තේය. ගිනිබත් කළ මාධ්‍ය ආයතන ගණන ද සුලුපටු නැත.
ගැටළුව වන්නේ ඒක නොවේ. ගිනි තබා විනාශ කළ එම මාධ්‍ය ආයතනම යළිත් වරක් තමන් මකබෑ වු ආඥා දායකයාම ඉල්ලා හඩා වැටීමය. ඒක හරියට එක ගම කතාවක එන මිනිහාගෙන් ගුටි නොමැති ගැහැණිය, වංගෙඩියෙන් තලා ගන්නවා වැනි දෙයකි.
එම කතාව වැඩි විස්තර කරන්නේ නම් ගම්වල සිටින ඇතැම් ගැහැණුන්ට ස්වාමි පුරුෂයින් තළන්නේ නැත. එහෙත් ගුටි නොකා බැරි ගැහැණිය ගෙයි යටලීයේ ලණුවක ආධාරයෙන් වංගෙඩිය එල්ලා , එය පද්දවා හරිමින් තම ඇඟ මත වැදෙන්නට සළස්වයි. වේගයෙන් ඇඟ ට වැදෙන වංගෙඩි පහරින් වේදනා විඳින ගැහැණිය “මේ මිනිහා මට තළනවෝ “යැයි බෙරිහන් දෙයි.
තම මාධ්‍ය ආයතන ගිනිබත් කළ සිරස, සියත අද කරන්නේ ද එයමය. ඔවුන් මහින්දට කඩේ යන්නේ ගුටි නොකා ඉන්නට බැරි නිසාය. යහපාලන ආණ්ඩුව ගුටි නොදෙන නිසාය.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ පසු මහින්ද රාජපක්ෂ අපුරු කතාවක් කළේය..
“තමුන්නාන්සේලාට 88-89 ටයර් සෑයවල් ආයෙත් දැක ගන්ඩ පුලුවන් වෙයි. එයාගේ තාත්තා තමයි තරුණයෝ දර සෑයවල් වල යැව්වේ.. මං හිතන්නේ මෙතන ඉන්න ළමයින් නම් දන්නැතිව ඇති” හෙතෙම කීය.
ප්‍රේමදාස යුගයේ ටයර් සෑයවල් ගැන කතා කරන මහින්ද තමන්ගේ කාළයේ සිදු කළ ඝාතන ගැන කතා කරන්නේ නැත. දකුණේ සිවිල් යුද්ධයක් නොතිබියදිත් ඔහු විසින් දකුණ භීෂණයෙන් මරණයට පත් කළේ සිවිල් අරගල කළ ජනතාව නොව වතුර ඉල්ලා අඬපු මිනිසුන්ය. නිරායුධ ව සිරබත් කෑ මිනිසුන්ය. පෑනෙන් අරගල කළ මිනිසුන් ය. මාලු අල්ලන්නට ඩීසල් සහනාධාරය ඉල්ලු මිනිසුන්ය.
කොටින්ම කිවහොත් රාජපක්ෂ පවුළේ හොර මැරකම් හෙළි කළ සියලු දෙනා එක්කෝ මරා දැමීය. නැත්නම් අතපය කඩා දැමීය.
අනෙක් කාරණය නම් ප්රජාතන්ත්රවාදී ව දේශපාලනය කළ පක්ෂ කඩා බිඳ දමා තමන්ගේ ඒකාධිපති පාලනය ගෙන යාමට ඔහු කටයුතු කළ බව නොරහසකි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග්රසය ආදි සියලු පක්ෂ ඔහු විසින් කඩා වෙන් කළේය.
මහින්ද රාජපක්ෂලා ස්ත්‍රී දූෂණයට අවස්ථාව ලබා දුන්නේ “ගුරුවරයා හිටගෙන හුජ්ජ කරන කොට ගෝලයා දුව දුවා හුජ්ජ කරනවා” යන්න සිහිපත් කරවමිනි. වරක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා උදෑසන පැවැති රැස්වීමකින් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමැතීය.
“සර්.. පුද්ගලික කාරණාවකට ටිකක් කතා කරන්ඩ පුලුවන්ද..”
“ඔව් මොකක්ද... පී. බී...”
“සර් .. නාමල් ලා ගැන මිනිස්සු කතා කරන දේවල් එච්චර හොඳ නෑ... සර් ටිකක් හොයලා බැලුවොත් හොඳයි..”
“මොනවද මිනිස්සු කියන්නේ..”
“නෑ.. මේ ගෑනු ළමයි දූෂණය කරනවා කියළා වාගේ....”
“ඉතිං.. උන් එහෙම කරන්ඩ එපායැ.. එහෙම නොකරනවා නම් උන් මගේ දරුවෝ වෙන්ඩ බෑනේ...” කියු ඔහු “හක.. හක .”. ගා සිනාසුනේය...
ඕන්න .. මකබාවන්නාගේ තරම...
එමනිසා 2020 ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත් වුනත්, හැන්ද තිබෙන්නේ ඔහු අතේ නොවේ.. එය තියෙන්නේ මහින්ද අතේ ය.. මකබාවන්නා මහින්ද වුවද, ගෝඨා වුවද එහි ඇත්තේ එකම ආනිසංශයකි. ඒ රාජපක්ෂ මාෆියාව හරහා ගොඩ නැගෙන මකබාවන්නාගේ චරිතයයි..
මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා ලෙස රටේ සෑම අංශයක්ම මකබෑවුයේය.. බැසිල් රාජපක්ෂ ආර්ථික අමාත්‍යවරයා වශයෙන් සියයට 10 කොමිස් ගසා කමින් ආර්ථිකය මකබෑවුයේ ය. ගෝඨාබය මහතා ආරක්ෂක ලේකම් ලෙස උතුරේ දෙමළ ජනයා ද, නැගෙනහිර මුස්ලිම් ජනයා ද, දකුණේ සිංහල ප්රගතිශීලි කොටස් ද මකබෑවූයේ ය. නාමල් රාජපක්ෂ නිල් බලකාය හරහා තරුණියන් මෙන්ම, ඔහුගේ සහෝදරයින් හා එක්ව මෙරට ක්‍රීඩාව ද මකබෑවුයේය. ලොකු අයියා වන චමල් රාජපක්ෂ කතානායකයා ලෙස පාර්ලිමේන්තුව මහින්දට ඕනෑ හැටියට මකබාවන ලද්දේය. ශිරන්ති රාජපක්ෂ තම ස්වාමියාට, දරුවන්ට විරුද්ධ වන තාජුදීන් වැන්නන් මකබෑවුවාය. කතරගම දියවඩන නිළමේ තනතුරට හා ඌව මහ ඇමැතිකමට පත් වු ශෂීන්ද්‍ර රාජපක්ෂ කතරගම දේවාලයත්, ඌව පළාතත් මකබෑවුයේය.
රෝහිත රාජපක්ෂ රොකට් යවනවා යැයි කියමින් රටේ මුදල් මකබෑවු අතර යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව මකබාවන ලද්දේ නාවික හමුදාපතිවරයා පවා දෙකේ කොළයට දමමිනි.
උදයංග වීරතුංග ලා යටි මඩි ගසා මිග් යානා හරහා රටේ මුදල් මකබෑ වු අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා ශ්‍රී ලංකන් ගුවන් සේවය හා එහි තරුණ සේවිකාවන්ද මකබෑවීය.
ඒ අනුව බලන කළ සමස්ත රාජපක්ෂ පවුළ ම මකබාවන්නන්ගේ පවුළක් වීම රටේ අභාග්‍යයකි. ඒ අභාග්‍යසම්පන්න පවුළම යළි බලයට ගෙන ඒමට තැත් කිරීම පුරුවේ කරුමයකි.
යහපාලනය ගෙන ඒමට යැයි කැපවු පොදු අපේක්ෂකයා 2018 ඔක්තෝබර් 26 දා යලිත් මකබාවන්නා අගමැතිකමට පත් කරමින් සමස්ත මහජනතා විශ්වාසයම මකබාවන ලද්දේය.
මේ ආදි වශයෙන් ගත් කළ 2020 ජනාධිපතිවරණයත් සමග ඔබේ තෝරා ගැනීම මකබාවන්නන් ගේ පවුළ ද යන්න තීරණය කළ යුතු වන්නේ මකබාවන්නන් බලයට පැමිණියහොත් රටට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නැති නිසාය.
---------------------------
by (2019-09-27 10:07:40)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි