~

යහපාලන ආණ්ඩුව මොනවද කෙළේ..? රනිල්ගෙන් හොල්මන් වෙන කතාවක් (Video)

(ලංකා ඊ නිව්ස් -2018.අගෝ.20, පෙ.ව‍.8.20) මහින්ද රාජපක්ෂ පාරවල් හැදුවා යැයි මොර ගෑවත් ඔහු වසර 9 කට මහා මාර්ග කිලෝ මීටර් 183 ක් හදා ඇති අතර වත්මන් ආණ්ඩු 2015 සිට 2017 දක්වා මහා මාර්ග කිලෝ මීටර් 185 ක් හදා ඇතැයිද මහින්ද පාරවල් හදන්නට අත් පත් කර ගත් ඉඩම් වලට සත පහක් නොගෙවා තිබූ අතර වත්මන් ආණ්ඩුව ඒ ඉඩම් වලට පමණක් වන්දි ලෙස රු.මිලියන 40,000 ක් ගෙවා ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. යහපාලන ආණ්ඩුව කලේ මොකක්දැයි අසන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු මේ කතාව කෙළේ පසුගිය 18 වෙනිදා ඌරුබොක්ක නගරයේ දී ය. මාතර - පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් ප්‍රතිලාභී පවුල් දහසක් සඳහා ඉඩම් ඔප්පු හිමිකම් ප්‍රදානය වෙනුවෙන් " පස්ගොඩ රජිත උදානය" නමින් පැවැති උත්සවයේදී අගමැති වරයා මෙසේ කීවේ ය.

2014 දී ණය සඳහා වාරිකය ගෙවීමටවත් රටේ ආර්ථිකය ශක්තිමත් නොවූ නමුත් දැන් ආර්ථිකය ස්ථාවර බව තමන් බය නැතිව ප්‍රකාශ කරන බවද අගමැති පැවසීය. ජනතාව නොදන්නා ගණන් හිලව් රාශියක් පිලිබඳ විස්තර ගෙන හැර පාමින් අගමැති කළ කතාව පහතින් 

---------------------------
by     (2018-08-20 02:56:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links