~

කැබිනට් මණ්ඩලයේ දී අද ජනාධිපතිගේ හැසිරීම ‘කරවල කෑල්ලක් සොරකම් කර හසුවූ බළලෙකුගේ වගේ‘..!

(ලංකා ඊ නිව්ස් - 2018.ජන.30, ප.ව‍‍‍‍‍‍‍‍‍‍‍.8.00) අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වූ ජනාධිපති කඩු සිරිසේන එජාප මැති ඇමැතිවරුන්ට මුහුණ දීමේ වරදකාරී හැඟීමකින් හැසිරී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. තමන් ඉදිරිපත් කළ යුතු කැබිනට් පත්‍රිකා ටික කියවා, කිසිවෙකු සමග මුහුණ දී කතා නොකළ ඔහු ඉක්මනින්ම පිටත්ව ගොස් තිබේ. මැතිවරණය ගැන ඔහු වචනයක් හෝ කතා කර නැත.

මීට ඉහත කැබිනට් රැස්වීමේ දී ඔහු තමන්ට ආණ්ඩු කළ නොහැකි යයි ඉවත්ව ගිය බවත් පසුව අගමැති ප්‍රමුඛ පිරිසක් ගොස් යලි කැඳවා ගෙන පැමිණි බවත් දැන් ප්‍රසිද්ධ රහසකි. සිද්ධිය සැඟවීමට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ අතර ඔහු ඒ ගැන කියා සිටියේ ‘ජනාධිපති ශරීර කෘත්‍යයක් ඉටු කිරීමට‘ ඉවතට ගිය බවයි.

කෙසේ වෙතත් අද ‘කරවල කෑල්ලක් සොරකම් කර හසුවූ හොර බළලෙකුගේ‘ තත්ත්වයට පත්ව සිටි ජනාධිපති කඩු සිරිසේන තමන් පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේදී සහ විවිධ හමු වලදී කරන කියන ලද එජාප විරෝධී සහ අගමැතිවරයා විරෝධී ප්‍රකාශ හුදු ඡන්ද ප්‍රචාරය සඳහාම නොව ඔහුගේ හදවත තුලින්ම පැන නැගුණු කුහක වෛරීය ප්‍රකාශ නිසා බව ඔහු හැසිරුනු වරදකාරී ස්වරූපයෙන්ම පෙනී ගියේ යයි ඇමැති කිහිප පොලක්ම ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග පැවසීය.

---------------------------
by     (2018-01-30 15:03:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links