~

ආන්දෝලනාත්මක බැඳුම්කර නඩුවේ 10 කට නඩු පැවරේ.! කටකතා අහෝසි කළ ඇත්ත අධිචෝදනා මෙන්න..!

සාක්කිකරුවන් 116 යි: සාක්කි ‌ලේඛන 236 යි

(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.09, පෙ.ව.7.45)  යහපාලන ආණ්ඩුවට එල්ල වූ බරපතලම චෝදනාව වූ බැඳුම්කර නඩුවේ විමර්ශන අවසන් වී විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම  සඳහා ලබන 19 වෙනිදා චුදිතයන් 10 දෙනෙකු නම් කරමින් නීතිපති දප්පුල ප්‍රසන්ත ජෝසප් ද ලිවේරා විසින් ඔවුන්ට අධි චෝදනා බාර දී තිබේ.

එකී අධි චෝදනා වල පිටපතක් සම්පූර්ණයෙන් මේ සමග පහතින් දක්වා ඇත. විශාල කර කියැවිය හැකිය. 
 
ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන ඇලෝසියස් , එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු දස දෙනෙකු නම් කර තිබේ. 

ඔවුන් නම් 

1 ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්
2 පත්තිනිගේ සමරසිරි
3 පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
4 අර්ජුන් ජෝසප් ඇලෝෂියස්
5 පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඔ්ෂධී පළිසේන
6 ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස්
7 පුෂ්‍යමිත්‍ර ගුණවර්ධන
8 චන්න රංජන් හුළුගල්ල
9 මුත්තුරාජා සුරේන්ද්‍රන්
10 අජාන් ගාර්දියේ පුංචිහේවා

යන අයයි. මෙහි පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට පැන ගොස් ලංකාවට නොපැමිණ සැඟව සිටී. නමුත් ඔහු නොමැතිව නඩුව විභාග කළ හැකිය. 

1982 අංක 12 දරණ පොදු දේපල පණත යටතේ රජයට පාඩු කිරීම යන ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23 ක් යටතේ නඩු පවරා ඇත.
 
රජයට සිදුකළ පාඩුව සම්බන්ධයෙන් මහ බැංකුව කැඩුවා යයිද, රුපියල් බිලියන ගණනින් ගැහුවා යයිද, වේදිකාවල කෑ ගැසුවද නඩු පවරා ඇත්තේ රු. මිලියන 688,762,100 ක් හෙවත්  68 කෝටි 87 ලක්ෂ හැට දෙදහස් එකසීයක   පාඩුවක් සිදුකළා කියා ය. මේ පාඩුව සම්බන්ධයෙන් පර්පෙචුවල් සමාගමේ රු.මිලියන 1200 ක් හෙවත් රුපියල් කෝටි 120 ක මුදලක් මහ බැංකුව විසින් රඳවා ගෙන තිබේ. එනම් පාඩු කළා යැයි චුදිත මුදල මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුව රඳවා ගෙන තිබේ. 

මෙම නඩුවේ සාක්කි වශයෙන් ලේඛන 236 ක් ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ල වෙනුවෙන් කැඳවීමට යන සාක්කිකරුවන්ගේ ප්‍රමාණය 116 කි. 

ඒ අනුව මෙය දැවැන්ත නඩුවකි. යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු පසුගිය ආණ්ඩුකාලයේ දූෂණ ගැන සොයන අතරේ  තමන්ට එල්ල වූ බරපතල දූෂන චෝදනාවක් වූ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කර නඩු පැවරීමට ක්‍රියා කිරීම යහපත් ක්‍රියාවකි. 

(අධි චෝදනා වල පිටපතක් පහත දැක්වේ. කුඩා පින්තූරය විශාල කිරීමන් අනතුරුව යළිත් ඇති විශාල කිරීමේ ‌කොටුව ක්ලික් කිරීමෙන් කියවීම පහසු කර ගත හැකිය.) 

---------------------------
by     (2019-07-09 02:33:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links