~

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය බාර දීමට බිය ඇත්තම හේතුව දේශද්‍රෝහී ජනාධිපති හෙළිකරයි..!

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.04, ප.ව.3.45) සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය බාර දිය නොහැකි ඇත්තම හේතුව දේශද්‍රෝහී ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ එජාපෙ නායකයන් වෙත පවසා තිබේ. 

“ඔය මිනිහව පොලිසිය බාර ඇමැති කළොත් ඔ්කා මාවත් හිරේ දානවා ඒ නිසා කීයටවත් ෆොන්සේකාට නම් නීතිය හා සාමය අමාත්‍යාංශය බාර දෙන්න බෑ” යි දේශද්‍රෝහියා පවසා තිබේ. (තමා හිරේ යෑමට තරම් වැරදි කර ඇති බව ඔහු දනී)

මාතෘභූමිය මේ තරම් භයානක ජාත්‍යන්තර ත්‍රස්තවාදී අනතුරකට ලක්ව තිබියදී මාතෘභූමිය ජාතක කළ දක්ෂතම ආරක්ෂක නිලධාරියාට රටේ ආරක්ෂාව බාර නොදී මේ ජනාධිපතියා ක්‍රියා කරන්නේ කෙතරම් පටු ආත්මාර්ථකාමී දේශද්‍රෝහී ක්‍රියාවක්දැයි ඉහත ප්‍රකාශයෙන් ජනතාව තේරුම් ගත යුතුය.

ජනතාවට වඩා තත්ත්වයේ බරපතලකම තේරුම් ගත යුත්තේ නපුංසක සෙයියාවෙන් සිටින එජාප නායකත්වයයි. එජාප නායකත්වයට තව දුරටත් අවශ්‍ය මේ දේශද්‍රෝහියා තොඳොල් කරමින් ඔහු කරපොයියන් ගසා ගෙන යෑමටයි. ඊට හොඳම උදාහරණය වන්නේ පාස්කු ඉරිදා බෝම්බ පුපුරා යද්දී තමන් කැඳවූ ආරක්ෂක මණ්ඩලයට යන්නට එපා යයි හමුදාපතිවරුන්ට ජනාධිපති ගමරාළයා කී බව ඔහු විසින් ඉතා හොඳින් දැන දැනම පසුව සිවිල් සංවිධාන නායකයන් ඉදිරියේ දී ජනාධිපතිගේ ගුණ වයමින් “මෙම ප්‍රහාරය එල්ල වන විට ජනාධිපතිතුමා සිංගප්පූරුවේ සිටියත්, එතුමා සමග අප සාකච්ඡා කළා. ඒ මොහොතේම අපි, අපේ ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කළා.” යයි ප්‍රකාශ කිරීමයි.

---------------------------
by     (2019-05-04 10:32:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links