~

පගාකාරයාගෙන් හිස් වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට තවත් පට්ට දූෂිතයෙක් පත්කරන්න සියල්ල සූදානම් ..!!

දැනටමත් දහම්ගේ වියදම් කියා සල්ලි එකතු කරනවා

(ලංකා ඊ නිව්ස් -2018.අගෝ.07, ප.ව.10.40) වර්තමානයේ මහා පරිමාණ දූෂිතයකු වීම එකම සුදුසුකම බවට පත්ව ඇති රජයේ ඉහළම තනතුරක් වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සඳහා මීලඟට පත්කිරීමට නියමිතව ඇත්තේ කුප්‍රකට දූෂිතයකු වන වත්මන් භූ විද්‍යා සභාපති අසේල ඉද්දවලය. ඒ බව ඔහු විසින්ම මේ වන විට ප්‍රචාරය කරමින් සිටී.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර හොබවන ලද කුප්‍රකට දූෂිතයකු වූ ගාමිණී සෙනරත් විසින් රාජපක්ෂ රෙජීමය බිඳවැටීමත් සමග ජනතාවගෙන් ගසා කෑ සල්ලි ගෝනි පිටින් ලොරිවල පටවා තැන් තැන්වලට ප්‍රවාහනය කරමින් නටන ලද නාඩගම කිසිවකුටත් රහසක් නොවේ. ඒවා සියල්ල පසෙක තිබියදී දැනට ඔහුගේ කප්පරක් දූෂණවලට සාපේක්ෂව ‘සොච්චං’ දූෂිත ගණුදෙනුවක ප්‍රධාන චූදිතයා ලෙස විශේෂ මහාධිකරණයේ පළමු නඩුවෙන් පළමු කැඳවීම ලබා ඇත.

ඔහුට පෙර චන්ද්‍රිකා ආණ්ඩුවේ චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර දරමින් සිටි පී. දිසානායක සහ වත්මන් ආණ්ඩුවේ සිරිසේන ජනාධිපතිවරයාගේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර හෙබවූ අයි. එච්. කේ. මහානාම යන දෙදෙනා එක්ව මෙරට රාජ්‍ය සේවා පරිපාලන සේවා ඉතිහාසයේ වැඩිම අල්ලස වූ රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් පළමු කෝටි දෙක ලබාගෙන දෙවන වරට ගනිමින් සිටියදී අල්ලස් නිලධාරීන්ගේ අතටම මාට්ටු වී කට උත්තර නැතිව අත් අඩංගුවට පත්ව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.

මේ අනුව අප රටේ ශ්‍රිලනිප ජනාධිපතිවරුන්ගේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර යනු පට්ට දූෂිතයින් සඳහාම පමණක් වෙන් වූ විශේෂිත තනතුරක් බව ඉහත ඉතිහාසය මොනවට සාක්ෂි දරයි. තත්වය එසේ තිබියදී අයි. එච්. කේ. මහානාමගෙන් හිස් වූ වත්මන් ආණ්ඩුවේ එම තනතුරට තවත් අංක එකේ පට්ටම පට්ට දූෂිතයකු වන දැනට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කරන අසේල ඉද්දවල නමැත්තා පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත. ඒ පිලිබඳ අප කළ සොයා බැලීම්වලදී තොරතුරු රැසක් සොයා ගැනීමට අපට හැකිවිණි.

අසේල ඉද්දවලගේ වැඩ කිඩ

මෙහි බරපතලම කාරණය වන්නේ දූෂණයෙන් පිරි දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අසේල ඉද්දවල නමැත්තා යහපාලන ආණ්ඩුව යටතේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී කිසිදු වග විභාගයකින් තොරව ලබාගන්නා ලද අල්ලස් හා කොමිස් මුදල්වල ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනක් වුවද 'ඉහලම දේශපාලුවන් සමග ඒවා බෙදාගැනීම හේතුවෙන් මේ වනතුරුත් ඒ පිළිබඳව ඉදිරිපත් කරන ලද පැමිණිලි පරීක්ෂා නොකර යටපත් කර තිබීමයි. එබැවින් කප්පරක් අල්ලස් කොමිස් ලබාගත්තද තමන් එම ආයතනයෙන් ඉවත් වන තුරුම කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම හේතුවෙන් අල්ලසට දූෂණයට කිසිදු බියක් නොදක්වන ඔහු පසුව ජනාධිපතිවරයා යටතේ ඇති භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති වීමත් සමග තමාගේ හුරුපුරුදු අල්ලස් දූෂණ කොමිස් ව්‍යාපෘතිය දෙනෝ දාහක් බලා සිටියදී ‘යහපාලන’ ආණ්ඩුවේ ඉතිරි රෙදි ටිකත් ගලවමින් මහ දවාලේ එලිපිටම සිදු කරගෙන යයි.

දැනට ඔහු භූ විද්‍යා සභාපති තනතුරට පත්ව යාන්තම් ගෙවී ගොස් ඇත්තේ මාස හයකටත් අඩු කාලයක් වුවද ඔහුගේ මාසික අදායම රුපියල් මිලියන දෙකහමාරත් තුනහමාරත් අතරට නංවාගෙන ඇත. භූ විද්‍යා සභාපතිවරයා නිල බලයෙන් ඊට අනුබද්ධිත GSMB Technical Services Limited සභාපති ලෙස පත්වන බැවින් එම තනතුරු දෙක යොදාගෙන එවැනි මහා ධනස්කන්දයක් ඉපැයීමට කිසිසේත් පසුබට වී නැත. ඒ අනුව කුප්‍රකට යාං ඔය වැලි ව්‍යාපෘතිය ඔස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, මනම්පිටිය හා ඒ ආශ්‍රිත වැලි ව්‍යාපෘති ගණනාවක් සහිත පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද ,කන්තලේ හා තවත් වැලි ව්‍යාපෘති ගණනාවක් සහිත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්ද , වශයෙන් එම මහා ධනස්කන්දය උපයාගනු ලබන්නේ එම දිස්ත්‍රික්ක තුනේ වැලි ව්‍යාපෘති තම සිතැඟි පරිදි හසුරුවමිනි. ඊට අමතරව භූ විද්‍යා ආයතනයේ සෙසු ව්‍යාපෘතිවලින් උපයන ආදායම මෙතෙක් හෙළිදරව් වී නැත.

ව්‍යාජ මොන්ටෙරෝවකින් මසකට ලක්ෂ 2 ක් ගන්නේ දහම්ගේ වියදමටලු

මෙහි වඩාත් හාස්‍යජනක කාරණය නම් එතරම් ධනස්කන්දයක් කිසිදු බියක් සැකක් නොමැතිව මාසිකව හොරා කමින් සිටින අතරතුර තමන් දරණ GSMB Technical සභාපති තනතුරට තවත් වාහනයක් ලබාගැනීමට හිමිකමක් ඇතැයි පවසමින් CAA-2915 දරණ මොන්ටේරෝ ජීප් රථයේ අංකය පමණක් සඳහන් කොට සෑම මාසයක් සඳහාම රුපියල් ලක්ෂ දෙක (200,000) බැගින් ලබාගැනීමය. එය සිදු කරනුයේ තමා කලින් සිටි ආයතනයේ සිදුකරන ලද දූෂණවලට හවුල් වූ අයෙකුට අයත් වාහන කුලියට දෙන ආයතනයක් වන අංක 435/10/බී, ශාන්ත ජෝසප් වත්ත, නුංගමුගොඩ, කැලණිය දරණ ලිපිනයේ ඇති JMS TRANSPORT SERVICES & MOTOR ENGINEERS ආයතනය හරහාය. එම ආයතනයෙන් සෑම මසකම ඉන්වොයිස් ගෙන්වාගෙන ලක්ෂ දෙකේ චෙක්පතක් සෑම මසකම GSMB Technical සමාගමේ සේවකයකු ලවා එම ආයතනය වෙත යැවීමෙන් පසු එම මුදල සභාපතිවරයා විසින් ලබා ගැනීම සිදු කරයි.

මෙසේ මාසිකව ලක්ෂ දෙක බැගින් ලබාගැනීම හොර රහසේ නොව ප්‍රසිද්ධියේ සිදුකරන්නක් බැවින් එය සාධාරණීකරනය කිරීම සඳහා සේවකයින්ට පවසා ඇත්තේ ජනාධිපති පුත් දහම් සිරිසේනගේ විදෙස් අධ්‍යාපනයේ වියදම් දැරීම තමන් වෙත පැවරී ඇති බැවින් එම මුදල් පියවීම සඳහා මෙවැනි මාසික දීමනාවක් තමන් ආයතනයෙන් ලබාගන්නා බවය. (අප දන්නා පරිදි නම් දහම් මේ වනවිට කිසිදු විදේශ අධ්‍යාපනයක් නොලබන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ චරිතයකි) අල්ලස් කොමිසම ද මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ සභාපතිවරයාගේ සබඳතාවල ශක්තිමත්භාවය හේතුවෙන් සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ජනාධිපති ගමරාළගේ හිතවතෙකු වන බැවිනි.

සේවකයන් යැවු පෙත්සම ජනාධිපති දූෂිතයාටම දීලා

මෙහි වඩාත් කණගාටුවට අදාල කාරණය වන්නේ ඉහත සඳහන් වැලි ව්‍යාපෘති ආශ්‍රිත මහා පරිමාණ දූෂණයන් වැටලීම සඳහා තරමක් සංකීර්ණ මෙහෙයුමක් අවශ්‍ය වුවද මහදවල් ප්‍රසිද්ධියේ සිදුකරන මෙම ලක්ෂ දෙකේ මාසික වංචාව ඉතා සරල විගණන පරීක්ෂාවකින් පවා හෙළිදරව් කරගත හැකිව තිබියදීත් සියලු වගකිව යුත්තන් නිහඬව සිටීමය. මීට අදාලව භූ විද්‍යා ආයතන සුරැකීමේ ව්‍යාපාරය නම් වූ එහි සේවක එකමුතුවක් විසින් සියලු සාක්ෂි සහිත ලියවිලි ආණ්ඩුවේ ඒ වෙනුවෙන් පිහිටුවා ඇති සියලු ආයතනවලට ලබා දී ඇති බවද එහි සේවකයෙකු සඳහන් කළ අතර මේ වනතුරුත් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවද පෙන්වා දුනි. මෙම සේවක විරෝධය සම්බන්ධයෙන් දූෂිත සභාපතිවරයා පවසා ඇත්තේ සේවකයින් ජනාධිපතිවරයා වෙත යැවූ පෙත්සමක් ජනාධිපතිවරයා විසින්ම තමන්ට ලබාදී, ආයතනයක සභාපතිවරයකු එවැනි දීමනාවක් ලබාගැනීම ගැටළුවක් නොවන බවත් එවැනි නාහෙට නාහන ඕනෑම සේවකයකු ඉවත්කර දමන ලෙසත් තමන්ට දැන්වූ බවය. එබැවින් ඔහුගේ සියලුම දූෂිත කටයුතු ජනාධිපතිවරයාගේ අනුමැතියද සහිතව සිදුකරන බව සියලු සේවකයෝ විශ්වාස කරති.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මම්ම වම්හ

තවද එතැන් පටන් ඔහුගේ සුපුරුදු දේශනාව වී ඇත්තේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර භාරගන්නා ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් ඉතා ඉක්මණින් එම පත්වීම සිදුකිරීමට සියල්ල සූදානම් බවත්ය. එහෙත් මෙම ආයතන දෙකේ සිටියදීම එම තනතුරද තමා වෙත ලබාදෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම හේතුවෙන් ඒ ගැන තීරණයක් දෙනතුරු පමණක් එය පමා වන බවද මේ දිනවල භූ විද්‍යා සේවකයින් වෙත ඒත්තු ගන්වමින් තමන්ට එරෙහි වන්නන් බිය වැද්දීමද කරගෙන යයි.

මෙම ලක්ෂ දෙකේ මාසික වංචාවට අදාළව ආයතනයේම සිටින රජයේ විගණකාධිපතිගේ නියෝජිතවරිය වන විගණන අධිකාරී චන්ද්‍රලතා මහත්මියද භූ විද්‍යා තාක්ෂණ සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වන මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වැලිගමගේ මහත්මියද මෙම කුප්‍රකට වංචාව පිළිබඳ හොඳින් දැනුවත්ව සිටියද භූ විද්‍යා සභාපති අසේල ඉද්දවල යනු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සිතා එවැන්නක් පරීක්ෂා කිරීමට පවා බියෙන් වෙව්ලමින් සිටින බවද දැනගන්නට තිබේ.

 

(ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තාකරුවෙකු විසිනි)

---------------------------
by     (2018-08-07 17:15:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links