~

අම්මාගේ තර්ක දමා ලේඛක ශක්තික සත්කුමාරට ඇප නොදී හිර කිරීම පිටුපස සිටින ‘අවලමිය’ සහ නීතිපතියේ කුමන්ත්‍රණය හෙළිවේ..!

(ලංකා ඊ නිව්ස්- 2019.ජුනි.27, පෙ.ව.6.30) තරුණ ලේඛක ශක්තික සත්කුමාර කෙටිකතා සංකල්පයක් මුහුණු පොතේ පළකලා යැයි කියා ICCPR පනත අවභාවිතා කරමින් අසාධාරණ ලෙස අත් අඩංගුවට ගෙන ඇප නොදී හිරේ විලංගුවේ දමා ගෙන හිඳින කුමන්ත්‍රණය පසුපස නීතිපතියේ ‘අවලමියක්’ සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු වෙත වාර්තා වේ.

අම්මාගේ තර්ක...

මැය නමින් ගංගා වාකිෂ්ඨ ආරච්චි නම් නීතිපති යේ සේවය කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරියකි. කුරුණෑගල මහාධිකරණයට ඊයේ (26)  ඉදිරිපත් කරන ලද ශක්තිකට ඇප ලබා ගැනීමේ අයැදුම් පත විභාග කළ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ශාඛා කාර්යාලයෙන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිවේදියා ශක්තිකට ඇප ලබා දෙනවාට විරුද්ධ විය. ඔහු කියා සිටියේ අම්මාගේ තර්කයකි. එනම් අදාල කෙටිකතාව ඔහුට කියැවීමට අවස්ථාව ලැබුනේ නැතැයිද, එබැවින් කාලයක් අවශ්‍යය යන්නය. කුරුණෑගල ශාඛාවේ නීතිඥයා කෙටි කතා කියැවීමට අවශ්‍ය නැත. ඒවා කියවා ඔහුට අදාල උපදෙස් ලබා දිය යුත්තේ කොළඹ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ය. එසේ තිබියදී කුරුණෑගල චිප්පු නීතිඥයාට මෙවැනි උපදෙසක් කොළඹින් දුන්නේ කවුරුන්දැයි ලංකා ඊ නිව්ස්    කළ සොයා බැලීමේ දී ගංගා වාකිෂ්ඨ නමැති ‘අවලමිය’ මෙම උපදෙස දී තිබෙන බව හෙළිවිය.

සමාවන්න, ගංගා වාකිෂ්ඨ නමැති ඉහත කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරියට අප ‘අවලමිය’ යැයි සඳහන් කරන්නේ නිකම් නොවේ. ඇය ලංකාවේ නම ද කැත කරමින් විදේශයකදී අවලම් වැඩක් කර හසුවී ඇති නිසාය. ඒ සිද්ධිය මෙසේය.

ෆීජි අගවිනිසුරු සමග ‘ගැරඬියන් ගැටේ’ ගසා හසුවූ අවලමිය..

ලංකාවේ විනිසුරන් රජයේ නීතිවේදීන් රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබා වැඩි වැටුප් සඳහා ෆීජි රටේ නිශ්චිත කාලයකට සේවය කරන බව ප්‍රසිද්ධ කාරණයකි. ඉහත කී ගංගා වාකිෂ්ඨ ද කලකට පෙර එසේ ෆීජි රටේ සේවය සඳහා ගියා ය. අහෝ ඛෙදයකි. එවක ෆීජි හි අගවිනිසුරු වූයේ ලංකාවේ රෝයල් කොලිජියේ අධ්‍යාපන ලැබූ ෆීජි ජාතිකයෙකි. ගංගා ෆීජි අගවිනිසුරු සමග ‘ගැරඬියන් ගැටේ’ ගසා හසුවූවා ය. ඔවුන් තම ෆීජි ජාතිකයාට දඬුවම් නොකෙළේ නමුත් පිටරටින් පැමිණ සිටි ගංගා වාකිෂ්ඨගේ කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇය ෆීජි රටින් පිටුවහල් කළේ ය. රටට නින්දාවක්ද රැගෙන ඇය යලි ශ්‍රී ලංකාවට පැමිණියා ය. අපේ රටේ අවලම් වැඩ කරන උන්ට සහ එකියන්ට රාජ්‍ය සේවයේ දඬුවම් නැති උසස් වීම් ලැබෙන කටයුත්තක් බැවින් ගංගා වාකිෂ්ඨ කිසිදු ගැටළුවකින් තොරව යලි නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට අනුයුක්ත කෙරිණ. දැන් ශක්තික සත්කුමාරගේ නඩුව භාරව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන්නේ ගංගා වාකිෂ්ඨ අවලමිය යි. 

පුදුමය නම් ශක්තිකගේ නඩුව අපරාධ නඩුවක් වන්නේ වී නමුත් ගංගා වාකිෂ්ඨ ට මෙකී නඩුව බාර දුන්නේ මොකාද යන්නයි. මන්ද යත් ඇය අපරාධ නඩු නොව සිවිල් නඩු භාරව කටයුතු කරන තැනැත්තියක් නිසා ය. ඒ ගැනද සොයා බැලූ කල හෙළිවූයේ අපූරු සිද්ධියකි. 

සිවුරු මාෆියාව හමු වූ පිස්සු ගමරාළ... 

ශක්තිකට එරෙහිව පැමිණිලි කරන ලද්දේ ඒ ප්‍රදේශයේ සිවුරු මාෆියාවකි. මෙකී සිවුරු මාෆියාවේ එකෙක් පසුගියදා පිස්සු ගමරාළ හමුවී ඇත. එහිදී ශක්තික නිදහස් නොකර තව හිර කළ යුතු යැයි සිවුරු මාෆියා කාරයා වදාළද්දී පිස්සු ගමරාළ ඒ අවස්ථාවේදීම නීතිපති තප්පුල ලිවේරාට දුරකථන ඇමැතුමක් ගෙන ශක්තිකට ඇප නොදී හැකි තරම්  නඩුව හිර කළ යුතු යැයි උපදෙස් දී තිබේ. තප්පුල ලිවේරා ද මේ වැඩේ කාට බාර දිය යුතු දැයි කල්පනා කළ කල්හි ගංගා වාකිෂ්ඨ වැඩේට සුදුසුම එකිය බව පෙනී ගොස් ඇත. මන්ද යත් ගංගා වාකිෂ්ඨ අවලමිය  ද සිවුරුකාරයන් සමග නිරන්තර සමීප සබඳතා පවත්වන්නියක නිසා ය. ඇය සිවුරුකාරයන් සමග සමීප සබඳතා පවත්වන්නේ බණ මළුවේ නොව ආවාස ගෙවල් ඇතුලේ බවද තප්පුල ලිවේරා හොඳින් දැන සිටියේ ය. දැන් ඇය තම මාරාන්තික උපදෙස් දෙමින් අර අහිංසක දරු පවුල් කාරයා හිරකරගෙන සිටින්නී ය. 

මේ නීච අවලම් වැඩේ වහාම නතර කළ යුතු යැයි අපි තප්පුල ලිවේරාටත් ගංගා වාකිෂ්ඨ ආරච්චි අවලමියටත් අනතුරු අඟවා සිටිමු. මන්ද යත් තොපගේ ගැලවුම්කරුවා වන පිස්සු ගමරාළට තව ඇත්තේ පසලොස්වකවල් කිහිපයක් පමණක් නිසා ය.  

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තාකරුවෙකු විසිනි-

---------------------------
by     (2019-06-27 01:30:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links