(ලංකා ඊ නිව්ස් -2019.මැයි.02, ප.ව.9.30) සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයක් ලබා ගෙන එළැඹෙන 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ බුද්ධි අංශ වලින් ලබා දෙන තොරතුරු හා උපදෙස් මත තීරණ ගතයුතු බව පෙන්වා දෙන අධ්‍යාපන අමාත්‍යවරයා, ඊට පරිබාහිරව හුදකලාව තීරණ ගැනීමට පුඵවන් කමක් නැති බව කියයි. පාසල් නැවත ආරම්භ කිරීමට පෙර දැඩි ආරක්ෂාව සහිත ස්ථාන බවට පරීක්ෂාවලින් පසු තහවුරු කරගත යුතු බවත්, එසේම පාසල් ආරම්භ කළාට පසුව ද අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවටත්, ත්‍රිවිධ හමුදා හා පොලිසියේ ප්‍රධානීන්ට ලිඛිත හා වාචිකව දැනුම් දී ඔවුන් හා සාකච්ඡා කර තීන්දු ගණනාවකට එළඹුනු බව ද ඇමතිවරයා පවසයි. සියලුම පාසල් පරිශ්‍ර හා අවට පරීක්ෂා කොට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය එකඟතාවය පළ කර තිබේ.
ඒ අනුව පාසල් දරුවන්ගේ ආරක්ෂාව පිණිස ගතහැකි සෑම පියවරක්ම ආණ්ඩුව වශයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් ගනු ලැබ ඇතැයි ද පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මවුපියන් ආදි ශිෂ්‍යයන් මෙන්ම සිසුන්ට ද වගකීමක් තිබෙන අතර, කරුණු 18 කින් සමන්විතව ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ එම චක්‍රලේඛය මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බව ද ඇමතිවරයා පවසයි.
සියලුම ආරක්ෂ අංශ වලින් පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් ලබා ගැනීමටත්, සියලු බුද්ධි අංශ වලින් තොරතුරු ලබා ගෙන පාසල් ආරම්භ කළයුතු බවටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කතෝලික පාසල් එදින නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම ප්‍රධානීන් හා කාදිනල්තුමා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මාපියන් වෙත රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සුරක්ෂා රක්ෂණාවරණයේ ප්රතිලාභ ඉතා ඉක්මනින්ම ලබා දීමට පියවර ගන්නා බව ඇමැතිවරයා පවසයි.
මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණයේ ප්රතිලාභ දෙගුණ කිරීමට හැකි වී ඇති බැවින් එම පිරිසට යම් අස්වැසිල්ලක් ලබා දීමට එමඟින් හැකියාවක් ලැබෙනු ඇත.
අවාසනාවන්ත සිද්ධියෙන් කම්පනයට පත් පාසල් දරුවන් මානසිකව නඟා සිටුවීම පිණිස උපදේශන වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නැගීමට නියමිතය.
සිද්ධියට මුහුණදුන් සමහර දරුවන්ට සිය මවුපියන් අහිමි වී සිටින අතර තවත් සමහරකුගේ සහෝදර සහෝදරියන් මෙන්ම සමිප නෑ හිතමිතුරන් පවා වියෝව හෝ ආබාධිත තත්වයට හෝ පත්ව සිටින බැවින් එකී දරුවෝ බලවත් මානසික කම්පනයකට පත්ව සිටින නිසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
---------------------------
by (2019-05-02 16:18:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි