(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.16, ප.ව.7.10) ඒකාබද්ධ විපක්ෂය කෙතරම් ටින් ටින් ගේ වීර ක්‍රියා ගැන කතා කළද පොහොට්ටුවේ ලකුණින් ලබන මැතිවරණයට තරග වැදීමට තීරණය කිරීමත් සමග ජාතික මට්ටමෙන් ආසන ජයග්‍රාහී මට්ටමේ සිටිනවාද යන ගැටලුවක් වී තිබේ. මේ ප්රශ්නය හමුවේ ඒකාබද්ධයේ ජාතික සංවිධායක ධුරය සඳහා සුසිල් ප්‍රේම ජයන්ත ගෙන ඒමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව වාර්තා වේ .
රාජපක්ෂලා හැර වෙනත් අයකු ඉහල තනතුරකට ගෙනැවිත් ඒකාබද්ධයේ සාධාරණ භාවය පෙන්වීම උදෙසා ද මෙම තීරණය ගෙන ඇත . ඒ අනුව එළැඹෙන කෑගල්ල රැළියේදී සුසිල් ප්‍රේම ජයන්ත ඒකාබද්ධයේ වේදිකාවට ගොඩවීමට කතිකා කර ගෙන ඇති අතර මෛත්‍රී පිලෙන් රාජපක්ෂ පිලට පැමිණීමට සිටින්නන් උද්යෝගීමත් කිරීම ද මෙමගින් බලාපොරොත්තු වෙයි.
වීමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණට අවශ්‍ය අපේක්ෂක ප්‍රමාණය ලබා දීමට බැසිල් රාජපක්ෂ එකඟ නොවීම හමුවේ ඒකාබද්ධය තුල කැලඹීමක් හටගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සංධානය තුල සියල්ල බැලන්ස් කළ සුසිල් මීට නියම සුදුස්සා යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත.
කෙසේ වෙතත් පසුගිය 2015 අගොස්තු මැතිවරණයේ දී එජනිස නාමයෝජනා ලැයිස්තු සකස් කෙළේ සුසිල් ප්‍රේමජයන්ත ය. එහිදී රාජපක්ෂගේ ඉල්ලීම අනුව දුමින්ද සිල්වාට කොළඹින් නාමයෝජනා නොදීම නිසා සුසිල්ගේ නිවසේදීම මහින්ද රාජපක්ෂ සුසිල්ගේ කනට ගැසුවේ ය. ඉන් පසුව රුධිර පීඩනය අධික වීමෙන් සුසිල් ප්‍රේමජයන්ත රෝහල් ගතව ද ප්‍රතිකාර ලබා ගත්තේය. මේ වන විට සුසිල් ප්‍රේම ජයන්තට ඒවා සියල්ල අමතකය.
කෙතරම් ඇල්ශේෂන් වුවද බල්ලන් ස්වාමියාට වලිගය වැනීම නතර කරන්නේ නැත.
---------------------------
by (2017-11-16 13:46:52)
Leave a Reply
2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තුවට පරාජිතයින් නම් කිරීමට සැළසුම් කළ මෙහෙයුම පියවරෙන් පියවර (කාට අමතක වුවත් අපට මතකයි) -පාවා දෙන්නන්ගේ හොරාවේ සිට අනාගතයට ….
අධිකරණය කටයුතුවල වාර අවසාන් කරන දිනම එනම් 2015 අගෝස්තු 14 වන දින(සිකුරාදා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වෙනස් කිරීමට පවරන ලද නඩුව කියවිය යුත්තේ 2017 අගෝස්තු මස 17 වැනි දින(සදුදා) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන පරිසරයකදී ය. ඡන්ද දායකයින්ගේ නිදහස් මැතිවරණයට මෙය කොයි ආකාරයෙන් බලපෑම් කළේද යන්න සම්බන්ධව සමාජයේ පැවති සාකච්ඡාව අඩු වූයේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” නිසාද නොදනී.
කෙසේ වෙත්ත අධිකරණ කටයුතු වාර්තා කරන්නන් මේ සිදුවීම පැහැදිලිව නිරවුල්ව ජනතාව වෙත ගෙන ගියේද? යන්න ගැටළු සහගත වුවත් මෙම ලිපිය මගින් 2015 අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දින (වැඩ කරන දින) කොළඹ දිසා අධිකරණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත් කිරීමට පවරන ලද නීති කටයුත්තේ වැදගත් සිද්ධීන් ඇති සැටියෙන් මෙහි දක්වා ඇත්තේ ජනතා අධිකරණය ඉදිරියේ සිය හෘදය සාක්ෂිය විවර කර බැලීමට සෑම පුරවැසියකුටම මෙයින් ආරාධනා කරමිනි.
මෙහි ඊළග අදියර එනම් ජාතික ලැයිස්තුවට පරාජිතයින් පත් කිරීමේ නීතිමය සැළැස්මේ දෙවැනි ඉනිම නුදුරේදී පවත්වන පළාත් පාලන මැතිවරණයේ දී ජයගන්නා යහපාලන විරෝධී මන්ත්‍රීවරුන් (පොහොට්ටු) අතරින් 15%ක් යහපාලනයට නැවත නම්මවා ගැනීම ය. එය සිදු කරන ආකාරයත් – සංශෝධිත මැතිවරණ පනත 60% සහ 40% අනුපාතය, පරාජිතයන් විසින් විධායකයේ බලය සමග පළාත් පාලන ආයතන වල බලය ඇල්ලීම සම්බන්ධවත් සාකච්ඡා කරනු ඇත. වරදක් එළි දරව් කිරීමෙන් වරද වැඩි නොවන බවත්, දවල් මිගෙල් රෑ දනියෙල් ලා ගැනජනතාව මනා අවබෝධයෙන් සිටීන බවත් රට කරවන ඇත්තෝ නිතර සිහි තබා ගැනීම වටී.
http://lankanewsweb.info/archives/16455
-- by Lanka on 2017-11-17
පොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න සිද්ධ වෙන්නෙම නිදහස් පක්ෂෙ බලය ඇල්ලීමේ සටනින් පැරදීලා පලා ගියපු නිසා නේද?
-- by ඩයස් on 2017-11-17
මොකා මොන මොට්ටුවෙන් ආවත් පාක්ෂිකයන් ගෙන් 95% ක් ඡන්දෙ දෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට!
-- by අමරා on 2017-11-17
පොහොට්ටුවෙන් පත්වෙන උන්ගෙන් 50% මෛත්‍රීගෙ දෑත් ශක්තිමත් කරන්න යාවිි..
-- by poyal on 2017-11-17
සුසිල් ප්‍රේම ජයන්තලාගෙ කාලෙ දැන් ඉවරයි.
-- by nimal on 2017-11-17
පොහොට්ටුවෙන් ගිහින් මෛත්‍රීගෙ ඔඩොක්කුවෙ ලගීවි....දෙපත් නයා
-- by chanaka on 2017-11-18
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි