~

ගරුත්වය සුනඛ අධෝ මුඛයේ උලා ගත් විනිසුරුවරියන් ඩබලක් යහපාලනද්‍රෝහී ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට නම් කරලා

(ලංකා ඊ නිව්ස් -2018.ඔක්.23, පෙ.ව.9.45) බහුතරය තිබෙන වත්මන් ආණ්ඩුවේ නායකයාව සිටිමින් පරාජිත හොරු සමග භාරකාර ආණ්ඩු හදන්න හොර රහසේ දත කන ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මේ වන විට අංශක 180 කින්ම හැරී යහපාලනයට විරුද්ධව ක්‍රියා කරන බව ඔප්පු කරන තවත් යුක්තිසංවේගය දනවන පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

රාජපක්ෂලාගේ වනචර දශකයේ දී නීච දීන පක්ෂග්‍රාහී නඩු තීන්දු දීම නිසා තම වෘත්තීය ගරුත්වය සුනඛ අධෝ මුඛයේ උලා ගත් විනිසුරුවරියන් දෙදෙනෙකු යහපාලනද්‍රෝහී ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනාධිකරණයටත් නම් කර ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා එවා තිබීම ඒ යුක්තිසංවේගාත්මක පුවතයි.  

ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට පුරප්පාඩු 2 ක් පවතී. 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව කුප්‍රකට සුදු කොඩි නඩු තීන්දුව දුන් දීපාලි විජේසුන්දර නමැති දැනට අභියාචනාධිකරණයේ සිටින විනිසෙර ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කර ඇති අතර අධිකරණ සේවා කොමිසමේ චක්‍රලේඛ අමු අමුවේ උල්ලංඝනය කරමින් අධිකරණ භූමිය බණ මඩුවක් කරමින් දූෂිතයන්ට සහන සැලසූ දැනට මහාධිකරණ විනිසෙරක ලෙස කටයුතු කරන කුසලා සරෝජිනී වීරවර්ධන අභියාචනාධිකරණයට ද ජනාධිපති ගමරාළ විසින් නම් කර තිබේ.

මොවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය පිලිබඳ ප්‍රශ්නයක් නැති නමුත් මොවුන් දෙදෙනාම වනචර දශකයේ දී නීතිය කණපිට ගැසීමට රාජපක්ෂ රෙජීමයට උදව් කළ දූෂිත කාන්තාවන් දෙදෙනෙකි. 

මහින්දගේ ‘චූටි නංගි’ දීපාලි විජේසුන්දර 

දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියකව සිටියදී ඇයගේ දියණියගේ විවාහ මංගල උත්සවයට අත්සන් තැබීමට ආරාධනා කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. (එය විනිසුරු සදාචාරය උල්ලංඝනය කරන්නකි) මහින්ද රාජපක්ෂ දීපාලි අමතන්නේ ‘චූටි නංගි’ කියා ය. විවාහයට අත්සන් කිරීමෙන් පසු මහින්ද රුපියල් දස ලක්ෂයක කෑෂ් චෙක් පතක් මනාලිය අත තැබුවේ ය. විවාහය නිමා වීමෙන් පසු අලුත්ම අලුත් ලියාපදිංචි නොකළ බෙන්ස් රථයක් ත්‍යාගයක් ලෙස දීපාලිගේ නිවසට යැව්වේ ය. රථය පදවාගෙන ගියේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ කොමාන්ඩෝ බලකායේ කපිතාන් වරයෙකි. මේවා අල්ලස් ගැනීම් මිස අනෙකක් නොවේ. මේ අල්ලස් ගැනීම් සිදුවූයේ ඇය සරත් ෆොන්සේකාගේ සුදු කොඩි නඩුව විමසන අතරවාරයේ දී වීම තවත් බරපතල ය. සුදු කොඩි නඩුව අවසානයේ ඇය රාසික් නමැති තවත් තක්කඩි විනිසොරෙකු සමග එක්ව ෆොන්සේකා වරදකරු කරමින් හිරගෙට නියම කළ අතර විනිසුරු වරාවැව මහතා පමණක් ෆොන්සේකා නිවැරදි කරු කරමින් බෙදුනු නඩු තීන්දුවක් දුන්නේ ය. සුදු කොඩි නඩු තීන්දුවෙන් පසු දීපාලිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ සුදුසුකම් වලින් පිරි විනිසුරුවරුන් 7 දෙනෙකු සිටියදී මහින්ද රාජපක්ෂ  ඇයව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කෙළේය.

අනෙක් අතට දීපාලි විජේසුන්දර අමු ජාතිවාදී විනිසෙරකි. ඇයගේ  එවන් කෙරුවාවක් වූයේ රවිරාජ් ඝාතකයන් නිදහස් කරමින් මධ්‍යම රාත්‍රියත් පසුවී දුන් නඩු තීන්දුවට එරෙහිව රවිරාජ්ගේ ඥාතීන් ඉදිරිපත් කරන ලද අභියාචන පෙත්සම ඉතාමත් අසාධාරණ ලෙස එක දිනයෙන්ම විසිකර දැමීම ය. ඔවුන්ට ඒ නඩු තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉන් සදා අහිමි විය.

කුසලා සරෝජිනී

කුසලා සරෝජිනී වීරවර්ධනගේ තත්ත්වය ද දීපාලිට නොදෙවැනිය. සුප්‍රකට සිල් රෙදි බෙදීමේ නඩුව ප්‍රථමයෙන් විභාග වූයේ ඇය ඉදිරියේ ය. එහිදී ඇය විත්තිකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වූවා ය. ඊට හේතු වූයේ ඇය ලලිත් වීරතුංග අමතන්නේ ‘ලලිත් අංකල්’ ලෙස නිසා ය. නියමාකාරයෙන් නම් විත්තිකරුවන් සමග ඇයට ලඟ සම්බන්ධකම් තිබුනේ නම් ඇය නඩු විභාගයෙන් ඉවත් විය යුතුය. කෙසේ වෙතත් ලලිත් වීරතුංගලා හිර ගෙට යැවූ නඩු තීන්දුව ලැබුනේ කුසලා සරෝජිනී වෙනත් පළාතකට මාරු කරන ලද්දෙන් වෙනත් සැබෑ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මහතා විසින් නඩුව විමසූ බැවිනි. 

ලංකා ඊ නිව්ස් මීට පෙර හෙළි කර ඇති පරිදි කුසලා සරෝජිනී අධිකරණ සේවා කොමිසමේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අනාගමික විය යුතු අධිකරණ භූමියක් අධිකරණ කාලය තුල දී නඩු විමසීම නවත්වා ‘බණ මඩුවකට’ පරිවර්තනය කළා ය.

යුක්තිය රජයන දේශයක නම් මෙවැනි වනචර විනිසුරුවරියන් සිටිය යුත්තේ විනිසුරු අසුන් වල නොව හිර ගෙවල් වලය. 

යහපාලන ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ පත් වූ අලුත මේ විනිසුරුවරියන් දෙදෙනා ඉහළ අධිකරණ වලට නම් කෙළේ නැත. නමුත් දැන් ගමරාළ ජනාධිපති යහපාලනයේ අංශක 180 ක් ආපිට කරකැවී සිටින බැවින් මේ දෙදෙනා ඉහළ අධිකරණ වලට නම් කර තිබේ. 

ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට මේ දෙදෙනා නම් කරන්නැයි ජනාධිපති හමුවී ඉල්ලා ඇත්තේ අන් කවරෙකු හෝ නොව ලංකාවේ මෙතෙක් පහළ වූ දූෂිතම අගවිනිරුවරයා වූ රාජපක්ෂ හෙංචා සරත් නන්ද සිල්වා ය. ඔහු අගවිනිසුරුකම් කළ වලත්ත යුගයේ දීපාලිලා සරෝජිනීලා මරඟන රැඟුම් පෑ යුගය විය. සරත් නන්ද සිල්වාට තම මරංඟනාවියන් ඉහළ අධිකරණ වලට පත් කරවා රිමෝට් කොන්ට්‍රෝලය තම අතේ තබාගෙන රාජපක්ෂලා වෙනුවෙන් සට්ටැඹිකම් කරවා ගැනීමට අවශ්‍ය වී තිබීම පුදුමයකට කාරණයක් නොවුවත් යහපාලන ජනාධිපති වරයා ඊට අනුබල දීම පිළිකුල් සහගත ය. 

ජනාධිපති ගමරාළ දැන් උපදෙස් ගන්නේ ලලිත් වීරතුංගගෙන් සහ සරත් නන්ද සිල්වාගෙන් බව මීට දින කිහිපයකට පෙර දී ලංකා ඊ නිව්ස් විසින් හෙළිකරන ලදී.

කෙසේ වෙතත් යහපාලනද්‍රෝහී ජනාධිපතිගේ රටේ අධිකරණය මස්තබාල්දු කරවන ඉහත නම් කිරීම් යුගලය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථා සභාවට ශක්තිය හා ධෛර්යය ඇතැයි යහපාලනප්‍රේමී ජනතාවට කුඩා හෝ බලාපොරොත්තුවක් තිබේ. ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිත ව්‍යවස්ථා සභාව ඒ ජනතා බලාපොරොත්තුව රකිනු ඇතැයි ජනතාව විශ්වාස කරති. 

චන්ද්‍රප්‍රදීප්

දීපාලි සහ කුසලා ගැන වැඩිදුර දැන ගන්න කියවන්න

* මහජන මුදල් කෝටි 60 ක් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවෙන් ලිස්සයි: කුසලා විනිසුරුවරිය ‘ලලිත් අංකල්‘ බේරලා: පොලිස්පති උදව් කරලා

* හයිබ්‍රිඩ් අධිකරණයට කුසලා සරෝජිනී නඩුකාරියගෙන් පට්ට තල්ලුවක්.! චක්‍රලේඛ බල්ලාට..! මහනුවර අධිකරණ භූමියේ අද බණ - හෙට කාවඩි - පිටුපසින් පොන්න ඩාන්ස්..!!

* රවිරාජ් ඝාතන නඩු තීන්දුවට එරෙහි ඇපෑලක් විභාගයට නොගෙනම විසි කිරීම අධිකරණමය කුමන්ත්‍රණයක් 

* අභියාචනය නිසා ලලිත් අනුෂට ඇප දෙයි..! දණ්ඩපාත ව්‍යාපෘතිය බකල්..!! රොමේෂ් දීපාලිව ෆික්ස් කරයි ද?

---------------------------
by     (2018-10-23 04:41:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links