(ලංකා ඊ නිව්ස් -2018.අගෝ.24, පෙ.ව.11.00) බීබීසී සිංහල සේවය එහි ලංකාවේ වාර්තාකරුවෙකු වන අසාම් අමීන් මහතාට කැබිනට් මාධ්‍ය හමුව සේම දේශපාලන සම්මුඛ සාකච්ඡා තහනම් කර ඇතැයි එක්තරා ඉංග්‍රීසි මාධ්‍යයක් විසින් පළ කර ඇති ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අසාම් අමීන් මහතා ලංකා ඊ නිව්ස් කළ විමසීමක දී පැවසීය.
බීබීසී සිංහල සේවයේ නව බලධාරීන් විසින් කැබිනට් මාධ්‍ය හමුව සහ දේශපාලන සම්මුඛ සාකච්ඡා වැනි පුවත් වාර්තාකරනයෙන් මඳකට මිදී ජනතාවගෙන් වසන් වී තිබෙන වෙනත් ගවේෂනාත්මක විශේෂාංග පුවත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව එහි ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඒ කාර්යයන් කෙරෙහි මේ වන විට යොදවා තිබේ. ඒ අනුව අසාම්ට ද වෙනත් මාධ්‍යවේදීන්ටද වෙන වගකීම් පැවරී ඇත. මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් බීබීසීයේ වෙනත් ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන්ද විමසන ලද අතර ඔවුහු ද ඒ වග තහවුරු කළහ.
කැබිනට් මාධ්‍ය හමුව දැන් බොහෝ විට සජීවීව ආණ්ඩුව විසින්ම ප්‍රචාරය කරයි. එහිදී අලුත් වාර්තාකරණයක් කිරීමට බීබීසීයට දෙයක් නැතැයි නව බලධාරීන් සිතන්නට ඇත.
අනෙක් අතට බීබීසී සිංහල සේවය දැන් පෙර තිබූ ජනප්‍රියතාවයෙන් පහත වැටී ඇත. ඒ අනුව ඔවුන් නව මං සොයා යෑමට තීරණය කිරීම පුදුමයකට කාරණයක් නොවේ.
අසාම් අමීන් මහතා පසුගිය කාලයේ ලංකාවේ දක්නට නොලැබුනේ ඔහු මාස දෙකකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යයේ බීබීසී ආයතනයේ පුහුණුවකට සහභාගී වී සිටි නිසා යැයි ද ඔහු අප සමග කළ සාකච්ඡාවේ දී පැවසීය.
අසාම් අමීන් මහතා පසුගියදා සමාජ මාධ්‍යජාලවල ජනප්‍රියතම මාධ්‍යවේදියා ලෙස සම්ම්නයකින් ද පිදුම් ලැබුවේ ය.
කෙසේ වෙතත් මීට පැය කිහිපයක පෙර බීබීසී සිංහල සේවය මෙසේ නිවේදනය කර ඇත.
"බීබීසී සිංහල, ශ්‍රී ලංකාව තුළ අපක්ෂපාතී සහ නිරවද්‍ය ජනමාධ්‍යවේදයක් වෙනුවෙන් කැපවී සිටින අතර අපගේ ග්‍රාහකයින් අපේක්ෂා කරන පරිදි ම, දේශපාලනඥයින් සහ පුවත්වලට පාදක වන වෙනත් පාර්ශ්ව සමග සවිමත් සම්මුඛ සාකච්ඡා ඉදිරියට ද පවත්වනු ඇත."
---------------------------
by (2018-08-24 06:22:03)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි