(ලංකා ඊ නිව්ස් -2019.සැප්.27, පෙ.ව.6.30) මරණාධාර සමිතියක හෝ තනතුරක් දරා මහජන සේවය ගැන මංචාඩියක අත්දැකීමක් නැති මිනීමරු නූගත් ඇමරිකානුවෙකු විසින් රටේ මිලිටරි ආණ්ඩුවක් හැදීමට දරණ බියකරු උත්සාහය පරාජය කිරීමට හැකි ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමැති පුළුල්තම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ගේ නම එජාප නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගෙන ආ යෝජනාවකින් ඒකමතිකව ඊයේ(26) සම්මත විය.
රනිල් වික්‍රමසිංහ සජිත්ගේ නම එළඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමෙන් පසු තවත් යෝජනාවක් ගෙන ආවේය. ඒ මෙසේය.
1 බලය බෙදා හැරීම 2 මැතිවරණ ක්රමයේ ප්‍රතිසංස්කරණ 3 අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැප වී සිටින්නෙමු. මේ සම්බන්ධව සියළු පාර්ශවයන්ගේ යෝජනා අදහස් ද සැලකිල්ලට ගන්නෙමු.
මෙම යෝජනාවටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබිණ.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බවත්, අපේ ඒකායන අරමුණ විය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරලීම උදෙසා උපරිම වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. අප කටයුතු කළ යුත්තේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ට ජම්පර ඇන්දවීමට නොව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා දිනවීම සඳහා යැයි ද රනිල් කීවේ ය.
රනිල් ඉදිරියටත් පක්ෂ නායකයා ලෙස කටයුතු කිරීමටත්, සන්ධානයේ අනෙකුත් නායකයන් සමග ජනාධිපතිවරණ සටනට නායකත්වය දීමටත් මෙහිදී තීරණය කෙරුණු අතර සජිත් ප්‍රේමදාස විසින්ම අග්‍රාමාත්‍යවරයා රනිල් වික්රමසිංහම බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ප්‍රකාශ කළේය.
සජිත්ට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩ රැස්වීම පැවැති සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්ව සිටි අතර රනිල් විසින් සජිත්ගේ නම ප්‍රකාශ කිරීමත් සමග ඔව්හු රතිඤ්ඥා පත්තු කරමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කළහ. ඊට සමගාමීව රට පුරා එජාප ආධාරකරුවෝ රතිඤ්ඤා පත්තු කරමින් ජය ඝෝෂා පැවැත්වූ අතර රතිඤ්ඤා දැල්වීමෙන් පසු අපවිත්‍ර වූ නගර ඔවුන් විසින්ම අතුගා පිරිසිදු කරනු දැකීමද විශේෂ සිද්ධියක් විය.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂ සභාපති කබීර් හෂීම් සහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැති අතර ලබන 10 වෙනිදා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෝල්ෆේස් පිට්ටනියට කැඳවා දැවැන්ත රැස්වීමකින් ජනාධිපතිවරණ සටන ආරම්භ කරන බව අකිල විරාජ් පැවසීය. වැඩි දුරටත් ඔහු මෙසේ ද කීය.
“අද එක්සත් ජාතික පක්ෂයට විශේෂිත වූ දවසක්. අද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී යෝජනා දෙකක් ගෙනාවා. පළමු යෝජනාව ලෙස පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළා. දෙවැනි යෝජනාව ලෙස බලය බෙදාහැරීම, මැතිවරණ ක්රමයේ ප්රතිසංස්කරන සහ අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්රතිසංස්කරන තව දුරටත් ඉදිරියට ගෙන යාමයි. මේ පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නවා. මෙම යෝජනා සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඒකමතිකව තීරණය කරණු ලැබුවා. පාර්ලිමේන්තු කණ්ඩායම ද ඒකමතිකව තීරණය කරණු ලැබුවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙනුත් අද පත් කළා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් කටයුතු කිරීමට තීරණය කරණු ලැබුවා. ඒ වගේම අනාගතයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ එකඟත්වය මත කටයුතු කරන්න අද තීරණය කළා.
පක්ෂයේ සභාපති කබීර් හෂීම්, පක්ෂයේ මහ ලේකම් ලෙස මම සහ සියලුම නායකයින් එකතුවී මෙම ජනාධිපතිවරණයේ අපගේ කණ්ඩායම මෙහෙයවනු ලබනවා. අප තරග කරණු ලබන්නේ පුළුල් සන්ධානයකින්. අපට සහයෝගය දෙන්න පක්ෂ ගණනාවකුත් කැමැත්ත ප්‍රකාශකර තිබෙනවා. මේ සියලු කණ්ඩායම් එකතුවී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට අප කටයුතු කරනවා. ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.
ලබන 30 දින අප බලාපොරොත්තු වනවා එක්සත් ජාතික පෙරමුණේ සියලුම සංවිධායකවරු කැඳවීමට සහ 03 දින උදේ 10.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අපේ පක්ෂයේ සම්මේලනය පවත්වන්නත් අප තීරණය කර තිබෙනවා. ඒ වගේම ලබන 10 දින සවස 2.00 අප බලාපොරොත්තු වනවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගොල්ෆේස් පිටියට ගෙනල්ල මේ සටන ආරම්භ කරන්න. අප ඒ සඳහා ජනතාවට ආරාධනා කරනවා. පක්ෂය කැඩෙන්නෙ නැතිව ආරක්ෂා කරමින් අද හොඳ වැදගත් තීරණයක් අප ගත්තා. ඒ පිළිබඳ පක්ෂයේ නායකවරයාට අප කෘතවේදීත්වය පළ කරනවා. එතුමා හැමදාමත් කළා සේ මෙවරත් එක්සත් ජාතික පක්සය ආරක්ෂා කළා.”
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එජාප සභාපති ඇමැති කබීර් හෂිම් මහතා මෙසේ කීය.
“මේක සතුටුදායක දවසක්. පසුගිය දිනවල ඇතැමුන් සිතුවෙ එක්සත් ජාතික පක්ෂය කෑලිවලට කැඩෙයි කියා. අප මේ රටට අලුත් පාඩමක් කියා දෙන්න සුදානම්. අප අද පොදු ජනතාව ඉල්ලන පොදුජන නායකයාව ලබා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව ඉල්ලපු නායකයාව ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන්න අපි සමගියෙන් සම්මුතියෙන් තීන්දුවක් ගත්තා. ඒක මේ රටේ ජයග්‍රහණයක්.
අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා නම් කළේ තමන්ගෙ මහ ගෙදර වලව්වෙ සලකුණ තුළ. ඒ පක්ෂයේ නායකයා වාඩි වන්නෙ උස පුටුවක. එහෙම ඔවුන් කියනවා මේ රටේ සමාජ සාධාරණය ඇතිකරන බව. අප පොදු ජනතාවට කිසි දෙයක් සැඟවූවෙ නැහැ. අපේ නායකතුමා විධිමත් නායකත්වයක් මෙවරත් අපට ලබා දී තිබෙනවා. සුදුස්සා සුදුසු තැනට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ක්‍රියා කරනවා.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මැතිවරණ ව්‍යාපාරය තුළ පක්ෂ නායකයා ලෙස විශේෂ වගකීමක් දරනවා. 2015 දී යහ පාලනය තුළ යම් යම් දේවල් අප ප්‍රකාශ කළා. ඒවා ජනතා මතය විමසමින් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපේ සම්මේලනයට යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා. ඒවා සම්මත වූ පසු අපේ ප්‍රතිපත්ති ප්රකාශනයට ඒවා එක් කරමින් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ අප සාකච්ඡා කරනවා. පොහොට්ටුවේ අයත් අප සමඟ එකඟ වෙනවා. දින 52දි ආණ්ඩුව ගන්නා බව අප කිවා. ඒ වගේම අද කියනවා අපේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන බව. ඊළඟ අවුරුදු දහය තුල අපේ ආණ්ඩුවක් ක්‍රියාත්මක කරනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාම අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ප්‍රකාශ කළා.”
පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයේ අවසන් නිල ප්‍රතිශතයන් අනුව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව 44.69% ක් ලබා ගනිද්දී 2015 ජනවාරි 8 හංසයා සමග එක්ව සිටි බලවේගයන්ගේ එකතුව 55.35% ක් විය. ජවිපෙ මෙම ජනාධිපතිවරණයේ දී වෙනම තරඟ කරන බැවින් පළාත් පාලන ඡන්දයේ දී ජවිපෙ ගත් 6% ක් වූ ප්‍රමාණය ඉන් ඉවත් කළ විට හංසයා සමග සිටි පිරිසට 49.35% ක් තිබේ. එනම් අදාල 50% යි එක් ඡන්දයක් ලබා ගැනීමට වඩාත් හැකියාවක් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන සන්ධානයට ය. ශ්‍රීලනිපයේ පූර්ණ සහාය ද සජිත්ට ලබා ගත හැකි නම් ජයග්‍රහණය සාක්කුවේ ය. ප්‍රතිවාදීන්ට ජම්පර් ඇන්දවීමට කටයුතු නොකළ යුතු යැයි රනිල් කියන්නට ඇත්තේ සජිත්ට ශ්‍රීලනිපයේ සහාය ලබා ගැනීමට ඉඩ හසර හදා ගැනීමට විය යුතුය.
---------------------------
by (2019-09-27 01:02:17)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි