(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.13, පෙ.ව.9.40) නිසඳැස් කවිය අන්තර්ජාලය තුල ජනප්‍රිය කිරීමෙහිලා පුරෝගාමී කර්තව්‍යයක් ඉටු කරමින් ‘හිතේ කෙටූ ටැටූ‘ නිර්මාණය කළ ඉන්දික ගුණවර්ධන කවියා හදිසියේ මරු වසඟයට ගොස් තිබේ. අධික රුධිර පීඩනය හේතුවෙන් හිසේ අභ්‍යන්තර නහරයක් පුපුරා යෑමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුලක් කළද පලක් වී නැත.
දක්ෂයෙකු වූ ඉන්දික ගුණවර්ධන අකාලයේ මිය යෑම ලංකා ඊ නිව්ස් වෙත ශෝක ජනක පුවතක් වන්නේ ඔහු කවියෙකු පමණක්ම නොව පසුගිය ජනවාරි 8 අරගලයේ දී ස්වයං ලෙස ඉදිරිපත්ව අප වෙත ලිපි සපයමින් ලංකා ඊ නිව්ස් පාඨකයන්ද එකී අරගලයට යොමු කිරීමට දායක වූ තරුණයෙකු වූ බැවිනි.
ජීවිතයේ පුද්ගලික අවුල් විසඳා ගැනීමට මත්වීමෙන් කෙටි මං සෙවීම ඔහුගේ ඉක්මන් විනාශයට හේතු වූ බව සැඟවිය යුතු නොවන්නේ ඔහු පරමාදර්ශයට ගන්නා අනෙකුත් තරුණ කවියන් ඉන් මුදවා ගත යුතු බැවිනි. මන්ද ඕමාර් ඛයියාම්ගේ බහුබූත කවියක් වැරදි භාවිතයකට ගන්නා ලාංකික දක්ෂ කවියන් විශාල පිරිසක් මෙලෙස විනාශ වනු අප දැක ඇති බැවිනි. මත්පැනින් සමාජය ගලවා ගැනීමට බියර් මිල අඩු කිරීම පමණක් නොසෑහෙන බවත් රට පුරා පැතිරුණු කවුන්සලින් වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් වගකිව යුත්තන්ට කිව යුතුය. ඉන්දික ගුණවර්ධන වැනි දක්ෂයන් රටකට සම්පතක් වුව කණගාටුවකට කරුණ වන්නේ ඔවුන් විසින් එය නොදැනීම ය. කවුන්සලින් වැඩ සටහන් අවශ්‍ය වන්නේ ඔවුන්ට එය තේරුම් කර දීමට ය. රටක උපදින සැවොම දක්ෂයන් නොවන බැවින් බිහිවන දක්ෂයන් රැක ගැනීමට රටක් ලෙස වගකීමකින් සැලසුම් සකස් කළ යුතුය.
තම හතලිස් දෙවැනි වියේදී රටට අහිමි වූ ඉන්දික ගුණවර්ධන සොයුරාගේ වියෝව ගැන යලිදු ශෝකය පළ කරන ලංකා ඊ නිව්ස් ඔහුගේ වියෝවින් සොවින් තැවෙන ඔහුගේ සොයුරු වත්මන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු පවුලේ සැමට ලංකා ඊ නිව්ස්හි ශෝකය පළකරන්නෙමු.
(ඉන්දික ගුණවර්ධනගේ මෙහි දැක්වෙන පරිඝනක චිත්‍රය ප්‍රකට කලාකරුවෙකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතා විසින් අඳින ලද්දකි)
---------------------------
by (2017-12-13 04:15:13)
Leave a Reply
අකාලයේ අහිමි වූ වටිනා ජීවිතයක්, ඉන්දික ඔබට නිවන් සුව ලැබේවා!
-- by රෝනි on 2017-12-13
යලි මෙවන් අකල් මරණයකට ගොඳුරු නොවේවා. ඔබට නිවන් සැප පතමි.
-- by දම්මි on 2017-12-13
තරුණ ජීවිත රාශියක් මත් රකුසා විසින් බිලි ගැනීම රටේ ඛේදවාචකයක්. ඉන්දික සොයුරානනි නිවනට පෙර යලිත් අප අතරට පැමිනෙන්න.
-- by අයන්ති on 2017-12-13
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි