චන්ද්‍රප්‍රදීප්ගේ හෙළිදරව්වක්
(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.22, ප.ව.5.45) ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට නීතිපති දෙපාර්තමේන්තුව නිර්දෝෂී පුද්ගලයෙකුගෙන් පළි ගැනීම සඳහාම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන් දෙදෙනෙකුගේ තීන්දුව අභිබවා යමින් නීතිය නවා අධිචෝදනා ගොනු කර තිබෙන අතිශය අවනීතික සිද්ධියක් යුක්ති සංවේගයෙන් යුතුව වාර්තා කරමු.
නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරියක වන ගංගා වාකුෂ්ඨආරච්චි නම් අවලමියගේ දොළදුක සංසිඳවීම පිණිස මෙසේ පළිගැනීමට ලක්ව ඇත්තේ අන් කිසිවෙක් නොව සම්මානනීය තරුණ ලේඛක ශක්තික සත්කුමාර ය.
යුක්තියේ කරුමයට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහලම ධූරයට පත්වූ අවනීතිපති දප්පුල ප්‍රසන්ත ජෝසප් ද ලිවේරා හෙවත් ‘ජහ්-පුල’ ට ස්ත්‍රී නිමිත්තක් අසලදී මුවින් කෙළ බේරීමේ රෝගයක් තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොව ලාංකීය නීති ප්‍රජාවම දන්නා අතර, ගංගා වාකුෂ්ඨ ගේ දොළදුක සංසිඳවීම සඳහා රටේ නීතිය නවමින් නිර්දෝෂී අහිංසකයෙකු දඬුකඳේ ගැසීම සඳහා 1884 තරම් ඈත යුගයක දී ආරම්භ වූ කීර්තිමත් දෙපාර්තමේන්තුවක් නින්දා සහගත තත්ත්වයකට ඇද දැමීම ගැන ජහ්-පුල සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. මෙය ලංකා නීති ඉතිහාසයේ අසූචි පදාසයකින් සනිටුහන් වන්නකි.
ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ විමර්ශන අනුව අවනීතිපති විසින් ගඳ ගස්සන ලද අසූචි පදාසය මෙසේය.
ලේඛක ශක්තික සත්කුමාර කෙටිකතා සංකල්පයක් මුහුණු පොතේ පළකලා යැයි කියා ICCPR පනත අවභාවිතා කරමින් අසාධාරණ ලෙස අත් අඩංගුවට ගෙන ඇප නොදී හිරේ විලංගුවේ දමා ගෙන හිඳින කුමන්ත්‍රණය පසුපස සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරියක වන ගංගා වාකුෂ්ඨආරච්චි බව ලංකා ඊ නිව්ස් පසුගිය ජුනි 27 දා වාර්තා කෙළේය. ඇය අපරාධ නඩු සම්බන්ධව ක්‍රියා නොකරන්නියක වුවද මෙම නඩුව ඇය භාරයට ගෙන අවනීතිය ක්‍රියාත්මක කරන බවද අප හෙළිදරව් කෙළේය. (කියවන්න - අම්මාගේ තර්ක දමා ලේඛක ශක්තික සත්කුමාරට ඇප නොදී හිර කිරීම පිටුපස සිටින ‘අවලමිය’ සහ නීතිපතියේ කුමන්ත්‍රණය හෙළිවේ..!)
එම පුවතින් පසුව ඇය පරල වුවා පමණක් නොව ‘ගැරඬියන් ගැටේ’ යනු කුමක්දැයි විමසමින් දෙපාර්තමේන්තුව පුරා ගියාය . ‘ගැරඬියන් ගැටේ’ යන වදනේ නියම අරුත දැන ගැනීමෙන් පසු ඇය ජහ්-පුල ඉදිරියේ හඬා වැටෙමින් අපගේ පුවතට අනුබල දෙන්නේ දෙපාර්තමේන්තුව තුලම හිඳින අය යැයි කියමින් ආඩාපාලි කීවාය. පෙර කී ලෙසම ස්ත්‍රී නිමිත්තක් අසලදී මුවින් කෙළ බේරීමේ රෝගයෙන් පෙළෙන ජහ්-පුල ඈ සැනසුවේ කවර අංග සුංග ලිංග භාවිතා කරදැයි අප දන්නේ නැති නමුත් ඇය අස්වැසුවේ ය.
ඉන්පසු දිගින් දිගමට මෙකී නඩුව මැවූ පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ පදිංචි කරවා ගත් ඇය මෙකී ව්‍යාජ නඩුව නිර්මාණය කිරීමේ කාරිය කළාය.
අවසානයේ තම වාර්තාව එනම් ලේඛක ශක්තික සත්කුමාරට ICCPR පණත යටතේ හෝ සාමාන්‍ය අපරාධ විධි විධාන පණත යටතේ අධි චෝදනා ගොනු කරන්නේ කෙසේදැයි දැක්වෙන වාර්තාව ඇයට ඉහළ නිලධාරීන් වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන් වෙත යොමු කළා ය. නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදාය අනුව එවැනි එක ලිපි ගොනුවක් පිළිබඳ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලා දෙදෙනෙකු විසින් එකම තීන්දුවක් නොදුනහොත් ඒ පිලිබඳ අධිචෝදනා ගොනුකරන්නේ නැත. දෙදෙනෙකු මත දෙකක් ප්‍රකාශ කළහොත් ඒ දෙදෙනා නැවත සාකච්ඡා කර එක තීන්දුවක පැමිණීම සාමාන්‍යයකි. ගංගා කුෂ්ඨය ඉදිරිපත් කළ වාර්තාව අනුව ලේඛක ශක්තික සත්කුමාර ට ICCPR පනත යටතේ හෝ අපරාධ විධි විධාන පණත යටතේ හෝ අධි චෝදනා ගොනු කළ නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරු දෙදෙනෙකු විසින්ම නිර්දේශ කළෝ ය. ලංකා ඉතිහාසයේ කෙදිනකවත් නි.සො.ජෙනරාල් වරුන් ප්‍රතික්ෂේප කරන ලද නඩුවක් ඉන් ඉදිරියට ක්‍රියාත්මක වන්නේ නැත. අධි චෝදනා ගොනු කෙරෙන්නේ නැත. මන්ද යැයි සරලව කිවහොත් නීතිපති දෙපාර්තමේන්තුව පවා පරදින්න නඩු කියන්නේ නැති නිසාය.
අහෝ පුදුමයකි.., ඒත් ඇත්තකි..! 1884 ආරම්භ කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසයම කණපිට ගස්සමින් ගංගා වාකුෂ්ඨආරච්චි හඬමින් දොඩමින් තම ප්‍රතික්ෂේපිත ලිපිගොනුව නීතිපතිවරයා වෙත ගෙන ගොස් මෙය කෙසේ හෝ කර දෙන්නැයි කන්නලව් කළා ය. ස්ත්‍රී නිමිත්තක් අසලදී මුවින් කෙළ බේරෙන අවනීතිපති උපදෙස් දුන්නේ ලිපිගොනුව ඊට ඉහල අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන වෙත ගෙනගොස් ඔහු ලවා නි.සොලිසිටර් ජෙනරාල්ලා දුන් තීන්දුව ‘ඔ්වර් රූල්’ කරන ලෙසයි. කුඩා කාලයේ සිටම පන්සල් වල ලැගීම හේතුවෙන් නීතියට වඩා අඳනකඩ වල ගඳ සුවඳට වඩාත් ලොල් ප්‍රියන්ත නාවාන ගංගාගේ දුෂ්ඨ චෛතසික කුෂ්ඨය සනීප කළේය.
මෙකී කුමන්ත්‍රණය අනුව නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසය කණපිට ගස්සමින් ලේඛක ශක්තික සත්කුමාර දඬු කඳේ ගහන අවනීතික අධිචෝදනා මේ සතිය තුල බාර දීමට නියමිත ය.
ශක්තික අත්අඩංගුවට ගත්තේ අප්‍රියෙල් 1 දා ය. මැයි 23 ගැන්සි ගැහී මුස්ලිම් කඩ ගිනි තැබූ සිවුරුකරුවන් සහ පාදඩයන්ට ICCPR පණත යටතේ චෝදනා ගොනු කරන්නැයි අගමැතිවරයා කීවද එසේ නොකළ පොලිසිය සහ නීතිපතිය ඔවුන් සියළු දෙනා ඇප මත නිදහස් කෙළේය. නමුත් ලේඛක ශක්තික තවමත් හිරේ ය. ඔහුට ICCPR පණත යටතේ අධි චෝදනා බාර දෙනු ඇත. ශක්තික දඬුකඳේ ගැහීම කෙතරම් වේගවත්ද යත් අප්‍රියෙල් 1 දා අත් අඩංගුවට ගත් ශක්තිකට අධි චෝදනා ගොණු කළ දිනයේම තවත් අධි චෝදනා ගොනු කළ නඩුවක් වූයේ අලි හොරා විනිසොරා තිලින ගමගේ ගේ නඩුවයි. ඒ නඩුවට වයස අවුරුදු 4 කි. තිලින ගමගේට අධිචෝදනා ගොනු කිරීමට වසර 4 ක් කල් මැරුවේ නමුත් ශක්තිකට සිම්පල් ටොයිස් මාස 4 ටත් අඩුවෙන් අධි චෝදනා හැදුවේ ය.
මෙහි ඇති දරුණුම කුමන්ත්‍රණය නම් මෙකී ව්‍යාජ අධිචෝදනා ගොනු වන්නේ කුමන නඩුකාරයා හෝ නඩුකාරිය ඉදිරියේද යන්නයි. ශක්තිකට එරෙහි අධි චෝදනා යොමු වන්නේ කුප්‍රකට දීපාලි විජේසුන්දරයේ සොයුරිය මේනකා ජයසුන්දර ඉදිරියේ ය. මහජන මුදල් හොරා කෑ ජොනී නිදොස් කොට නිදහස් කෙළේ මේනකා ය. මේනකාගේ නඩු බැලවිල්ල ලංකා ඊ නිව්ස් ඇති පදම් හෙළිදරව් කළ නමුත් අධිකරණ සේවා කොමිසමේ කොඳු නාරටියේ ඇති ප්‍රශ්න වලට වඩා කොඳු නාරටිය අවසානයේ ඇති අවයව වලින් සිතන නිසා දෝ යුක්තිය දෙවොලේ අවලමියන් දේවතාවියන් වී සිටින බව ජනතාව දත යුතුය.
ශක්තික නීති විරෝධීව හිරේ දමා ලබන මස 5 වෙනිදා හදන ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ’ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තිබෙන්නේ බලු ගුදයේ දැයි කිසිවෙකු ඇසුවහොතින් උත්තර දෙන්නට බල්ලෙකුවත් නොමැතිවනු ඇති බවද එකී නායකයන්ට අනතුරු අඟවා තැබිය යුතුය.
කෙසේ වෙතත් අවසාන වශයෙන් ලියා තැබිය යුත්තේ ශක්තික සම්බන්ධයෙන් නීතිපතියේ අවනීතිය යනු නිදහස් ලේඛනයේ මළගම බවයි. අවලමුන් සහ අවලමියන් දෙතුන් දෙනෙකුට ශ්‍රී ලංකාවේ යුක්තියේ හෘද සාක්ෂියට මෙපමණ විනාශයක් කරන්නට ඉඩ දී බකන් නිලාගෙන සිටිනවාද යන්න ලංකාවේ ලේඛකයින්, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන පමණක් නොව පාඨකයින් ද බරසාරව ගත යුතුය. ඒ දේ නොහැකි නම් දැන් තබා තමන්ගේ ලේඛනයට සහ තමන් කියවන දේට මල් වඩමක් ඔ්ඩර් කර ගත යුතුය. මෙය අධිකරණයෙන් බේරා ගත හැකි ප්‍රශ්නයකට වඩා මහපාරේ විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවට පත් වී හමාරය.
---------------------------
by (2019-07-22 12:48:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි