LeN හෙළිදරව්වකි
(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.21, පෙ.ව.6.40) 2015 ජනවාරි 8 වෙනිදා හැට දෙලක්ෂයක් ජනතාව විසින් සිදුකළ දේදුනු විප්ලවයේ මහා බලාපොරොත්තුව වූ මහාපරිමාණ හොරුන්ට දඬුවම් දීම බාර කෙරුනේ ඒ සඳහා අලුතින් ස්ථාපනය කරන ලද FCID යට ය. එය හොරුන් කෙතරම් බියපත් කෙළේ ද යත් තමන් බලයට පත් වූ විට FCID නිලධාරීන් ගල් ගසා මරණ බවට රාජපක්ෂ හොරමුල තර්ජනය ද කෙළේ ය. එසේ හැට දෙලක්ෂයක් ජනතාවගේ මහා බලාපොරොත්තුව දැන් විනාශ කර ඇත්තේ අන් කවරෙකු හෝ නොව FCID ලොක්කා ජ්‍යෙ.නි.පොලිස්පති රවි වෛද්යලංකාරම බව මේ වන විට හෙළිදරව් වී අහවරය. ඔහු පෙන් ඩ්‍රයිව් වල දමා පරීක්ෂණ වල ප්‍රතිඵල හොරුන් අතටම පත් කළ බව ලංකා ඊ නිව්ස් ද ඇතුළු මාධ්‍ය කිහිපයක් විසින් හෙළිදරව් කළ නමුත් මේ සාපරාධී අපරාධ සහායක නියෝජ්‍ය පොලිස්පතිවරයා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව තවදුරටත් නිලයේ රාජකාරි කරන්නේ කෙසේද යන්න බරපතල ගැටළුවකි.
එබැවින් රවි වෛද්‍යලංකාර සම්බන්ධයෙන් තව දුරටත් තොරතුරු හෙළිදරව් කළ යුතුය. පසුගිය 7 වෙනිදා “FCID ලොක්කා වෛද්‍යලංකාර ද්‍රෝහියෙක්..! සියල්ල පාවා දීලා..! විමර්ශනවල සංවේදී තොරතුරු පෙන් ඩ්‍රයිව් වල දමා අපරාධකරුවන්ටම දීලා..! විමර්ශණ පුස්ස බින්දාක් වේ..!” යනුවෙන් අප කළ හෙළිදරව්වෙන් පසු මේ සාපරාධි රාජද්‍රෝහියා ගැන තවත් විශාල තොරතුරු ගලා එමින් පවතී.
රවි වෛද්‍යාලංකාර FCID යේ ප්‍රධානියා ලෙස පත් කරන්නැයි හඳුන්වා දී තිබෙන්නේ ආරම්භයේ සිටම සොරුන් සමග ඩීල් දමමින් යහපාලන ආණ්ඩුවට පිළිලයක් බවට පත්වූ විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස විසින් බව ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ. එතැන් පටන්ම රවි සහ සොරුන් අතර සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත්තේ ඩීල්දාස හරහා ය.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට පරීක්ෂණ යටපත් කිරීම සඳහා රවි වෛද්‍යලංකාර විසින් මහා පරිමාණ වශයෙන් අල්ලස් ලබා ගත් පුද්ගලයන් සහ ආයතන කිහිපයක් මෙසේය.
1. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් පිරමීඩ සමාගම
2. පියදාස කුඩාබාලගේ - රාජපක්ෂගේ මූල්‍ය උපදේශක සහ රාජපක්ෂ යුගයේ රාජ්‍ය ආයතන විසි ගණනක ප්‍රධානත්වය දැරුවේ ය.
3. තිරු නඩේසන් - නිරුපමා රාජපක්ෂගේ සැමියා
4. ගාමිණී සෙනරත් - මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී
5. සජින් වාස් ගුණවර්ධන - හිටපු පා.ම.
6. ජොන්ස්ටන් ප්‍රනාන්දු
7. අතුල සමරවීර - සිපෙට්කෝ
8. රියන්සි එඩ්වර්ඩ්
මෙලෙස ලබා ගත් මහා පරිමාණ මුදල් වලින් රවි වෛද්‍යලංකාර විසින් දේපොල රැසක් මිලදී ගෙන තිබේ. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී ඇති දේපොළ කිහිපයක් මෙසේය.
1. නාවල නිවස
2. ටොරින්ටන් නිවස - නව මිලදී ගැනීමකි. (ටොරින්ටන් දෙසින් මුස්ලිම් කනත්ත පසුකර වමට ඇති පාරේ පිහිටා තිබේ)
3. මාලබේ මිහිඳු මාවතේ නිවස
4. කිරුලපොන එඩ්මන්ටන් පාරේ නිවස
5. මහරගම පන්සල පාරේ නිවස
6. මොනාර්ක් අපාට්මන්ට් එක ( මෙය අසේල වෛද්‍යලංකාර නම් පුත්‍රයාගේ නමින් මිලදී ගෙන තිබේ)
7. ගොකරැල්ලේ ද නිවසක් මිලදී ගෙන ඇති අතර එය මේ දිනවල අලුත්වැඩියා කරමින් සිටී.
8. දිවුලපිටියේ කඩ සාප්පු සංකීර්ණයක්ද මේ දිනවල ඉදිකරමින් සිටී.
මෙතරම් දේපොල මිලදී ගැනීමට නි.පොලිස්පතිවරයෙකුට ලැබෙන වැටුපෙන් නොහැකි බව ඔ්නෑම ගොනෙකුට තේරුම් යා යුතුය.
මොහුට ලැබුණු අල්ලස් ධනයෙන් මොහු සහ පවුලේ අය සුපිරි ජීවිතයක් ගත කරති. අසේල නම් මොහුගේ පුත්‍රයා තේ ඒකක් බීමට පවා යන්නේ ගලධාරි හෝ වෙනයම් තරු පහේ හෝටලයකට ය.
රවි වෛද්‍යලංකාරගේ ගිණුම් පවතින්නේ ඩුබායි නගරයේ සහ සිංගප්පූරුවේ බවද ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ.
FCID යේ ප්‍රධානියාව හිඳිමින් මොහු මුළු රටක් ඇන්දුවේ ය. ආණ්ඩු ප්‍රධානීන් පමණක් නොව ලංකා ඊ නිව්ස් වැනි විකල්ප ධාරාවේ මාධ්‍ය පවා ඇන්දුවේ ය. මොහුට සේවා දිගුවක් දිය යුතු යැයි පසුගිය ජුනි මාසයේ දී ලංකා ඊ නිව්ස් පවා කීවේ ඒ නිසා ය. නමුත් මොහුගේ සත්‍ය ස්වරූපය හෙළිදරව් වූයේ පසුගිය ඔක්.26 කුමන්ත්රණයත් සමග ය. රාජපක්ෂලාගෙන් පොලිස්පතිධූරය ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණ රාත්‍රියේම මොහු මහින්ද රාජපක්ෂගේ නිවසට ගියේ කොට කලිසමක් හැඳගෙන ය. පොලිස්පති පූජිත ද කපටියෙකු වූ අතර ඔහු නිල ඇඳුමින්ම එහි ගොස් ගෝඨාභයට සැලියුට් ගසා පොලිස්පතිකම බේරා ගත්තෙන් රවි වෛද්‍යලංකාර හෙළිදරව්වීමෙන් පමණක් නැවතිණ. රාජපක්ෂලාගෙන් පොලිස්පතිධූරය ලබා ගැනීම සඳහා අතරමැදියා ලෙස කටයුතු කෙළේ කුප්‍රකට ටැක්සි අබේ ය.
ලංකා ඊ නිව්ස් විසින් ඉහතින් කරන ලද හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුය. ඒ සඳහා ප්‍රශ්න කළ යුතු අයගේ නම් ගම් ද අප විසින්ම හෙළිකරන්නෙමු. ඔවුන් රවි වෛද්‍යලංකාරගේ මහා පරිමාණ අල්ලස් ගැනීම් සහ මිලදී ගත් දේපොල ගැන දන්නා උදවිය වේ.
ඔවුන් ගෙන් දුමින්ද මායාදුන්න සහ අසේල වෛද්‍යලංකාර පුත්‍රයා ප්‍රධාන ය. අල්ලස් ගැනීමේ දී ප්‍රධාන තැරැව්කරුවන් වූයේ මේ දෙදෙනා ය.
1. නාවල නිවසේ පදිංචි රවි වෛද්‍යලංකාරගේ නිල බිරිඳ
2. පොලිස් කොස්තාපල් ප්‍රේමරත්න (FCID)
3. උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර (FCID)
4. සාජන්ට් සුදත් (FCID)
5. FCID යේ රියැදුරන්
6. සහ බැසිල්කා වෛද්‍යලංකාර නෝනා ද බොහෝ තොරතුරු දනී.
හැට දෙලක්ෂයක් ජනතාවකගේ බලාපොරොත්තු පාවා දුන්නා මදිවාට රාජද්‍රෝහී ද වී සිටින රවි වෛද්‍යලංකාර අත් අඩංගුවට ගෙන අප විසින් හෙළිදරව් කරන ලද කරුණු පිලිබඳ වහා පරීක්ෂණ පැවැත්වීමට බල කළ යුතුය. එය වත්මන් පොලිසිය බාර දේශද්‍රෝහී ජනාධිපති සිරිසේන විසින් කෙදිනකවත් නොකරන දෙයක් නමුත් නඩු කියා ආණ්ඩුවක් දිනා ගත් අගමැතිවරයා ප්රමුඛ ඇමැති මණ්ඩලය මේ ගැන තීන්දුවක් ගත යුතුය.
---------------------------
by (2019-02-21 01:59:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි