~

හිස්බුල්ලාට එරෙහිව උපවාසයක්..! මුළු රටින්ම ‌මෙතෙක් අල්ලා ගත් ආයුධ වගේ තුන් ගුණයක් හිස්බුල්ලා ලඟ..!!

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.06, ‌පෙ.ව.4.05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම්. ඒ. ඒ. එල්. එම්. හිස්බුල්ලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කෙරුනේ මෙයින් මාස පහකට පෙරදීය. රටේ බහුතරය සිංහල වුවද නැගෙනහිර පළාතේ සිංහලයා සුළුතර ජාතිකයකි. හිටපු ජනාධිවරු පස් දෙනාම පලාතේ ආණ්ඩුකාර ධුරයට  සිංහල ජාතිකයෙකු පත්කළේ එකී සුළුතරයට අසාධාරණයක් සිදුවීමට ඉඩ ඇතැයි යන උපකල්පනය මතය. ඒ බව ජේ ආර් ජයවර්ධන සහ ආර් ප්‍රෙමදාස යන ජනපතිවරුන් දෙදෙනාම ප්‍රකාශකර තිබේ. 2019 ජනවාරි 04 වන දා දක්වාම එය සම්ප්‍රදායක්ව පැවතුනි. පසුගිය වසරේ නොම්බර් 26 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ චිරාගත සම්ප්‍රදාය ද කඩා දැමුවේ එදින ය. 

ආණ්ඩුකරයා සිංහලද දෙමළද මුස්ලිම්ද යන්න අපට ප්‍රශ්ණයක් නොවේ. හිස්බුල්ලා ගැන අප මේ කථාව කියන්නේ ඔහු මුස්ලිම් නිසාද නොවේ. මේ අවස්ථාවේදී  ඔහු අපට මාතෘකාවක් වන්නේ පාස්කු ඉරිදා සිදුකළ මහා විනාශය සම්බන්ධයෙන් ඊට වගකිවයුතු බවට නම් කියවෙන මුස්ලිම් දේශපාළකයන් අතර හිස්බුල්ලාද සිටින නිසාය.

ආණ්ඩුකාර පදවියට පත් හිස්බුල්ලා ත්‍රීකුණාමලේ පිහිටි සිය කාර්යාලයට පැමිණියේ ඔහුගේ හිතවතුන් පිරිවරාගත් රථ පෙළපාලියකින්ය. තනතුර භාරගෙන ටික දිනකට පසුව 'ඉවසීම ඉක්මවා ගියහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගැනීමට ඉඩ ඇතැයි' ඔහු ප්‍රසිද්ධියේ පැවසීය.  නැගෙනහිර පළාත් සභාව මඟින් පාලනය වන සියළුම ආයතන සඳහා මුස්ලිම් තරුණ තරුණියන් පමණක් පත්කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.  විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදියේ රැකියා විවෘත වූයේ ඔහුගේ ජාතියට පමණක් බවද කියැවේ. සිංහල පමණක් ජීවත්වෙන ප්‍රදේශවල පිහිටි පළාත් පාළන ආයතන දැන් පිරීගොස් ඇත්තේ මුස්ලිම් ජාතිකයන්ගෙන් වීමද අසත්‍යයක් නොවේ. නැගෙනහිර පළාතේ ඇති එකම සිංහල පළාත් පාළන ආයතනයකටවත් ඔහු මේ දක්වා තඹ ශතයක් නොදුන් බව එම ආයතන වල මාසික සභා රැස්වීම් වලදී ප්‍රකාශ වේ.
නැගනහිර පළත් ආණ්ඩුකාර ධුරයට සිංහල ජාතිකයෙකු පත්කිරීමට හිටපු ජනාධිපතිවරුන් වග බලා ගත්තේ මෙවැනි තත්වයක් ඇතිවීම වළකා ගැනීමට විය යුතුය.

පලාත් ආණ්ඩුකාර හිස්බුල්ලා පිළිබඳව අවධානය යොමු වියයුතු වන්නේ මෙම කාරණා නිසා පමණක්ම නොවේ. ඔහු වහාම ආණ්ඩුකාර ධුරයෙන් පහ කළ යුතු බවට ජනාධිපතිවරයාට බලකරමින් කන්තලේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මෙන්ම නැගෙනහිර මහජන සංවිධානයේ සභාපතිවරයාද වන  විජේවික්‍රම ළමාහේවා ඉකුත් 03 වනදා  සිට උපවාසයක් ආරම්භ කර  ඇති අතර ඔහු  පළකරන අදහස් සම්බන්ධයෙන්ද සැළකිලිමත්වීම  ඉතා වැදගත් බව හැඟේ. 

විජේවික්‍රම ළමාහේවා මෙසේ අවධාරණය කරයි.

“ මගේ උපවාසයට නැගෙනහිර මහජන සංවිධානයේ මිස  අපේ පක්ෂයේ සම්බන්ධයක් නෑ. ඒක පැහැදිලිවම කියන්න ඕනෑ. රටේ බහුතරය සිංහල වුනත් නැගෙනහිර පළාත තුල සිංහල කියන්නේ සුළුතරයක්. ජනාධිපතිවරු පස් දෙනෙක් අපේ රට පාළනය කළා. ඒ එකම නායකයෙකුවත් නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු පත්කළේ නෑ. සුළුතර සිංහලයාට අසාධාරණයක්  වීම වළක්වා ගැනීමටයි එහෙම කළේ. වත්මන් ජනාධිපතිතුමා ඒ සම්ප්‍රදාය කැඩුවා.  

සිංහල අපි ජාතිවාදීන් නොවෙයි. නමුත් නැගෙනහිර පළාත තුල ජාතිවාදය නෑ කියලා අපට කියන්න බෑ. හිස්බුල්ලා මහතා මුස්ලිම් ජාතිවාදය කුළුගැන්වෙන ආකාරයේ විවිධ ප්‍රකාශ සිදුකර තියෙනවා මේවා ජනමාධ්‍ය මඟින් අණාවරණය කළා. 

මුස්ලිම් තරුණයන්ගේ ඉවසීම ඉක්මවා ගියහොත් ඔවුන් ආයුධ අතට ගන්න ඉඩ තියෙන බව හිස්බුල්ලා කළ ප්‍රකාශය මුළු රටම දන්නවා .

හිටපු කොටි නායකයෙකු වන  'ඉන්බරාසා කන්දසාමි'  නමැත්තා  පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වා කොටි සංවිධානය සතුව තිබූ ගිනි අවි 5000 ක්‌ රිෂාඩ් බදියුදීන් සහ එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා විසින් මිලට ගෙන කාන්තන්කුඩි, කින්නියා, මුතුර් ප්‍රදේශවල සිටින මුස්‌ලිම් තරුණයන්ට ලබා දී ඇති බව පැවසුවා. 

පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරයට ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සම්බන්ධයක් නැතැයි හිස්බුල්ලා මහතා මැලේසියානු වෙබ් අඩවියක් වන  the leaders-online  වෙත ප්‍රකාශයක් කර තිබුනා .

මේ වනවිට ආරක්ෂක අංශ විසින් රට පුරා අත් අඩංගුවට ගෙන ඇති ආයුධ තොගය මෙන් තුන්ගුණයක් හිස්බුල්ලා සතුව තිබෙන බව ශ්‍රී ලංකා හින්දු සංවිධානය ප්‍රකාශ කරනවා.

ටී 56 පතුරම් හතලිස් අටක් සමඟ හිස්බුල්ලාගේ රියැදුරෙක් සහ ලේකම්වරයෙක් අත් අඩංගුවට ගත්තා.

මේ සියල්ලම මුළු රටම දන්නා ප්‍රකාශ. මීට අමතරව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ. එම්. ඒ. ඒ. එල්. හිස්බුල්ලා මහතාගේ ජාතිවාදී ක්‍රියාකරකම් ගැන තවත් බොහෝ තොරතුරු අප සතුව තියෙනවා. ඉදිරියේ අධිකරණයක් හමුවේ ඒ සියල්ල ඉදිරිපත් කිරීමට නැගෙනහිර මහජන සංවිධානය බලාපොරොත්තු වෙනවා. 

අපි අතිගරු ජනාධිපතිතුමාට කියන්නේ මේ ආණ්ඩුකරවරයා ධුරයෙන් ඉවත්කරන ලෙසයි.  එසේ නොකළහොත් මේ උපවාසය ජාතික අරගලයක් බවට පත්වේවි."

මෙහිදී ලංකා ඊ නිව්ස්  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ හිස්බුල්ලා ඇතුළු තවත් එවැනිම දේශපාළකයන් පිරිසකට එල්ලවී ඇති ත්‍රස්ත චෝදනා පිළිබඳව නිවරැදි ප්‍රකාශයක් කරන ලෙසයි. ඔහු වෙනත් බොහෝ කරුණු කාරණා ගැන කථා කළත් මේ සම්බන්ධයෙන් මුව තද කරගෙන සිටීම ජනතාවගේ  විමතියට හේතුවකි. රටේ අගමැති ඇතුළු ඔහුගේ කණ්ඩායමද ත්‍රස්තවාදීන්ට සහය දෙන බවට චෝදනා එල්ල වේ . එය ද එහි ඇති නිරවද්‍ය භාවයද රට දැන ගත යුතුය . භීෂණයේ නියමුවන් කවුරුන්දැයි  රටට හෙලිදරව් නොකර මේ ගැටළුව විසඳන්නේ කෙසේදැයි   සේනාධිනායක ජනාධිපතිවරයාගෙන් අපි ප්‍රශ්ණ කරමු . මෙය දෙකක් වැනෙන විට එකක් කෙළින්වීමේ සෙල්ලම නොව ජීවිත සමඟ කරන සෙල්ලමකි. ඒ සඳහා ජනපති අගමැති සහ විරුද්ධපක්ෂයේ නායකයාද රට වෙනුවෙන් කෙළින් සිටිය යුතුය.  

ආර්. ජී. ධර්මදාස

---------------------------
by     (2019-05-05 22:42:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links