~

FCID ලොක්කා වෛද්‍යලංකාර ද්‍රෝහියෙක්..! සියල්ල පාවා දීලා..! විමර්ශනවල සංවේදී තොරතුරු පෙන් ඩ්‍රයිව් වල දමා අපරාධකරුවන්ටම දීලා..! විමර්ශණ පුස්ස බින්දාක් වේ..!

(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.07, පෙ.ව.7.40) යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු පසුගිය වනචර දශකයේ සිදුකළ මහා පරිමාණ වංචා දූෂන සෙවීම සඳහා පිහිටැවූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෙවත් FCID ය සිදුකළ විමර්ශන සියල්ල එහි ප්‍රධානී ජ්‍යෙ.නි.පොලිස්පති රවි වෛද්‍යාලංකාර විසින්ම අපරාධකරුවන්ට පාවා දී ඇතැයි වාර්තා වේ. 

ඒ බව හෙළිකරන්නේ ආණ්ඩුවේම ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක් වන සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මගිනි. 
 
ඒ අනුව පසුගිය ජනවාරි 17 වෙනිදා ගෝඨාගේ මිග් ඩීල් එකට සම්බන්ධ සංවේදී තොරතුරු සියල්ල පෙන් ඩ්‍රයිව් එකකට කොපි කර ගෙන වෛද්‍යාලංකාර විසින් සිංගප්පූරුව වෙත ගෙන ගොස් ඇති අතර සැක කෙරෙන්නේ එකී නඩුවේ වරෙන්තු නිකුත් කර ඇති සිංගප්පූරු ජාතිකයන් වන ටී.එස්. ලී සහ ඔහුගේ බිරිඳ නින්ග් ලේ කින් වෙත එකී සංවේදී තොරතුරු ලබා දී ඇති බවයි. වෛද්‍යාලංකාර පාවාදෙන්නා විසින් සිංගප්පූරු ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට යැයි පොලිසියට බොරු කියමිනි. 
 
වෛද්‍යාලංකාර පසුගිය වසරේ මැයි 14 වෙනිදා විශ්‍රාම යෑමට නියමිතව තිබූ අවස්ථාවේ වෛද්‍යාලංකාරට සේවා දිගුවක් දිය යුතු යැයි ලංකා ඊ නිව්ස් පවා සඳහන් කළ අතර ඒ වන විට මේකාගේ ද්‍රෝහීභාවය කිසිවෙකුට හෙළි වී තිබුනේ නැත. ඒ අවස්ථාවේ දී පොලිස්පතිවරයාගේ අනුමැතියකින් තොරව මාස 8 කට සේවා දිගුව දුන්නේ එවක කැබිනට් මණ්ඩලය විසිනි. ඔහුගේ සේවා දිගුව දැන් අවසන් විය යුතු නමුත් ඔහු තවත් සේවා දිගුවක් බලාපොරොත්තුව සිටී. 

කොට කලිසමකුත් ඇඳගෙන මහින්දගේ ගෙදර

මොහු විසින් පරීක්ෂණ නිමා කළා යැයි නීතිපතිවරයා වෙත ලබා දී ඇති නඩු ගොනු වලට මැද නැති පොත්ත පමණක් තිබෙන විමර්ශන වාර්තා යයි නීතිපතියේ අය පවසති. 
 
පසුගිය ඔක් 26 කුමන්ත්‍රණය සිදුවී මහින්ද රාජපක්ෂ හොර අගමැති ලෙස දිව්රුම් දීමත් සමග වෛද්‍යාලංකාර කොට කලිසමකුත් හැඳ රාජපක්ෂගේ නිවසේ කැරකි කැරකී සිටිනු කාටත් දක්නට ලැබිණ.  
 
බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග ආදී රාජපක්ෂ පවුලේ රාශියක් පිලිබඳ FCID පරීක්ෂණ සහ නඩු කටයුතු තිබියදී මහින්ද අගමැතිවෙනවාත් සමග FCID ලොක්කා වෛද්‍යාලංකාර ඔහුගේ නිවසේ කොට කලිසමකුත් ගසා ගෙන රස්තියාදුවෙමින් සිටීමෙන් පෙන්වන්නේ රාජපක්ෂලාට විරුද්ධ FCID සිදුකරගෙන යන විමර්ශන සහ නඩු කටයුතු සියල්ලම පුස්ස බින්දාක් වැනි බවය.

රාමඩා ‌හෝටලයේ දී රහසේ ගෝඨා හමුවෙලා 

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ නඩු විභාගය ඇරඹෙනවාත් සමග 2018 සැප්තැම්බර් 7 වෙනිදා රාමඩා හෝටලයේ 4 වන මහලේ කාමරයකදී රවි වෛද්‍යාලංකාර සහ ගෝඨාභය රාජපක්ෂ හමුවී රහසිගත සාකච්ඡාවක් කර ඇති බවද මේ වන විට හෙළි වී තිබේ.
 
ගෝඨාගේ මිග් ගනුදෙනුවේ සංවේදී තොරතුරු පෙන් ඩ්‍රයිව් එකක දමාගෙන රටින් පිට කරන්නේ නම් මේ ද්‍රෝහියා ගැන කවර නම් කතාද? 

පුතාගේ නමට ‌රු. කෝටි 6 ක සුපිරි නිවසක්..!

FCID යේ රාජකාරි කළ කාලය පුරාම මොහු ආණ්ඩුවත් සියලුම දෙනාත් ගොනාට අන්දා තිබෙන බව මේ වන විට හෙළිවෙමින් තිබේ. ඊට හොඳම උදාහරණය වී තිබෙන්නේ ඔහුගේ පුත්‍රයා වන අසේල වෛද්‍යලංකාර නමැත්තාගේ නමට කොල්ලුපිටියේ මොනාර්ච් රෙසිඩන්සස් සුපිරි නිවාස සංකීර්ණයේ 16 වෙනි මහලේ ඒ 2 දරණ නිවස අයත්ව තිබීමයි. එහි වටිනාකම රු. කෝටි 6 කට අධිකය. එවැන්නක් මිලදී ගැනීමට වෛද්‍යාලංකාර පුත්‍රයාට හැකියාවක් නැති අතර එය වෛද්‍යාලංකාරට ලැබුණු සන්තෝෂම් මුදල් වලින් පුතාගේ නමට මිලදී ගත් එකක් බව හෙළි වී තිබේ. එය මිලදී ගෙන තිබෙන්නේ 2017 වසරේ ජූලි මාසයේ දී ය. රවි වෛද්‍යාලංකාරගේ වත්කම් බැරකම් ප්‍රකාශ වලට එවැනි දේපොලක් සඳහන් කර නොමැත. 
 
ආණ්ඩුවේ ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක් වන සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මගින් හෙළි කළ මේ තොරතුරු අන් මාධ්‍ය වෙත පළ වීම රාජපක්ෂලාට අයත් කළු මාධ්‍ය මාෆියාව මගින් වළක්වා තිබීම ද විශේෂ ය.  
 
වහා ක්‍රියාත්මක වන පරිදි රවි වෛද්‍යාලංකාර නමැති ද්‍රෝහියා FCID යෙන් පමණක් නොව පොලිස් රාජකාරියෙන්ද වැඩ තහනම් කර ඔහුගේ පාවා දීම් ගැන වහ වහා විමර්ශන ආරම්භ කර දඬුවම් දිය යුතුය. 

---------------------------
by     (2019-02-07 02:25:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links