(ලංකා ඊ නිව්ස් - 2018.ජන.08, පෙ.ව.4.30) 2016 වසරේ අප්‍රේල් මස 19 දින ඉදිකිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලම මාස 32 ක් ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට යෝජනා වී තිබුණි. අගමැතිවරයාගේ අධීක්ෂණය හා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාවයත් මත මාස 20 ක් වැනි කෙටි කාලයක් තුලදී එය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත. එලෙස ඉදිකිරීම් අවසන් කළ රාජගිරිය ගුවන් පාලම, ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදි වූ දීර්ඝතම ගුවන් පාලම ලෙස අද (ජනවාරි මස 08) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරධනයෙන්, ජනාධිපතිවරයාගේ සහ ගරු අග්‍රාමාත්‍යවරයාගේ අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
දිගින් මීටර 533 ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77 ක ආයෝජනයකින් ඉදිකර ඇත. මං තීරු 04 ක් ලෙස නිර්මාණය කර ඇති පාළමට මීටර 180 ක පිවිසුම් මාර්ගයක් සහ සමාන්තර පදික වේදිකා 02 ක් ද අන්තර්ගතව ඇත.
පසුගියදා අගමැතිවරයා මෙම පාළමේ අවසන් වරට නිරීක්ෂණ චාරිකාවේ යෙදීමෙන් පසු කුමන හේතුවක් හෝ මවා අගමැතිවරයාට මඩ ගැසීම තම එකම අරමුණ කරගෙන සිටින කිලී මහාරාජාගේ ටීවී නාලිකාව අපූරු විවේචනයක් කෙළේය. කෝට් එකක් හැඳගත් කවුදෝ පොල් බෑ මූණක් ඇති පුද්ගලයෙක් පසුබිම් වීඩියෝ තිර පවා බොරුවට භාවිතා කරමින් කියා සිටියේ මෙම පාළම කොන්ක්‍රීට් වලින් නොමැතිව යකඩින් නිමකර ඇති නිසා ඉක්මනින් දිරා යෑමට ලක්වන බවයි. එම නිසා නඩත්තුවට අධික වියදමක් යන බවයි. මහාරාජාගේ පොල් බෑ මූණාට කිව යුත්තේ ලෝක ප්‍රසිද්ධ ලන්ඩන් ටවර් බ්‍රිජ් එක මෙන්ම ලෝක ප්‍රසිද්ධ අයිපල් කුළුන පවා නිම කර ඇත්තේ යකඩින් බවයි. යකඩ දිරා යෑම වැළැක්වීම සඳහා ගැල්වනයිස් කිරීම ලෝකයා සොයා ගත්තේ 17 වෙනි ශත වර්ශයේ තරම් ඈත බවත් ලන්දේසින් ලංකාවට එන කාලයේ පවා ඒ තාක්ෂණය දැන ගෙන සිටි බවත්, මේ වන විට එම තාක්ෂණය ඉතාමත් දියුණු වී ඇති බවත් මහාරාජාගේ පොල් බෑ මූණා නොදන්නවාට ලෝකයා දනී. රූපවාහිනිය වැනි සංනිවේදන මාධ්‍යයක් ඉදිරියට පැමිණ අමු ගොං කතා කියමින් සමාජයක්ම නූගත් භාවයේ ගිල්වන මහාරාජාගේ පොල් බෑ මූණාට අවසාන වශයෙන් කිව යුත්තේ මහ මුහුදේ යන නැව් කොන්ක්‍රීට් වලින් හැදූ නැව් නොව යකඩින් හැදූ ඒවා බවයි. නඩත්තුව යනු පාලමක් සඳහා පමණක් නොව පොල් ගාන හිරමනයක් සඳහාද අත්‍යාවශ්‍ය දෙයක් මිස සුවිශේෂ කාරණයක් නොවන බවද පොල් බෑ මූණා දැන ගත යුතුය.
රූපවාහිනී මාධ්‍යයක් මෙහෙයැවීමේ දී තාක්ෂණික කරුණු ගැන ජනතාවට කරුණු කීමට ඊට අදාල විද්වතුන් නොමැතිව තමන්ගේ ගොබ්බ නිවේදකයන් ලවා තමන්ට අවශ්‍ය ගොං කතා බෙදා හරිමින් රටක අනාගතයක් නූගත් භාවයේ ගිල්ලවීමට මහජන දේපොලක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාත භාවිතා කිරීමට මහාරාජාට කිසිදු අයිතියක් නැත.
---------------------------
by (2018-01-07 23:16:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි