~

මෛත්‍රී-මහාරාජා කල්ලියේ කොමිස් කෑදර කම නිසා රට ‘මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී‘ අනතුරකට වැටිලා: යුදනැව් ඩීල් එකේ රුසියන් සමාගම ‘බ්ලැක් ලිස්ට්‘ එකක්: තේ තහනමේ අලුත්ම හෙළිදරව්ව

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.18,  ප.ව‍‍‍‍‍‍‍.9.40) මෛත්‍රී-මහාරාජා කල්ලිය රට ගැන නොසිතා රුපියල් කෝටි ගණනක විශාල කොමිස් මුදල ගැන පමණක් සිතා රුසියාවෙන් රු. බිලියන 24 ක් තරම් අධික මිලකට Offshore Patrol Vessels (OPV) වර්ගයට අයත් Gepard 5.1 නෞකාව ඇතුළු අනවශ්‍ය යුද උපකරණ මිලදී ගැනීමට යෑමෙන් ලංකාවට තේ තහංචිය පමණක් නොව ජී.එස්.පී ප්ලස් සහනයත් අහිමි වී අනෙකුත් අපනයනයන් සඳහාද ආර්ථික සම්භාදක පැනවී රට දරුණු අනතුරකට මුහුණ පෑමට සිදුව තිබේ. 

ඊට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මෛත්‍රී-මහාරාජාලා මෙම ආයුධ ඩීල් එක සිදුකරන රුසියාවේ ආයුධ ඒජන්සිය වන “Rosoborono export“ සමාගම එක්සත් ජනපද රාජ්‍යය සහ ඒ සමග ආරක්ෂක ගිවිසුම් ගසා ඇති අනෙකුත් රාජ්‍යයන් විසින් ‘බ්ලැක් ලිස්ට්‘ කර තිබෙන සමාගමක් වන බැවිනි. “Rosoborono export“ සමාගම ‘බ්ලැක් ලිස්ට්‘ කරමින් ඔවුන් සමග ගණුදෙනු කිරීමටද වාරණ පනවා ඇත්තේ පසුගිය 2017 මාර්තු මාසයේ දී ය. ඊට හේතු පාදක වී ඇත්තේ “Rosoborono export“ සමාගම ‘න්‍යෂ්ඨික අවි හරණ ගිවිසුම් උල්ලංඝනය කිරීම‘ නමැති බරපතල හේතුවයි. මෙය උතුරු කොරියාවට, ඉරානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනට පනවා ඇති වාරණයන් හා සමානය. එක්සත් ජනපද රාජ්‍යය විසින් “Rosoborono export“ සමාගම ඇතුළු තවත් සමාගම් 8 ක් මෙලෙස ‘බ්ලැක් ලිස්ට්‘ කර ඇති අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණය මේ ලියන මොහොතේ දී දැන ගන්නට ලැබුනේ නැති නමුත් එක්සත් ජනපද රාජ්‍යය සහ ඒ හා ආරක්ෂක ගිවිසුම් බැඳුනු රාජ්‍ය විසින් ආරක්ෂක මණ්ඩලයට ගෙන එන යෝජනා විවාදයකින් තොරව බොහෝ විට සම්මත වී තිබේ.

මේ තත්ත්වය යටතේ පසුගිය සතියේ “Rosoborono export“ සමාගමේ ලොක්කා ඇලෙක්සැන්ඩර් ඇලෙක්සැන්ඩ්‍රොවිච් මික්හීව් Gepard නැව සහ යුද උපකරණ ඩීල් එකේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නමුත් ඊට අදාල ශ්‍රී ලංකාවෙන් ගෙවිය යුතු  සියයට 10 ක මුදල ගෙවීමට යෑමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙකී ‘බ්ලැක් ලිස්ට්‘ සිද්ධිය පෙන්වා දී තිබේ. ඒ අනුව ලංකාවෙන් ගෙවිය යුතු සියයට 10 ක මුදල එනම් රුපියල් බිලියන 2.4 ක මුදල ගෙවීම අත් හිටුවා ඇත. කෙසේ වෙතත් ලබන දෙසැම්බර 31 කට පෙර එකී සියයට 10 ක මුදල ලංකාව විසින් නොගෙවුවහොත් ඩීල් එක කොට උඩ යනු ඇත. 

රුසියාව ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයනය තහනම් කෙළේ මෙම තත්ත්වය යටතේ  ලංකාවට බලපෑම් කිරීමට ය. 

ලංකා ඊ නිව්ස් වෙත අද(18) උදෑසන විශේෂ ලියුම්කරුවෙකු විසින් තේ තහනමට බලපෑවේ මෛත්‍රී-මහාරාජා කල්ලියේ ඇස්බැස්ටෝස් තහනම යැයි කීවද ඊට අමතරව ආසන්න හේතුව වන්නේ දැනට ඇන හිට ඇති මෙකී යුද නැව් ගණුදෙනුව 31 දාට පෙර සාක්ෂාත් කර ගැනීම ය. 

කෙසේ වෙතත් මේ ගණුදෙනුවේ දී මෛත්‍රී-මහාරාජා කල්ලියේ නූගත් ඩීල් දැමීම නිසා රට “මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී“ තත්ත්වයට වැටී ඇත. ‘බ්ලැක් ලිස්ට්‘ කරන ලද “Rosoborono export“ සමාගම සමග යුද නැව් ඩීල් එක නොකළොත් රුසියානු තේ තහනමට මුහුණ දීමට සිදුවන අතර කළොත් එක්සත් ජනපදය ඇතුලු යුරෝපා රටවල් රැසක ආර්ථික තහංචි වලට ලක්වීමට සිදුවනු ඇත. 

ඇමරිකාවෙන් එකක් ද, ඉන්දියාවෙන් තව එකක් ද, ජපානයෙන් දෙකක් ද, ලෙස වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දී තිබියදී මෛත්‍රී-මහාරාජා කල්ලියට කොමිස් කෑමේ පරම චේතනාව නිසාම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ‘එපා‘ යයි කියන රුසියානු වෙරළාරක්ෂක නෞකාවක් සහ ඊට අදාල යුද උපකරණ තොගයක් රුපියල් බිලියන 24 කට අධික ණය කන්දක් සමග මිලදී ගැනීමට යෑමේ ව්‍යසනය ගැන ලංකා ඊ නිව්ස් හි මෙම ලියුම්කරු දිගින් දිගටම කරුණු අනාවරණය කෙළේය. 

ඊට ප්‍රතිචාරය වූයේ නොවැම්බර් 8 වෙනිදා ලංකා ඊ නිව්ස් ලංකාවේ පාඨකයන්ට බැලීම අවහිර කිරීමය. ඒ සඳහා ද ජනාධිපති මෛත්‍රී භාවිතා කෙළේ මහාරාජා විසින් තමන් හරහා විදුලි සංදේශන නියාමන කොමිසමට අධ්‍යක්ෂක වරයෙකු ලෙස රිංගවා සිටින හේමන්ත වර්ණකුලසූරිය නමැත්තා ය. කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා රටේ නොමැති අවස්ථාවක ඒ දෙදෙනාම නොදැනුවත්ව ලංකා ඊ නිව්ස් බ්ලොක් කිරීමට අන්තර්ජාල සේවා සපයන්නන්ට නියෝග නිකුත් කළේ හේමන්ත වර්ණකුලසූරිය ලවා ය. 

මේ විනාශ කාරී යුද නැව් ඩීල් එක පිළිබඳ කට පියාගෙන සිටීමෙන් මෛත්‍රී-මහාරාජා කල්ලියේ ගෝත කරුම වලට එජාපයට ද වන්දි ගෙවීමට සිදුවන බව සිහි තබා ගත යුතුයැයි මෙම ලියුම්කරු පසුගිය දා සටහන් තැබුවද කට පියාගැනීම සඳහා එජාපයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධනව බිලි බා ගෙන ඇත්තේ ද මහාරාජාගේ අධ්‍යක්ෂවරයෙකු වන නිමල් කුක් විසින් යෙදූ උපායක් අනුව ය. ලංකා ඊ නිව්ස් ඒ සම්බන්ධයෙන් ද මීට පෙර හෙළිකර තිබේ. 

“ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..! ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ගූ ගා ගනී..!“ මැයෙන් 2017 මාර්තු 15 වෙනිදා හෙළි කළ පුවතේ ඒ පිලිබඳ මෙසේ සඳහන් විය.

“...කලක් නිමල් කුක් ගේ සහචරියක් ලෙස කටයුතු කළ ‘අනුෂි ජයවර්ධන‘ මේ වන විට නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධනගේ කිට්ටුම මිතුරිය වී ඇතිවා පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ රුවන් ගේ සහකාරිය ලෙස රාජකාරියද කරන්නියකි. ඇය ලවා රුවන් විජේවර්ධනද මෙම ඩීල් එකේ සහායකයෙකු කර ගැනීමට මහාරාජා දක්ෂ වී තිබේ....“ 

කෙසේ වෙතත් මෛත්‍රී-මහාරාජා කල්ලියේ නූගත් ඩීල් දැමීම නිසා “මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී“ තත්ත්වයට වැටී ඇති රට බේරා ගැනීමට නම් මෛත්‍රීගෙන් සහ මහාරාජාගෙන් රෑට කා දවල්ට විරෝධතා දක්වන පක්ෂ සහ සංවිධාන මෙතෙක් කල් මේ යුද නැව් ඩීල් එක ගැන කට පියාගෙන සිටියද දැන්වත් මුඛය ඇර අවංකව පෙරට ආ යුතුය. 

චන්ද්‍ර ප්‍රදීප් විසිනි

සබැඳි පුවත්

* ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..! ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ගූ ගා ගනී..! 

* ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..! යෝජනාව ජනාධිපතිගෙන්.!!

* මෛත්‍රී ජනපතිගේ ‘බබා හුකුං‘ කාලය ඉවරයි..! මහාරාජාගේ සහ බෑණාගේ යුද නැව් ගැහිල්ලට විරුද්ධ වූ ට්‍රැවිස් සින්නයියා මාසයකින් ගෙදර යවයි..!! අද්මිරාල්ලා 3 ක් යුද නැව එපා කියලා; ගණන් අරන් නෑ

* මාස 4 කින් ජනාධිපති ‘බල්ලා මාර්ක්‘..! දෛවඥයන් කියලා..!! ඊට කලින් යුද නැව් ඩීල් එකෙන් ගාණ කපන්න හදලා: ටෙන්ඩර් කැඳවා නෑ: කැබිනට් ප්‍රකාශක කීවේ බොරු

* කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි

* මෛත්‍රී වාරිමාර්ග ඇමැතිව සිටියදී අල්ලස් ලබා ගත් බව ලෝක බැංකුව පිළිගනී: අල්ලස් දුන් සමාගම බ්ලැක් ලිස්ට්..!

* ජනාධිපති රටේ ආරක්ෂාව දෙවැනියට දා කොමිස් කුට්ටියකට පළමු තැන දී ලංකාවට සිටි හොඳම නාවික හමුදාපති මාස දෙකෙන් ගෙදර යැවීමේ ආනිශංස ඊයේ පාන්දරම අත්විඳී

* බෑණාගේ පපුව පැලෙයි..! මෛත්‍රී-මහාරාජා කූඨ කට්ටුවේ යුද නැව් කොමිස් පාත්තරේට ඇමරිකාව කඩා වැටේ..! ලංකාවට නවීන වෙරළාරක්ෂක නැවක් නොමිලේ.!

* ජයන්ති ගෙදර හදන ආප්පය තියෙද්දී ජැකොලයින්ගේ කෑම සූත්‍ර ආප්පයම ඕනෑද? මෛත්‍රී-මහාරාජා යුද නැව් ඩීල් එක ෆික්ස් කරන්න රුසියානු ඒජන්තයා තම පුද්ගලික ජෙට් යානයෙන්ම එයි

---------------------------
by     (2017-12-18 16:35:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

කිලී මහරාජා කියන නීල හොරාත් එක්ක ජනාධිපති මෛත්‍රිට තියෙන ගණුදෙණුව මොකක්ද?
-- by ඩයස් on 2017-12-18

මහාරාජාලා සමග එක් වූ කිසිදු දේශපාලකයෙකු ගොඩ ගොස් නැති බව මෛත්‍රීපාල සිරිසේනට කිසිවෙකු හෝ කියා දිය යුතුය.
-- by රෝනි on 2017-12-18

හේමන්ත වර්ණකුලසූරිය මැට්ට දන්න ඉන්ටනෙට්, ඌ හොඳයි ප්‍රසිද්ධ වැසිකිලියක කැෂියර් තනතුරට!
-- by වස්සා on 2017-12-18

රුසියාවත් මෛත්‍රී-මහරාජා කල්ලියත් කතා කරගෙන කරන දෙයක් ඕක, රටේ අවධානෙට ලක්වෙච්ච මේ දූෂිත ආයුධ ගණුදෙණුවෙ හැබෑ ස්වරූපෙ තේ තහනම නිසා වැහිල යනව. ඊට පස්සෙ තේ තහනම ඉස්සරහට දාල තේ තහනමෙන් ගැලවෙන්න ඕන නං මේ ගණුදෙණුව සිද්ධ කරන්නම වෙනවැයි කියල රටේ ජනතාව අන්දවනව.
-- by සිංහලේ on 2017-12-18

මහරාජා කියන තක්කඩියත් එක්ක මුං මේ කරන වැඩ වලින් අපේ රටේ තේ ඉඩං හිමියො බරපතල අනතුරකට වැටේවි.
-- by සමන් on 2017-12-18

වෙලෙන්දෙකුට ටීවී රේඩියෝ චැනල් දාගෙන අනිත් වෙලෙන්දො යටපත් කරල තමන්ගෙ බඩු විකුණන්න දීල තියෙන්නෙ මේ හරක් රටේ විතරයි. වෙන රටක නං මහරාජා කියන එකා ඉන්නෙ හිරේ...
-- by රාජන් on 2017-12-18

ඊනිවුස් කිව්වා හරි, ඇස්බැස්ටෝස් තහනම ඉවත් කරලා.! දැන් තේ තහනම ඉවත් කිරීමයි, පරණ නැව් ගණුදෙණුවයි දෙකම සිද්ධ වේවි. සිරිසේනටයි මහරාජාටයි දැන් ඉතිං මල්ල කරේ!
-- by දම්මි on 2017-12-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links