~

නීතිපතියේ ඇති නඩු ගොනු පැහැර ගැනීමේ වෑයමක්..! නීතිපති එස්ටීඑෆ් ආරක්ෂාව ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.03, ප.ව.4.25) පසුගිය සමයේදී විමර්ශන අවසන් කළ නඩු වලට අදාළ ලිපි ලේඛන සහ උද්ධෘත පැහැර ගැනීම සඳහා බලයට පත් මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ මැති ඇමැතිවරුන් සහ මැර කණ්ඩායම් උත්සාහ දරන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට විශේෂ ආරක්ෂාවක්  ඉල්ලා තිබේ.

ඒ අනුව පොලිස්පති වරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව නීතිපති දෙපාර්තමේන්තුවටත් නීතිපතිවරයාටත් ලබාදීමට පියවර ගෙන ඇත.
ඊට අමතරව අදාළ නඩු විභාග සඳහා සහභාගි වූ රජයේ නීතිඥවරුන්ට මේ වනවිට මරණ තර්ජන එල්ල වී තිබේ. මේ තත්වය මත නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීතිඥවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම රටේ නීතිය සහ යුක්තිය පසිඳලීමේ කාර්යය සම්බන්ධයෙන් ද බරපතල ගැටළුවක් මතුව ඇත.  කිසිදු සත්‍ය කරුණක් රටේ ප්‍රධාන ජනමාධ්‍ය කිසිවකින් වාර්තා නොකරන තත්වයක් තුල අර්බුදය තවදුරටත් බරපතලවී ඇතැයි නීති ප්‍රජාව කියති. 

---------------------------
by     (2018-11-03 11:12:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links