(ලංකා ඊ නිව්ස් -2018.අප්‍රේල්.06, ප.ව.5.05) “තමාට යන්න සිදුවුනොත් යන්නේ සියල්ල ගිනි තියාගෙන“ යයි පරාජයෙන් වියරු වැටී සිටින පිස්සු ජනාධිපති පල්ලෙවත්ත ගමරාල අද අගමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු සමග සාකච්ඡාවේදී වියරුවෙන් මෙන් මේසයට ගහමින් ප්‍රකාශ කර තිබේ.
විශ්වාසභංගයේදී ආණ්ඩුවට සහ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප කුණකටු ඇමැතිවරුන් සමග තව දුරටත් මේ ආණ්ඩුව ගෙන යා නොහැකි බවත් ප්‍රධාන වශයෙන්ම කැබිනට්ටුවේ සිටින එම 6 දෙනා ඉවත් කර නව කැබිනට් ඇමැතිවරුන් පත් කළ යුතු බවත් සාකච්ඡා කිරීම සඳහා අද දහවල් අගමැති රනිල්, මංගල, මලික්, කබීර්, අඛිල ප්‍රමුඛ එජාපෙ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපති පල්ලෙවත්ත ගමරාල හමුවූ අවස්ථාවේ දී ගමරාල විසින් ඉහත ප්‍රකාශය කර තිබේ.
2020 දක්වාම මේ ඇමැති මණ්ඩලයම කටයුතු කළ යුතු යැයි තම කුණකටු ඇමැතිවරුන් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ගමරාල දැඩිව ප්‍රකාශ කර තිබේ. ඉන්පසුව “මට යන්න වුනත් මං යන්නේ සියල්ල ගිනි තියාගෙන“ යයි මේසයට ගසමින් පිස්සුවෙන් මෙන් ගමරාල ජනාධිපති පවසද්දී අගමැති ඇතුළු පිරිස මේ ‘මෝඩ හනුමා‘ ගැන පුදුම වී ඇත. කොතෙක් කරුණු පැහැදිලි කළද තේරුම් ගැනීමේ මානසික තත්ත්වයක නොසිටි ගමරාල අවසානයේ දී තමන්ගේ ශ්‍රීලනිප විධායක සභාව සමග සාකච්ඡා කර පිළිතුරක් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.
ඉන්පසුව එජාපෙ මන්ත්‍රීවරුන් විසින් කුණකටු කැබිනට් ඇමැතිවරුන් 6 දෙනා සහ නියෝජ්‍ය කතානායක තිලංගට එරෙහිව විශ්වාසභංග යෝජනා 7 ක් පාර්ලිමේන්තුවේ දී කතානායකතුමාට අද සවස බාර දුන්නේය. එම විශ්වාස භංග ගැන විස්තර වෙනත් ප්‍රවෘත්තියකින් ගෙන එන්නෙමු.
---------------------------
by (2018-04-06 13:49:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි