~

රාජපක්ෂලා වරායෙන් මත්තලින් ගැහූ ගැහිලි පරදන ගමරාළගේ ගැහිල්ලක් මෙන්න..! සිල්පර කොටන් 2 ක් අතර දුරකට රු. කෝටි 2 ක් වියදම් වන රේල් පාරක්..!

කැබිනට් පත්‍රිකාව ‌මෙන්න

(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.28, පෙ.ව.3.45) යන යකා කොරහත් බිඳගෙනම යනවා යන කියමන සනාථ කරමින් තව මාස15 කින් ගෙදර යෑමට නියමිත සියේට හතරේ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ ‘පිබිදෙමු පොළොන්නරුව’ යටතේ දුම්රිය මාර්ගයක් හැදීමට මුවා වී කෝටි ප්‍රකෝටි ගණනක් ගසා කෑමේ සූදානමක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා කි.මී. 88 ක් දිගු අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව චීනයේ ‘චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරිං කෝපරේෂන් ලිමිටඩ්’ නමැති සමාගමකට රුපියල් කෝටි 16116 කට (ඇ.ඩො. මිලියන 948 කට) ලබා දීම සඳහා ගමරාළ නිව්යෝර්ක් යෑමට ප්‍රථම හදිසියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මේ ගණන් හිලව් අනුව දුම්රිය මාර්ගයේ එක මීටරයක් සඳහා යන වියදම කෝටි 2 කට ආසන්නය. එනම් සිල්පර කොටන් 2 ක් අතර දුරක් පමණ දුරක් සඳහා රුපියල් කෝටි 2 ක් වියදම් කරයි. මේ තරම් වියදමක් දරා ගමරාළ මේ රේල් පාර හදන්නේ රත්තරන් වලින්දැයි නොදනී. මේ වියදමට ඉඩම් වලට ගෙවිය යුතු වන්දි මුදල් ඇතුලත් නොවේ. 

කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලය අතර සාකච්ඡාවකට භාජනය කිරීමට ඉඩක් නොදී ‘එය අනුමත වුනා’ කියා සටහන් කර ගෙන තිබේ.

අදාල කැබිනට් පත්‍රිකාව මෙහි දැක්වේ.

අලියා ගන්න කලින් රත්තරනින් ‌හෙණ්ඩුව හදලා 

කුරුණෑගල සහ හබරන අතර ප්‍රදේශ වල පිහිටුවීමට යෝජිත අපනයන සැලසුම් කලාප වල නිපදවන භාණ්ඩ දුම්රියෙන් ප්‍රවාහනය සඳහා අදාල රේල් පාර හැදීම  ‘අත්‍යාවශ්‍ය ප්‍රමුඛ කටයුත්තක්’ ලෙස හඳුනාගෙන ඇතැයි ජනාධිපති කියයි. පුදුමය වන්නේ මේ දක්වා එකදු අපනයන කලාපයක් හෝ ආරම්භ කර නොමැතිව කළින්ම බඩු ප්‍රවාහනයට කියා කෝටි දහස් ගණනක් වියදම් කර රේල් පාරක් හැදීම ය. මෙය හරියට අලියෙකු මිලදී ගැනීමට පෙර රත්තරනින් හෙණ්ඩුවක් හැදීම වැනිය. 

කුරුණෑගල සහ හබරණ අතර දැනටමත් රේල් පාරක් තිබේ. ඒ මාහෝ හරහා ය. ඒ අතර දුර කි.මී. 113 කි. යෝජිත දඹුල්ල හරහා මාර්ගය කි.මී.88 කි. එනම් කෝටි දහස් ගණනක් වියදම් කරන්නේ කි.මී. 25 ක වාසියක් ලබා ගැනීමට ය. ඊටත් වඩා පුදුමය නම් දැනට කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය ධාවනය කෙරෙන්නේ එක් දිශාවකට දිනකට 2 බැගින් දෙදිශාවටම ගමන් වාර 4 කි. උදේට එක දුම්රියක් ගමන් කරන අතර රාත්‍රියට තවත් දුම්රියක් ගමන් කරයි. අලුතින් දුම්රිය මාර්ගයක් අවශ්‍ය වන්නේ තිබෙන දුම්රිය මාර්ගයේ ගමන් වාර ගණන් තව ඇතුලත් කිරීමට නොහැකි තරම් වේ නම් පමණි. පැය 24 කටම ගමන් වාර 4 ක් පමණක් ගමන් ගන්නා දුම්රිය මාර්ගයක් තිබියදී රු. කෝටි 16116 ක් වියදම් කර අලුත් දුම්රිය මාර්ගයක් හැදීම ‘ප්‍රමුඛ සහ අත්‍යාවශ්‍ය කාරණයක්’ ලෙස ගමරාළට පෙනීම පුදුමාකාරය. 

මේ තරම් වියදමක් දැරූවද හබරණ නගරය සහ අවට වෙසෙන්නේ දස දහසක පමන ජන ගහණයකි.  දඹුල්ල සහ කුරුණෑගල අතර මහා මාර්ගයේ විශාල වාහන තදබදයක් තිබෙන බව නම් සත්‍යයකි. නමුත් මේ කැබිනට් පත්‍රිකාවේ මගී ප්‍රවාහනය සඳහා මේ රේල් පාරේ අවශ්‍යතාවයක් ගැන නොකියැවෙයි. කෙසේ වෙතත් දඹුල්ල - කුරුණෑගල අතර වාහන තද බදයට අධික වියදම් රේල් පාරකට වඩා තිබෙන මහා මාර්ගය මං තීරු 4 ක් දක්වා පුළුල් කිරීම සෑහෙන්නේ ය. මුළු මාර්ගයම නැතත් දෙපස කුඹුරු සහ මුඩු ඉඩම් තිබෙන ප්‍රදේශ පමණක් හෝ මං තීරු 4 ක් දක්වා පුළුල් කළහොත් දැනට තිබෙන වාහන තද බදය සියේට සීයකින්ම අඩුවනු නියත ය. ඒ සඳහා රුපියල් කෝටි 16116 ක් තබා ඉන් සීයෙන් එකක් වියදම් වන්නේ නැත.

ඒ සියල්ල තිබියදී කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම රේල් පාර හැදීමට චීනයෙන් ණය ගෙන චීනයටම පැවරීමෙන් රාජපක්ෂලා හම්බන්තොට වරායෙන් මත්තලින් ගැහූ ගැහිල්ලේ ඊළඟ ගැහිල්ල ගමරාළ ගැහීමට සැරසේ. 

ගැහිල්ලේ තරම

ප්‍රතිලාභයක් නැතිව හම්බන්ත‌ොට වරායට කළ වියදම රු. කෝටි 17400 කි.
ප්‍රතිලාභයක් නැතිව මත්තල ගුවන් තොටුපොලට කළ වියදම රු. කෝටි 27450 කි.
දැන් ගමරාළද ප්‍රතිලාභයක් නොමැතිව කුරුණෑගල - හබරණ රේල් පාරකට රු. කෝටි 16116 ක් වියදම් කිරීමට සැරසේ. 

2005 දී සුනාමියෙන් විනාශ වූ දුම්රිය මාර්ගය දින 56 කින් යළි ගොඩ නැගීමට  වසර සිය ගණනක් පැරණි අත්දැකීම් ඇති ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට වැය වුනේ රුපියල් කෝටි 45 කි. තාන්ඩිකුලම් සිට  ඕමන්තය දක්වා කිලෝමීටර් 10 ක දුම්රිය මාර්ග කොටස ඉදිකිරීමට 2010 දී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට වැය වුනේ කිලෝ මීටරයකට රු. කෝටි 5 කට මඳක් වැඩි මුදලකි. ගමරාළගේ මේ අපූරු රේල් පාර හැදිල්ලේදී  කිලෝ මීටරයකට රුපියල් කෝටි 1831 ක් පමණ වියදම් වන බව කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

ගැහිල්ලේ තරම හිතා ගත හැකිද? 

මාස 15 කින් තොළොංජි වන්නට සිටින පල්ලෙවත්ත ගමරාළ ඉක්මනින් විශාල මුදලක් හොරා කෑම සඳහාම මේ රේල් පාර හදන්නට යන බව ඉතා හොඳින්ම පැහැදිලිය.

ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකාවේ පිටපතක් පහත ඇති ඉමේජ වල දැක්වේ. විශාල කරගෙන කියවන්න. 

---------------------------
by     (2018-09-27 22:57:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links