~

රට පුරා හදිසි නීතිය පැනවේ; තෙල්දෙණියට තවදුරටත් ඇඳිරි නීතිය..! කුප්‍රකට ජාතිවාදී නායක භික්ෂුවක් ප්‍රහාර නොකර සිටීමට කියා මවුලවිලාගෙන් ලක්ෂ 15 ක් අරන්

(ලංකා ඊ නිව්ස් - 2018.මාර්තු.06, ප.ව‍.3.30) තෙල්දෙණිය-දිගන ප්‍රදේශවල හටගෙන තිබෙන ජාතිවාදී කෝලහාල රට පුරා ඇවිල යැමේ අනතුරක් ඇති බැවින් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමාට ඇති බලතල අනුව දින 10 කට රට පුරා හදිසි නීතිය පනවා තිබේ.  මෙම හදිසි නීතිය දින 10 කින් පසු දීර්ඝ කරන්නේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය.

මේ අතර අද උදෑසනින් අහවර වීමට නියමිතව තිබූ මහනුවර දිස්ත්‍රික්කයට පනවන ලද ඇඳිරි නීතිය තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් බල ‍ප්‍රදේශ සඳහා තවදුරටත් දීර්ඝ කර තිබේ. තෙල්දෙණියේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

සිංහල ලොරි රථ රියැදුරෙකුට පහර දීමෙන් මිය යෑම නිසා හටගත් ජාතිවාදී ගැටුමින් මේ වන විට 28 හැවිරිදි මුස්ලිම් තරුණයෙකුද මිය ගොස් ඇත. 

වාර්තා වන අන්දමට මිය ගිය සිංහල ලොරි රථ රියැදුරා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සමග ඉතාමත් සුහදව කටයුතු කළ අයෙක් වන අතර මිය මුස්ලිම් තරුණයාද සිංහල බෞද්ධ ජනතාව අතර ඉතාමත් සමගියෙන් විසූ අයෙකි. මුස්ලිම් තරුණයාගේ ෆේස් බුක් ගිණුමේ ඔහු දළදා මාලිගාව අසල හිඳ ගත් සේයාරූ ද ඇත. ඔහු ශ්‍රව්‍යාබාධිතයෙකි. 

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ජාතිවාදී ගැටුම් හට ගත් ඊයේ දිනයට පෙරදා ලංකාවේ ජාතිවාදී ගැටුම් වලට කුප්‍රකට භික්ෂු සංවිධානයක නායක භික්ෂුවක් සිංහල තරුණයාගේ මළ ගෙදර ගොස් ඇත. බේරුවල ගැටුම් වලටද මුල් වූයේ මෙකී භික්ෂුව ය. මළ ගෙදර යෑමෙන් පසුව භික්ෂුව  ප්‍රදේශයේ මුස්ලිම් මවුලවිවරුන් අමතා, සිංහල ලේ රත්වී ඇති බැවින් මුස්ලිම් අයට පහර දෙනු ඇතැයිද එසේ නොවීමට නම් මිය අයගේ ඥාතීන්ට ලක්ෂ 25 ක් ගෙවන ලෙසට බල කර තිබේ. මවුලවි වරුන් පවසා ඇත්තේ පහරදුන් මුස්ලිම් තරුණයන් පල්ලියට එන අය නොවන බවත් ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් අඩුම ගණනේ ඔවුන්ට ඇප ලබා දීමටවත් කිසිදු මුසල්මානුවෙකු ඉදිරිපත් නොවූ බවයි. වන්දි මුදලක් මිය ගිය අයගේ පවුලට ලබා දීමට තමන් කැමැති නමුත් ලක්ෂ 25 ක් තරම් විශාල මුදලක් සතුව නැතැයිද පවසා තිබේ. නායක භික්ෂුව පසුව එය ලක්ෂ 15 දක්වා අඩුකර ඇති අතර මවුලවිවරුන් විසින් එම ලක්ෂ 15 ඉහත කී නායක  භික්ෂුවට ලබා දී ඇත. භික්ෂුව එදින රාත්‍රියේ යලි කොළඹ බලා පැමිණ ඇති අතර ලබා ගත් මුදල් මිය ගිය අයගේ ඥාතීන්ට දුන්නාද නැතිද යන්න ගැන නොදනී. කෙසේ වෙතත් පසුදා සංවිධානය වූ පිරිස් මුසල්මානුවන් එල්ල කර ජාතිවාදී ප්‍රහාර දියත් කර තිබිණ. ගැටුම ගැන පරීක්ෂණ පවත්වන බලධාරීන් ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

ලොරි රියැදුරා ඝාතනය කළ මුස්ලිම් තිදෙනාට උපරිම දඬුවම් දිය යුතු අතර මේ වන විට ෆේස් බුක් හරහා ප්‍රසිද්ධියේ උම්මත්තක ලෙස ජාතිවාදය වපුරන චීවරධාරීන්ට ද උපරිම දඬුවම් දිය යුතුය. 

---------------------------
by     (2018-03-06 12:08:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links