~

“ජලාධිපති” ජනාධිපතිව ගොනාට අන්දාගෙන ජාතික දේහය විනාශ කිරීම - විශ්වමිත්‍ර දේශබන්ධු ලියයි

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.15, පෙ.ව.9.05) “ශ්‍රී ලංකාවේ ජලාධිපති” මතකද මේ වෙළෙඳ දැන්වීම?  පුංචි ඡන්දයට ටික දිනකට පෙර ශ්‍රී ලාංකික ජනයාගේ සිරස් හෙවත් හිස් ගෙඩි අසූචි වලින් පුරවන TV නාලිකාවේ ගිය වෙළෙඳ දැන්වීමේ එස්-ලෝන් පයිප්ප මුදලාලිව හඳුන්වා දුන්නේ එහෙමය. එස් ලෝන් පයිප්ප මුදලාලි වෙන කවරෙකුවත් නොවේ. ඔය කියන ජනතා හිස් අසූචි වලින් පුරවන “සිරස” නාලිකාවේ මාධ්‍ය මුදලාලි වන කිලී රාජා මහේන්ද්‍රන් ය. 

“ජලාධිපති” යන වචනය ඈතට ඇහෙන්නේ “ජනාධිපති” ලෙසය. ඇත්තෙන්ම මේ වෙළෙඳ දැන්වීමේ සැබෑ අරුත ලංකාවේ ජනතාව වටහා ගත්තා ද? දෙනෙත් කඩතුරා ඉරා බලන්න. සවන් අගුලු  උදුරා එහි යටි අරුත වටහා ගන්න. ඇත්තෙන්ම  කිලී මහරාජාටත් ඔහුගේ සල්ලි වල වහල් භාවයට පත්ව සිටින  සිරසේ  මාධ්‍ය වහලුනටත් මේ එස් ලෝන් වෙළෙඳ දැන්වීමෙන් ජනතාවට දෙන්නට අවශ්‍ය වූ පණිවිඩය මෙයයි. එනම් මෛත්‍රිපාල සිරිසේන ඔය පුටුවේ ඉන්නා තාක් ලංකාවේ ඇත්තෙන් ම ජනාධිපති, “ජලාධිපති” හෙවත්   එස් ලෝන් මුදලාලි හෙවත් කිලී මහරාජා කියාය. මන්ද ඔහු දුර්වල ජනාධිපතිවරයා මගින් තමන්ට අභිමත සියල්ල ඉටු කරගන්නා නිසාය. 

මෙරට ඉතිහාසයේ කවර හෝ ව්‍යාපාරිකයකු නොකළ ආකාරයට කිලී මහරාජා මේ වනවිට පිළිකාවක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ ‘සිරස’ වන ජනාධිපති ධූරය ආක්‍රමණය කර තිබේ.  එසේ කොට සිය අසූචි සිරසෙන් ජනතාවට බෙදන ගඳ ගසන කැලි කසල වලින් රාජ්‍ය නායකයා ගේ සිරස ද පුරවමින් රට සිය අභිමතාර්ථ අනුව  හැසිරවීමට මහරාජා ජඩ උත්සාහයක නිරතවන බව පැහැදිලිය. මේ වන විට 2015 ජනවාරි 8 ජනවරමේ ප්‍රබලම සතුරා බවට පත්වෙමින් 62 ලක්ෂයක ජනතාව යහපාලන ශ්‍රී ලංකාවක්  පිළිබඳව දුටු සොඳුරු සිහිනය බිඳ දැමීමේ ප්‍රධාන සතුරා බවට පත්ව සිටින්නේ ඔහුය.  සිය මාධ්‍ය හා ඔහුගේ මුදල් වෙනුවෙන් මාධ්‍යය දුරාචාරයේ යොදවමින් ඕනෑම නීච වැඩක් කිරීමට සුදානමින් සිටින එහි වහලුන් කණ්ඩායම ද යොදා ගෙන ඔහු සිදුකරමින් සිටින මේ විනාශය තවමත් එම සොඳුරු සිහිනය දකින ජනතාව වටහාගත යුතුය. එසේ වටහාගෙන  ඊට විරුද්ධව නැගී නොසිටින්නේ නම්   අනාගතය කවරක් වේදැයි සිතාගන්නට නොහැකි තරමට රටේ තත්වය ව්‍යාකුල වී තිබේ. 

කිලී මහරාජා සිය  අසූචි සිරසෙන් ලංකාවට  වින කරන්නේ ටිකෙන් ටිකය. ජනතාවට නොදැනෙන්නටය. සිරස පටන් ගත්  දිනවල සිට ඔහු කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ “සිංහල බෞද්ධ” හැදියාව ටිකෙන් ටික සෝදා පාලුවට ලක් කිරීමය. පුදුමය නම් බෞද්ධ හැදියාව රැකීමට පෙරට එන බව කියන අහවල් සේනා වලට අහවල් බලකාය වලට මේවා නොපෙනීමය. මේවා  දකින්නට ඇස් මහින්ද හිමියන් සිටියා නම් “ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ” කියා වේදනාවෙන් හා කෝපයෙන් අහනවා සිකුරුය.  

ගුවන් විදිලියේ භාවිත වූ සුන්දර ව්‍යවහාර හෙළ බසත් ප්‍රවෘත්ති වලදී භාවිත කළ ලිඛිත හෙළ බසත් ඉවත් කරන ලද්දේ අසූචි සිරස විසිනි. අප පුංචි කාලයේ සිංහල ගුරුවරුන් අපට කිව්වේ ව්‍යාකරණ සහ සිංහල රචනය ඉගෙන ගැනීමට ගුවන් විදුලිය අහන්න කියලාය. දැන් අපේ දරුවනට සිංහල භාෂාව ඉගෙන ගන්නට ව්‍යාකරණ ප්‍රායෝගිකව ඉගෙන ගන්නට තැනක් නැත. මේ විනාශය ආරම්භ කළේ ගුවන් විදුලියේ වයර් කරගහගෙන ගිය ගංජා හුටං කෙනෙකුට වැඩ සටහන් අධ්‍යක්ෂ ධූරයක් බාර දෙමින් මහාරාජාය.  භාෂාවක් ක්‍රමයෙන් විකාශනය විය යුතුය, පරිනාමය විය යුතුය යන්න සත්‍යයකි. එහෙත් විකාශනය යනු විනාශය නොවේ. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඥ්ඥ වැනි භාෂා ද විකාශනය වෙමින් පවතියි. එහෙත් ඒවා සෝදා පාලු නොවේ. සිරස විද්‍යුත් මාධ්‍ය විකාශනයට (Broadcasting) පිවිසීමෙන් පසුව යොදා ගත් භාෂාව නිසා සිංහල භාෂාව විනාශ  වෙමින් තිබෙන බව අසූචි සිරස “රසිකයන්”ට නොදැනුනේ මන්ද? 

රට පුරා දැවැන්ත රාත්‍රී සංගීත සංදර්ශන පටන් ගත්තේ අසූචි පිරි සිරසය. 

මුලින්ම මෙවැනි සංගීත රාත්‍රී පැවැත්වුනේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවටය. සිරස රාත්‍රී සාජ්ජ වලින් පසුදා උදෑසන එම සාජ්ජ පැවැත්වුණු පිට්ටනි පුරා කාන්තාවන් ගේ යට ඇඳුම් රාශියක් විසිරී තිබෙනු එය සුද්ද කිරීමට ගිය කම්කරුවනට දකින්නට හැකිවිය. ඒ දවස්වල කටුනායක කලාපයේ රැකියා සඳහා පැමිණියේ අපේ රටේ ඈත දුර බැහැර ගම්වල දුප්පත්  අම්මලා තාත්තලාගේ අහිංසක දූ වරුය. දුප්පත් කමට කීයක් හරි හොයා ගෙන අම්මා තාත්තාට උදව් කරන්නට පැමිණි ඔවුන් අසූචි සිරසට පින් සිද්ද වන්නට සිය ලජ්ජා බය බිඳ ගත්තේ එහෙමය. 

අතීතයේ සිදුවූ මෙවැනි දේ බොහොමයක් සිහිපත් කළ හැකිය. අවශ්‍ය වූ විට භාවිත කිරීම සඳහා ඒවා පසුවට තබමු.  ලිපිය කෙටි කිරීම සඳහා අපි වර්තමානයට පිවිසෙමු. 

අසූචි සිරස TV එකේ දැන් එකම අභිමතාර්ථය වී තිබෙන්නේ ලාංකික ජනතාවගේ පවුල් ජීවිතය විනාශ කිරීමයි. දිනපතා රාත්‍රියේ නින්දට පෙර ජනතාවට පෙන්වන ඉන්දියාවෙන් ගෙන්වා සිංහල හඬ කැවූ විසූක දස්සන මාලාවේ අරමුණ මෙය නොවේ නම් වෙන කුමක්ද? මේ හැම නාට්‍යයකම පෙන්වන්නේ හොර පිරිමින් හොර අඹුවන් තබා ගැනීම, පවුල් තුළ හා පවුල්  අතර ආරාවුල් ඇතිකර ගැනීම, හොඳින් සිටින පවුල්වලට අංචි ඇදීම, යටි ගිරියෙන්  කෑගැසීම, බැනගනීම  වැනි “යහපත්” “ආදර්ශවත්” දේය. පවුල් වල ගැටළු ඇත්තේ නමුදු මේවායින් කරන්නේ ඒවා වර්ධනය කිරීමට උල්පන්දම් දීමය. මේවා පවුල් අවුල් කරන්නේ කෙසේද යන්න ගැන උපදේශන දෙන විසූක දස්සන මිස වෙනත් කිසිවක් නොවේ. ඒවායේ ඇත්තේ අපේ සංස්කෘතිය නොවේ. ඒවායින් ගලන්නේ කාලයක් තිස්සේ රූපවාහිනියෙන් පෙන්වූ “ඔෂින්” ටෙලි නාට්‍යයෙන් ගලා ආ මානුෂිකත්වයේ සුවඳ නොවේ. කුණු රසය පමණි. 

අපේ පවුල් විනාශ කරමින් විකාශනය වන  මේ විසූක දස්සන ගැන මහා සංඝරත්නය නිහඬව සිටීම යුක්ති සහගත කරන්නේ කවර හේතු මතද? බෞද්ධයන්ටත් වඩා  බෞද්ධ සංස්කෘතිය ගැන කිරි එරෙන අති උත්තම කාදිනල් උතුමාණන් වහන්සේ ලාත් මේවා නොදැක්කා සේ සිටින්නේ කෙසේද? රැඟුම් පාලක මණ්ඩලයක් තිබෙන්නේ කුමකට ද?

අසූචි සිරසේ ගම සංවර්ධන වැඩසටහන් සහ පෝයදා වැඩසටහන් මේ  විනාශය වසා ගැනීමට අතුරන සුදු පිරුවටයක් පමණි. ඒ පිරුවටයේ ගෑවෙන ඊට යටින් ඇති කැලි කසල වල ඕජස් සහ ගන්දස්කාරය ජාතියට ආදරය කරන්නෙකුට හොඳින් දැනේ. 

මේ සියල්ල විනාස කරමින් සිටින අසුචි සිරසේ  කිලී මහරාජා මුදලාලි හෙවත් “ජලාධිපති” මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ පිහිටෙන්  ලංකාවේ නිල නොවන ජනාධිපති වී තිබේ. 

ජනාධිපති උපදේශකවරු මහරාජාගේ බළල් අත් පමණක් නොවේ. ඔහුගෙන් අතිරේක වැටුප් ලබන්නෝය. ඔවුන් ජනාධිපතිට දෙන්නේ මහාරාජාට අවශ්‍ය උපදේශයය . ජනාධිපති මාධ්‍ය අංශය කැපිටල් මහරාජා එකේ දිගුවකි. මේ අංශය හරහා මහරාජා ගේ අදහස් ජනාධිපති වෙත ගලා එන අතර ජනාධිපති ගේ අදහස් හා උපදෙස් අසූචි සිරස හරහා රට පුරා බෙදා හරිනු ලබයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටුපට අමතරව මාධ්‍ය ලේකම්ලාට කැපිටල් මහරාජා වෙතින් ද වැටුප් ලැබේ. 

පිළිකාවක් සිරුරේ වෙනත් අවයවයක් වසා ගත් විට ඒ අවයවය කපා ඉවත් කර ජීවිතය බේරා ගැනීමට ඇති සම්භාවිතාව වැඩිය. එහෙත් පිළිකාව විසින් සිරස වසා ගත්  විට….? එය නියත වශයෙන් ම ජීවිතයේ අවසානයම ය.

මහනායක හිමිවරුන් පත් කරන්නේ ද කිලී මහාරාජා ය

මේ උවදුරේ බරපතල කම දැනෙන්නේ රටේ අගමැති විය යුත්තේ කවුද යන්න ගැන තීරණය කිරීම පවා මේ වන විට “ජලාධිපති” කිලී මහරාජා ගේ අසූචි සිරසේ බැලයන් විසින් භාරගෙන තිබෙන නිසාය. 62 ලක්ෂයක් ජනතාව විසින් 2015 ජනවාරියේ දීත් ඉන් පසුව අගෝස්තුවෙදීත් තීරණයක් ගෙන තිබියදී මේ ගැන තමන්ගේ පමණක් මතය ප්‍රකාශ කරන්නට මහරාජා කවුද? අද අගමැති නම් කරන්නට උපදෙස් දෙන  මහරාජා ගේ මාධ්‍ය බැලයන් එය සාර්ථක වුවහොත් හෙට මහා නායක ස්වාමීන් වහන්සේ පත් කිරීම ගැන තීරණ නොදෙනු ඇතැයි කිව හැක්කේ කාටද? 
 
මහරාජා සිතා මතාම ලංකාවේ සංස්කෘතිය සහ අපේ පවුල්වල හා සමාජයේ බෞද්ධ පදනම විනාශ කරමින් සෝදා පාලුකරමින් සිටියි. බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එම සංස්කෘතිය, භාෂාව විනාශ කරමින් සිටින පුද්ගලයෙකුගෙන් උපදෙස් ගන්නේ කෙසේද? එසේම එවැනි පුද්ගලයෙකු ගෙන් සිය කුණු  කොන්ත්‍රාත්තු සඳහා උදව් ලබා ගන්නේ කෙසේද? ජාතියේ හිස වන ජනාධිපති කාර්යාලය පිළිකාවක් මෙන් වසාගැනීමට  එවැනි පුද්ගලයෙකුට ඉඩ දීමෙන් වැනසෙන්නේ ජාතික දේහය යන්න ජනාධිපතිවරයා වටහා නොගන්නේ මන්ද?

මහරාජා රටේ කිසියම් දේශපාලන දක්ෂයෙකු දැක්ක විට ඔහුට අවශ්‍ය තරම් මුදල් වියදම් කර සිය අභිමතය වෙත ඔහු නම්මා ගනියි. ඉන් පසුව එම පුද්ගලයා මහරාජා ගේ වහලෙකු වෙයි. මහරාජා වෙනුවෙන් ඕනෑම ගඳ වැඩක් ලජ්ජා නැතිව කරයි. 

මෑතකදී රටේ දේශපාලන වශයෙන් දීප්තිමත් අනාගතයක් තිබිය හැකිබව පෙනෙන එක්තරා තරුණයෙකු මුහුණ පෑ  සිද්ධිය ඊට එක උදාහරණයකි. කුඩා ව්‍යාපාරයක් ද කරගෙන යන මේ තරුණයා මෙම ලියුම් කරු සමග මේ සිද්ධිය බෙදා ගත්තේ සිය කේන්තිය ද ප්‍රකාශ කරමිනි.

සල්ලි වලින් මිනිසුන් කුණු කරන හැටි 

දිනක් අසූචි සිරසේ ප්‍රධානියෙකුගෙන් මෙම තරුණයාට සිය කාර්යාලයට පැමිනෙන ලෙස ආරාධනයක් ලැබිණි. සිරස ප්‍රධානියාගේ කාර්යාලයේ අසුනක සුව පහසුවෙන් වාඩි ගත් මේ තරුණයා සහ එම ප්‍රධානියා ටික වෙලාවක් ආගිය තැන ගැන කතා කළහ. ඉන් පසුව එම ප්‍රධානියා සිය ප්‍රධාන මාතෘකාවට ප්‍රවිෂ්ට විය. 

“මං ඔයාට  එන්න කිව්වේ වැදගත් දෙයකට ඔයාට ආරාධනා කරන්න. ඔයාට හොඳ දේශපාලන සහ ව්‍යාපාරික ආනාගතයක්  තිබෙන බව අපි දන්නව.ඉතින් අපට පුළුවන් ඊට උදව් කරන්න.” 

“ ඒ කොහොමද” අපේ කතානායකයා විමසිල්ලෙන් ඇසුවේය.

“මෙහෙමයි. අපි ඔයාගේ ව්‍යාපාරික කටයුතු වලටයි සමාජ කටයුතුවලටයි සිරසෙන් ප්‍රොමෝෂන් එක දෙනවා. ඒවා හොඳට නග්ගල දෙන්න අපට  පුළුවන්. ඒ වගේම ඔයාගේ වෙබ් සයිට් එකයි එෆ් බී එකයි ප්‍රොමෝට් කරල  ඔයාගේ ව්‍යාපාරේ  හොඳට බ්‍රෑන්ඩ් කරලා දෙනවා අපි ….”

තරුණයා විමතියෙන් හා විමසිල්ලෙන් යුතුව බලා සිටිද්දී සිරස ප්‍රධානියා ඉතිරි ටික  කිව්වේය.ඒ මේ වෙනුවෙන් තරුණයා ගෙවිය යුතු “මිලයි”. 

“ඔයාට කරන්න තියෙන්නේ එකම දෙයයි. මීළඟ මැතිවරණේදී අපි කියන දේශපාලකයා වෙනුවෙන් පෙනී සිටීම පමණයි…..”

හොඳ හර්ද සාක්ෂියක් තිබුණු මේ තරුණයාට හීන් දාඩිය දැම්මේය. එසේම ඔහුට හොඳටම කේන්ති ගියේය. එහෙත් ඒ වගක් ඔහු පෙන්වුයේ නැත. තමාට  මේ ඉල්ලීම ඉටු කරන්නට නොහැකි බව මේ තරුණයා අර අසූචි සිරසේ ප්‍රධානියාට කෙලින්ම කිව්වේය. එහෙත් ප්‍රධානියා පැයකට ආසන්න කාලයක් කතා කරමින් මේ තරුණයා සිය අභිමතයටය ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළේය. මෙයින් ඔහුට ලැබෙන අධික මුදල් කන්දරාව හා “කීර්තිය” ගැන ඔහු විස්තර කළේය. ඒ මගින් සිය දේශපාලන ගමනට ලැබිය හැකි වාසිය ඔහු පෙන්වා දුන්නේය. එහෙත් ඒවායින් නම්මා ගත හැකි වුයේ අපේ මිතුරු තරුණයා නොවේ. “ජලාධිපති” ගේ කුණු සල්ලිවලට ඔහු මිලදී ගන්නට නොහැකි විය. 

අද  මහා පණ්ඩිතයන් සේ පඬි වදන් කෙළිමින් තනි පුද්ගලයකුට පදනමකින් තොරව පහර දෙමින්  අසූචි සිරස මත රඟ දක්වන්නේත්, ජනාධිපති උපදේශකයන් සේ කටයුතු කරමින් 2015 ජනවාරි 8 ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නෙත්, ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සිට කැපිටල් මහරාජා දිගුවක් බවට එය පත්කර තිබෙන්නේත් මහරාජා ගේ සල්ලි වලින් කුණූ වූ මිනිසුන්ය. (ඔවුන් වැනි හර්දය සාක්ෂිය සල්ලි වලට පාවා දුන් ජඩයන්ට “මිනිසුන්” යයි කිවහැකිදැයි නොදනිමි.)  එපමණක් නොවේ. මහරාජා ගේ මුදල් ලබන ඇතැම් දේශපාලකයෝ ද සිටිති. ඔවුන් කරන්නේ මහාරාජාට සිය මාධ්‍ය ඔස්සේ රට වනසන්නට ඉඩදී ඔහුගේ රූකඩ මෙන් නටමින් ඔහුට අවශ්‍ය දේ ඉටුකර දීමයි. (දන්නා නමුත් මේ ඔවුන් නම් කිරීමට අවස්ථාව නොවේ.)

මේ නිසා පිරුවට වලින් වසාගෙන සිටින අසූචි සිරසෙන් වැහෙන ඕජස දකින්නට කාලය පැමිණ තිබේ. පිරුවට වලින් වසා ඇති අසුචි සිරසේ ගඳ දැනෙන්නට කාලය පැමිණ තිබේ. එස් ලෝන් මුදලාලි හෙවත් “ජලාධිපති” ජනාධිපතිව  අන්දාගෙන  ජාතික දේහය විනාශ කිරීම නතර කළ යුතුය.

විශ්වමිත්‍ර දේශබන්ධු විසිනි

---------------------------
by     (2018-02-15 04:31:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links