සුන්දරා ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.මැයි.16, ප.ව.11.45) ලොව පුරා විහිදුණු ජාත්‍යන්තර සමාගම් වල පරිඝනක පද්ධති මෙහෙයුම් කටයුතු සහ මෘදුකාංග නිර්මාණය සහ ආශ්රිත කාර්යන් හි නිරත සමාගම් රාශියක් මෙරට ස්ථාපිතව ඇති අතර එමගින්, මොරටුව විශ්ව විද්‍යාල පරිඝනක ඉංජිනේරු පීඨය, ස්ලිට් පරිඝනක තාක්ෂණ විශ්ව විද්‍යාලය, ජාතික ව්‍යාපාර කලමනාකරණ ආයතනය සහ විශ්ව විද්‍යාලය ට අනුබද්ධ ඉංජිනේරු පීඨ මගින් බිහිකරන පරිඝනක සහ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරුන් සඳහා ඉහල වැටුප් සහිත වෘත්තීය අවස්ථා විශාල ප්‍රමාණයක් හිමිව පවතී.
ත්රස්තවාදීන් විසින් සිදුකරන මරාගෙන මැරෙන ප්‍රහාර සහ මිනිස් ඝාතන මෙන්ම , පලිගැනීම් පිනිස විවිධ පරිඝනක අපරාධ වල නියැලීම , පරිඝනක පද්ධති අවුල්කර දැමීම, බැංකු ආශ්රිත පරිඝනක පද්ධති තුළින් මුදල් මංකොල්ලකෑම ආදිය සිදුවිය හැකි බැවින් ජාත්‍යන්තර පරිඝණක ආශ්රිත කොන්ත්‍රාත් පිරිනැමීමේදී අදාල රටේ සේවකයන්ගේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂක තත්ත්වය පිලිබඳව ජාත්‍යන්තර සමාගම් දැඩි අවධානය යොමු කරති.
මෙතෙක් කලක් එම විශ්වාසය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම තුලින් මෙරට බුද්ධිමත් තරුණ පරිඝණක සහ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් හරහා විශාල විදේශ විනිමයක් මෙරටට උපයාගැනීමට සහ රටේ තරුණ ඉංජිනේරුවන් හට ජාත්‍යන්තර මට්ටමේ වැටුප් සහ පහසුකම් මෙරට තුලදී බුක්ති විඳීමට අවස්ථාව සැලසී තිබිණ.
එහෙත්, ජනපති ත්‍රස්ත ප්‍රහාරයක් දැන දැන අහක බලාගෙන සිටීමත් ඔහුගේ ඊනියා ත්‍රස්ත මර්දනය තුල ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නිසි පරිදි සිදුනොවීමත් නිසා අදාල රටවල පරිඝනක පද්ධති තුලට මෙරට වෘත්තිකයන්ට මෙරට සිට ඇතුළුවීමට අවසරදීම ගැන දෙවරක් සිතන තත්ත්වයට සේවා යෝජක විදෙස් සමාගම් සහ ආයතන පත්ව ඇත.
ජනපතිගේ ඊනියා ත්‍රස්තවාදී මර්දනයහි සත්‍ය පිලිබඳව අපට වඩා හොඳින් විදෙස් රටවල බුද්ධි අංශ වල අවධානය යොමු වී ඇති අතර, ඒ අනුව ත්රස්තවාදීන් හා සම්බන්ධ දේශපාලකයන් සහ ජනපති අතර ඇති සෘජු සබඳතාවය, සහ ත්‍රස්තවාදී මර්දනයට සිදුකරන දේශපාලන බලපෑම් තුළින් ත්‍රස්තවාදී සැකකරුවන් හට නිදහස හිමිවීම යන කාරනා හේතුවෙන් තම රටවැසියන් හට මෙරට සංචාරක තහනම් පැනවීම මෙන්ම , ඊට සමගාමීව මෙරට ත්රස්තවාදයේ බලපෑම මත තම රටවලට සිදුවිය හැකි බලපෑම් සහ ආපදා පිලිබඳව ද එම රටවල් පුලුල් ලෙස විමසා බලන බව දැනගන්නට ඇත.
මේ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ අසමත්කම සහ දූෂිත අභිලාෂයන් වෙනුවෙන් ත්‍රස්තවාදී මර්දනය අවභාවිතා වීම තුළින් මෙරට ආර්ථිකයට සහ සමාජයට සිදුවන බරපතල අහිතකර බලපෑම් සමනය කරගැනීමට නම් ත්‍රස්තවාදය මුලිනුපටා දැමීමේ කාර්ය සාධනීය ලෙස, සත්‍ය ලෙස සිදුකිරීමට නොපමාව කටයුතු කරනු ලැබිය යුතුව ඇත.
---------------------------
by (2019-05-16 22:24:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි