(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.21, ප.ව.11.15) පනාගොඩ යුද හමුදා කඳවුරේ මහා හඬ නංවමින් කාලතුවක්කු වෙඩි පත්තු කිරීමක් මේ වන විට සිදුවෙමින් තිබේ. අවට නිවැසියන්ට මහත් බාධා කරමින් මේ වන විට වෙඩි රවුම් 30 කට ආසන්න ප්‍රමාණයක් පත්තු කර තිබේ.
යුද්දය කාලේවත් නොතිබූ ලෙස පුහුණුවකට යැයි කියමින් මේ මහ රෑ මෙලෙස මිලි.මීටර් 122 කාල තුවක්කු පත්තු කිරීම කාගේ නියෝග මත සිදුවන්නක් දැයි නොදන්නා බව පනාගොඩ යුද හමුදා නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. මිලිටරි පොලිසියේ මැදිහත් වීමෙන් ඒ ප්‍රදේශයට යෑම වළකා තිබෙන බවත් මෙවැනි මහ රෑ මීට පෙර කිසිදා පුහුණුවීම් පවත්වා නැති බවත් වාර්තා වේ. පුහුණුවීම් වලදී සැබෑ උණ්ඩ භාවිතා නොකරන නමුත් මිලි.මීටර් 122 කාලතුවක්කු එක එකාගේ වුවමනවාට පත්තු කිරීම සාමාන්‍යය සිදුවීමක් නොවේ. ඊටද ඩ්‍රිල් එකක් තිබේ. ඒ කිසිවක් නොමැති මේ පුහුණුවීම පුදුමාකාර බව අප වෙත අදහස් දැක්වූ නිලධාරියා කීය.
සේනාධිනායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වුවද යුද හමුදාව තුල තවමත් වැජඹෙන්නේ රාජපක්ෂ වාදීන් ය. රතුපස්වල සමූහ ඝාතනයට අවශ්‍ය තොරතුරු යුද හමුදාව තවමත් ලබා දෙන්නේ නැත. ඒවාට බාධා කරයි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ පරීක්ෂණ වලටද යුද හමුදා සහාය අවශ්‍ය පරිදි තවමත් නොලැබෙයි. සේනාධිනායකයා වුනේ තවත් රාජපක්ෂ කෙනෙක්දැයි ජනතාව අතර පමණක් නොව යුද හමුදාව තුලද දැඩි කලකිරීමක් පවතී. පනාගොඩ කඳවුරේ දැන් සිදුවන කාලතුවක්කු පත්තු කිරීම ගැන හෝ රාජපක්ෂලා දැන ගෙන සිටියා වුවද සේනාධිනායක සිරිසේන මහතා දන්නේ නැතුව ඇතැයි යුද හමුදා නිලධාරීහු පවසති.
---------------------------
by (2017-10-21 20:08:22)
Leave a Reply
සේනාධිනායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වුවද යුද හමුදාව තුල තවමත් වැජඹෙන්නේ රාජපක්ෂ වාදීන් ය.
-- by Sobithawathara on 2017-10-21
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි