~

කුණුපාළලා‌‌ ගේ බලු වමනය සහ වර්ජන රැල්ල..

විශේෂ ලියුම්කරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2019.සැප්.26, ‌පෙ.ව.8.45) ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ආගාධයකට ඇද දැමීමේ කුමන්ත්‍රණයක් වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇත්දැයි සිතන තරමට බරපතල වැඩවර්ජන රැල්ලක් මේ දිනවල දිනපතා රට තුළ දියත් වෙමින් පවතී. 

දුම්රිය, ඇතුලු ප්‍රවාහන සේවාව එක් අතකින් අඩාල කරමින් මහජනතාවට හිරිහැර කරන අතර, තවත් පැත්තකින් සෞඛ්‍ය සේවාවන් අඩාල කරමින් රෝගී ජනතාව නොමරා මරා දැමීමේ වැඩ පිළිවෙළක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිරත වන අයුරු පෙනේ. ගුරුවරුද වැඩ වර්ජනයකි.

ජුගුප්සාජනක ඊනියා රණවිරු උද්ඝෝෂණය.. 

මහජනතාවට ඇද හැලෙන අධික වර්ෂාව මැද වුවත්, තදබදයකින් තොරව මහපාරේ යාමට ඇති අයිතිය අවුරමින් ආබාධිත රණවිරුවන් යැයි කියාගන්නා තවත් පිරිසක්  කොටුව දුම්රිය ස්ථානය අසල වාඩි ලාගෙන රෑට අරක්කු බොමින්, හා බජව් දමමින් සිටින ආකාරය ද ජුගුප්සාජනකය. 

රජය විසින් ඔවුන්ට ජීවත්ව සිටින තාක් විශ්‍රාම වැටුප ලබා දීමට කැබිනට් පත්‍රිකාව සකස් කර තිබිය දී ක්‍රියාත්මක කළ මෙම උපවාසය හා ඒ ආශ්‍රිතව සිදු කරන උද්ඝෝෂණ නිසා දිනපතා කොළඹ කොටුව අධික වාහන තදබදයෙන් යුක්ත වන අතර මහජනතාව විඳින්නේ අන්ත දුකකි. එක් පැත්තකින් ඇදහැළෙන ධාරානිපාත වැස්ස ද, අනිත් පැත්තෙන් වාහන තදබදය ද නිසා විවිධ සේවාවන් හා අවශ්‍යතාවන් සඳහා කොළඹට පැමිණෙන ජනතාව හතර මහ අපායට ඇද දමා තිබෙන්නේ මෙම ඊනියා රණවිරු උද්ඝෝෂණය නිසාය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වර්ජන සිදුකරතත්, ඔවුන් කිසි දිනෙක රෝගීන් ට රෝහල් කරා නොපැමිණෙන ලෙස ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ දැනුම් දී නැත. ඔවුන් විසින් වැඩ වර්ජනය කළ ද අත්‍යවශ්‍ය රෝගී සේවාවන් පවත්වාගෙන යාම තම වෛද්‍ය වෘත්තියේ ගරුත්වය පවත්වාගෙන යමින් සිදු කරනු දක්නට ලැබේ. එය ඇත්තටම අගය කළ යුතුය.

පරිපාලන නිලධාරින්ගේ සංගම‌යේ බලු වමනය.. 

එහෙත් ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය විසින් ඊයේ (24) ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට දැනුම් දුන්නේ විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට නොයන ලෙසයි.

එසේ රජයේ කාර්යාලවලට නොපැමිණෙන ලෙසට මහජනතාවට ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? සැබවින්ම මෙම ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරින්ගේ සංගමයේ වත්මන් නිලධාරින් මහින්ද හා ගෝඨාගේ වහලුන් වේ. මහින්ද හා ගෝඨාගෙන් ලැබෙන තාන්න මාන්න උදෙසා ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ කීර්තිය හා ගෞරවය ඔවුන් විසින් බල්ලාට ඇද දමා ඇත.
 
අප විසින් මින් පෙරත් ලියා ඇති පරිදි පරිපාලන සේවය තුළ අතීතයේ කටයුතු කළ නිලධාරීන් වැටුපට හෝ වරප්‍රසාදවලට නොව, හුදෙක්ම තම සේවාව ඉටු කළේ මහජන සේවාවක් ලෙස සමාජ සුභසිද්ධිය උදෙසාය.

දෙවියන් වැනි වූ නිලධාරීන් පිරිසක් නියෝජනය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවාව තුළ වර්තමානයේ අරක් ගෙන සිටින ගෙවලයින් පිරිසක් විසින් එම සේවාවේ ගෞරවය ඉදිරිපිට බල්ලන් වමනය කළා සේ අපවිත්‍ර කිරීම සම්බන්ධව , තවමත් එහි ගෞරවය සුරකින නිලධාරින් විසින් පියවර ගත යුතුය.

ඇමැතියාද ‌ලේකම්ද වගකිව යුතුය..

මෙහි වරද ඔවුන්ගේ ම නොවේ. මෙම නිලධාරින් නියෝජනය කරන අමාත්‍යාංශය බාර ඇමැතිවරයා මෙන්ම ලේකම්වරයා ද ඊට වගකිව යුතුය.

මට මේ මෑතක දී මගේ මිතුරෙක් පැවසූ කතාවක් සිහිපත් වේ. ඔහු කීවේ මෙවැනි කතාවකි.

“මචං... අපේ කැම්පස් එකේ හිටියා එකෙක්.. ඌට අපි කිව්වේ කුණුපාළයා කියළා.. ඌට කුණුපාළයා කිව්වේ අරක්කු ටික බොන්නේ අනුන්ගෙන්. තේ කහට එක අනුන්ගෙන්. සිගරට් එක අනුන්ගෙන්.. බත් ටික අනුන්ගෙන්...කොටින්ම කිව්වොත් කවදාවත් ඌ තමන්ගේ අතේ ශත පහක් වත් වියදම් කරළා කන්නෙ බොන්නේ අඳින්නේ  නෑ...”

“ ඉතිං..  දැන් මොකද වෙලා තියෙන්නේ...”

“මට ඌව මේ ළග ඳී හම්බ වුනා... මං ඇහැව්වා මල්ලී උඹ දැන් මොකද කරන්නේ කියළා... ඌ කියනවා මම අහවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කියළා...ඉතිං මං හිතුවේ.. මේ වගේ එවුන්නම් ශ්‍රී ලංකා පරිපාලන සේවෙට එන්නේ.. ඒ සේවාවට දෙයියන්ගේ පිහිටයි. කියළා...”

මගේ මිතුරාගේ කතාව ඇත්තය. අද පරිපාලන සේවාව තුළ සිටින තරමක් ඉන්නේ එවැනි කුණුපාළලා ය. කුණුපාළ ලා අරක් ගත් පරිපාලන සේවාවකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය...

“දෙවියන් පය නොතබන තැන මෝඩයින් පිනුම් ගහනවා” යැයි කියන්නේ ඒකටය.

කුණුපාළලාට එළව එළවා පහර දිය යුතුය..

එහෙත් අපේ රටේ මහජනතාව තමන්ට ඇති බලය මෙතෙක් හඳුනා ගෙන නොතිබීම මේ සියල්ලටම මුළ ය. මහජනතාව තමන් සතු බලය අවබෝධ කරගත් දාට “හෙට අපේ කාර්යාලවලට එන්න එපා. අපි වැඩවර්ජනයේ” යැයි කියන කුණුපාළලාට එළව  එළවා මහජනතාව විසින් පහර දෙන දවස ද වැඩි ඈතක නොවන බව කිව යුතුය. 

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමයේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති ලා තමන් අදහන දේශපාලකයින්ගෙන් ලැබෙන වරප්‍රසාද මුවාවෙන් මහජනතාව අපහසුවට පත් කරන්නේ නම් ඉන් හානියට පත්වන්නේ මේ උතුම් සේවාවේ කීර්තිය බව කිව යුතුය..

අද වැඩි පඩි ඉල්ලමින් මහජන සේවාවන් කඩාකප්පල් කරන  ඔවුන් ගේ දරුවන් පාසල්වලට ගෙන යන්නේත් මහජන මුදලින් තෙල් ටික ගහන  නිල වාහනයේ ය. එමෙන්ම ඔවුන් ජීවත් වෙන්නේ ද මහජන මුදලින් නඩත්තු වන  නිල නිවාසවලය. අතේ ගෙන යන ස්මාර්ට් ෆෝන් එකටද ගෙවන්නේ මහජනතාවගේ මුදල්ය. වැඩි පඩි ඉල්ලා වැඩ වර්ජන කිරීමට පෙර මේ සියල්ලම රජයට බාර දී වැඩ වර්ජනය කළා නම් එය ඔවුන්ගේ ආත්ම ගෞරවයට හේතු වේ. 

වේසාකමේ යන  ගැහැණියකගේ පතිවත...

එහෙත් කුණුපාළලාගේ  ආත්ම ගෞරවයක් සෙවීම යන්න වේසාකමේ යන  ගැහැණියකගේ පතිවත සෙවීම වැන්නටත් වඩා අසීරුය.  

එහෙත් අද ඔවුන් කාර්යාලවලට සේවය සඳහා වාර්තා නොකළද, ඇද හැලෙන සිසිල් වර්ෂාව සමග නිල නිවසට වී බිරින්දැවරුන් සමග සැප විඳින කොට ඊට වන්දි ගෙවන්නේ අහිංසක මිනිසුන්ය. අද දවසේ දරුවන් ඉස්කෝලෙට යවා ඇත්තේ ද රජයේ නිල වාහන වලිනි..මහජන මුදලින් නඩත්තු වෙන  ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ වර්ජනය සඳහා උපදෙස් දෙන කොට ඊට  මුදල් ගෙවන්නේ ද මහජනතාවය.

මෙහෙව් රටක් ලෝකයේ ම නැත... 

එහෙම බලන කොට විළි ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවාට වඩා පරිපාලන  සේවාවේ කුණුපාළලාටත් වඩා ලොකුයි යැයි අලුතින් එම උපහැරණය ගළපා ගත යුතුය.  

අවසාන වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නියුතු පරිපාලන නිලධාරින්ගේ කීර්තිය රැඳී තිබුනේ තමන් මාසිකව උපයා ගන්නා පඩිපතේ නොව මහජනතාව වෙත ඔවුන් ලබා දුන් අවංක මහජන සේවාව මත බව මතක තබා ගත යුතුය.

පරිපාලන සේවාවේ වර්තමාන කුණුපාළ ලා කරන මෙම කුණු වැඩ දකින අතීත කීර්තිමත් නිලධාරීන්ගේ සොහොන් කොත් පවා වැළපෙනු නියතය. 

විශේෂ ලියුම්කරුවෙක් විසිනි

---------------------------
by     (2019-09-26 03:25:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links