(ලංකා ඊ නිව්ස් -2018.දෙසැ.13, පෙ.ව.5.30) මන්ත්‍රී වරුන් 122 ක් විසින් ක්වෝවොරන්ට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගනිමින් හොර අගමැති සහ හොර කැබිනට්ටුව වාරණය කරමින් අභියාචනාධිකරණය දුන් වාරණ නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ හොර අගමැති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීම අධිකරණයේ වසරාවසාන දිනය වන දෙසැම්බර් 14 වෙනිදාට දින නියම කිරීම පිලිබඳ විශාල සැකයක් යුක්තිප්‍රේම ජනතාව තුල ඇති වී තිබේ.
ඊට වඩාත් හේතු වී ඇත්තේ එකී නඩුව විමසීම සඳහා මහින්දගේ ‘පැටික්කියක්’ වන ඊවා වනසුන්දර සභාපති විනිසුරුවරිය ලෙස අසුන් ගනිමින් මෙම දිනය නියම කිරීමයි.
පෙත්සම විභාගයට ගෙන ඇත්තේ සභාපතිනිය ඊවා සහ බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ ය.
ඊවා යනු මහින්ද රාජපක්ෂගේ ‘පැටික්කියකි’. ඇයගේ අධිකරණ සේවයේ අවසාන දිනයේ මෙය විභාගයට ගෙන ‘යන යකින්නිය කොරහා බිඳගෙන යන’ තීන්දුවක් දීමට යන බව ඉතාම පැහැදිලිය. ඊවා මහින්දගේ ‘පැටික්කියක්’ බව කියන්නේ අප නොව ඇයම ය. 2014 ජුලි 06 වෙනිදා දේශය පුවත් පතට ඊවා මෙසේ කියන්නීය.
“දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.
මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත්රශීලීත්වයෙන්ම කතා කළා.
ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.”
මහින්ද රාජපක්ෂ ගැන ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමග එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. … ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා…’
ඉහත සුන්දර මතකයන් අවදිකරන ඊවා වනසුන්දර විනිසුරුවරිය, 2015 මැයි 13 වැනිදා, එකී මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක මූලික විභාගය පැවැත්වූ විනිශ්චයාසනයේ සාමාජිකාවක ලෙස හිඳිමින් ගෝඨා අත් අඩංගුවට ගැනීම වැළැක්වූවාය. පසුව නඩුව ඇසීමෙන් ඉවත් වූවා ය. අද දක්වාම ගෝඨා අත් අඩංගුවට ගත්තේ නැත. නඩුව සමග බැඳීමක් තිබුනා නම් ඇය කළ යුතුව තිබුනේ තහනම් නියෝගය ලබා දීමට පෙරම ඉවත්වීම ය.
ඊවා යනු එවැන්නියකි. ඒ මහින්දගේ අභියාචනය විභාග කිරීමට ඇය කිසිසේත්ම සුදුසු වන්නේ නැත. ඇයගේ සහ මරා සිරාලාගේ ගේම කුමක්දැයි දැන් තියාම කිව හැකිය. ජුන්ටාෙවේ හොර අගමැති සහ කැබිනට්ටුව යලි නීතිගත කරවා ලබන වසරට මුදල් පාස් කර ගැනීමට උත්සාහ දරනවා විය යුතුය. කෙසේ වෙතත් ඇය මේ නඩුව විමසීම ගැන විරෝධය දක්වා මන්ත්‍රීවරුන් වෙනුවෙන් අගවිනිසුරුවරයාට ඊයේ සවස මෝසමක් ඉදිරිපත් කෙළේය
WHEREAS this matter was taken up on 12th December 2018 without due notice to the Respondents;
AND WHEREAS in deference to the request of court, Mr. K. Kanag-Isvaran PC took notice of the application for special leave to appeal on the basis of the undertaking of the Petitioners-Respondents that complete briefs in this and other connected applications would be delivered to his chambers by 4:00pm on 12th December 2018;
AND WHEREAS at the insistence of the Petitioners this application was fixed for support on Friday, 14th December 2018;
AND WHEREAS it now transpires that there is only one bench of Your Lordships' Court sitting on 14th December 2018, comprising also of Hon. Justice Eva Wanasundera;
AND WHEREAS the ... Respondents are reliably informed that Hon. Justice Eva Wanasundera had in an interview published in the Deshaya newspaper of 6th July 2014 that she was very close to Mr. Mahinda Rajapaksa and who called her to meet him and offered her appointment to the Supreme Court bench;
AND WHEREAS the said Mr. Mahinda Rajapaksa is the Petitioner whose appointment is the subject matter of this application;
AND WHEREAS in the circumstances the ... Respondents entertain serious concerns pertaining to this matter being taken up by a bench of Your Lordships' Court comprising Hon. Justice Eva Wanasundera who is listed to sit on the only bench to sit on Friday, 14th December 2018;
I respectfully MOVE that Your Lordships' Court be pleased to make appropriate direction in respect of the hearing of this application on 14th December 2018.
---------------------------
by (2018-12-14 08:36:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි