~

මාකඳුරේ මධූෂ් ලංකාවට..! ගුවන් ‌තොටේදීම අත් අඩංගුවට..!

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.05, ‌පෙ.ව.6.10) ඩුබායි හි දී පසුගිය ‌පෙබරවාරි 5 ‌වෙනිදා අත් අඩංගුවට පත් ලංකාවේ නම ගිය පාතාල නායක මධූෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා අද පාන්දර 5.15 ට පමණ ඩුබායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබේ. ඔහු ශ්‍රී ලංකාවෙන් ඩුබායි පැන්නේ ලක්ෂ්මන් යාපාගේ වැඩිමහල් පුත් ඔසඳ යාපා විසින් සකසා දුන් ‌වෙනත් නමක් සහිත ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් වන අතර අද දිවයිනට පිටුවහල් කර ඇත්තේ ද එකී ව්‍යාජ ගුවන් බලපත්‍රයෙන්ම ය. 

ඔහු කටුනායක ගුවන් ‌තොටුපොලේ දීම ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් බව ගුවන් ‌තොටුපොල ‌තොරතුරු කරුවෝ පවසති. 

---------------------------
by     (2019-05-05 00:48:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links