(ලංකා ඊ නිව්ස් -2019.ජන.28, ප.ව.7.45) අධිකරණයට අපහාස කිරීම නිසා 18 වසරක සිර දඬුවමක් 6 වසරකට අත්හිටුවමින් දඬුවම් විඳින පාපතර මැර සිවුරුකාර සිරකරු ගලගොඩඅත්තේ ඥානසාර නමැත්තා දඬුවමින් මාස 6 ක් යෑමටත් මත්තෙන් නිදහස් කරවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමැතිද නොවන ගාමිණී ජයවික්‍රම පෙරේරා ජනාධිපතිට ලියුමක් යවන ලද්දේ කුමන පදනමින්දැයි විමසන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගාමිණී ජයවික්‍රම පෙරේරාටද, ජනාධිපතිවරයාටද, නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැතිනිය තලතා වෙතද ලිපි 4 ක් යවා තිබේ.
ඒ ලිපි මගින් ඥානසාරට නිදහස දෙනවාට ඇය තම තදබල විරෝධය දක්වා ඇති අතර ඊට හේතු ලෙස පවසා ඇත්තේ ඔහු නිදහස් කිරීමෙන් ඇයගේ ස්වාමි පුරුෂයාගේ අතුරුදහන් කිරීමේ නඩුවට අගතිගාමී ලෙස බලපෑමක් සිදුවන බවයි.
සිරකරුවෙකුට නිදහස ලබා දෙන විට අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ ඒ සිරකරුවා සිරගෙට නියම වූ නඩුවේ පැමිණිලිකාර පාර්ශවයන් ඊට විරුද්ධ නොවිය යුතු වීීමයි. ඥානසාරට දඬුවම් ලැබූ නඩුවේ පැමිණිලිකාර පාර්ශවයන් වූයේ මහේස්ත්‍රාත්වරයා, රජයේ නීතිඥවරයා සහ සන්ධ්‍යා එක්නැලිගොඩයි. ඒ තිදෙනාගෙන් එක් අයෙකුගේ හෝ විරෝධතාවයක් තිබේ නම් ජනාධිපති නොව සක්රයාගේ පුතා වයිමාටවත් සිරකරු ඥානසාරට නිදහස ලබා දිය නොහැකිය. දුනහොත් එය නීති විරෝධීය.
ඒ අනුව ජනාධිපතිවරයා නීතිපතිවරයාගේ අධිකරණ ඇමැතිනියගේ කැමැත්ත ලබා ගෙන තිබේදැයි සන්ධ්‍යා ඒ අයගෙන් විමසා සිටින්නීය.
කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් කිරීම විකුණා බලයට පැමිණි ආණ්ඩුව ඒ නඩුවට බලපෑම් කර හිරේ ගිය ඥානසාර ගලවා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම නීචය; පිළිකුල්ය; ගුණමකුය; නින්දා සහගතය.
සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපති නීතිපති අධිකරණ ඇමැතිනිය සහ ගාමිණී ජයවික්‍රම වෙත යවන ලද ලිපි 4 පහත ඉමේජ වල දැක්වෙන අතර ගාමිණී ජයවික්‍රමට යැවූ ලිපිය පහත දැක්වේ.
ඉතා හදිසියි - අතින්/ලි.ප.තැ
කේ.එම්.එස්.පී. එක්නැලිගොඩ
අංක 136/2,
සුහද මාවත,
හිරිපිටිය
පන්නිපිටිය
2019/01/25
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමා
බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය
දහම්පාය,
අංක 135,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත,
කොළඹ 05.
ගරු අමාත්‍යතුමනි.,
ඔබතුමා විසින් 2019/01/21 සහ ඔබේ අංක MIN/BS/WD/IMP/2019 දරණ ලිපිය මගින් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට පොදු සමාවක් ලබා දීම පිළිබඳව ඉල්ලීමක් ඉටුකර දෙන ලෙස හා තවත් ලිඛිත ඉල්ලීම් කිහිපයක් සමග ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉල්ලීමක් කර ඇත.
ඉහත සඳහන් වැරදිකරු උන් වහන්සේ හට කිසිදු සම්බන්ධතාවයක් නොමැති නඩුකරයක අධිකරණයේ කටයුතු අතරතුර ගරු අධිකරණයටත්, ගරු විනිශ්චයකාරතුමාටත්, රජයේ නීතිඥවරයාටත් උන් වහන්සේ විසින් අපහාස කරන ලදී. ඒ සියල්ල සිදුවූයේ මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුකරය අතරතුර දී ය.
උන්වහන්සේට සමාව දුනහොත් එම නඩුකරයට සහ අනෙකුත් නඩුකරයන්ට උන්වහන්සේ විසින් අගතිගාමී හා / හෝ අයුතු ලෙස බලපෑම් සිදුකරන බවට ද මම විශ්වාස කරමි. එබැවින් ඒ පිළිබඳ මාගේ තදබල විරෝධය මේ ලිපියෙන් ප්‍රකාශ කර සිටිමි.
මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම දේශපාලන වේදිකාවට ගෙන ගොස් එහි වාසිය ලබාගත් ඔබතුමා සහ ඔබතුමාගේ පක්ෂය මේ වැරදිකරුට සමාව ඉල්ලන්නේ කුමන පදනමින්ද යන්න මම දැන ගැනීමට කැමැත්තෙමි.
අධිකරණ අමාත්‍යාංශය ඔබතුමා යටතේ නොමැති අවස්ථාවේ දී ඔබතුමා පොදු සමාවක් ඉල්ලා සිටින්නේ කෙසේද යන්නද මම විමසා සිටිමි.
ඔබ යවා ඇති ලිපියේ සඳහන් සමාව දීමට අදාල ලිඛිත ඉල්ලීම් වල පිටපත් මා වෙත ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි
මෙයට
විශ්වාසී
---------------------------
by (2019-01-28 14:33:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි