(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.31, ප.ව.8.00) රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA), හෙවත් බොහෝ දෙනා අතරේ දැන් 'ගොමා' ලෙස ප්රකටව ඇති සාහසික වෘත්තීය මාෆියාවේ, ලොක්කන් තප්පුලන්නේ තමන්ගේ සියළු ක්‍රියාකාරකම් සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මක භාවය රැකගැනීම වෙනුවෙන් කරන බවකි. නමුත් SAITM ගැටලුවට මුවා වෙමින් සම්පූර්ණයෙන් වෙනස් කාරණාවක් වන විදේශ වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබාගත් දරුවන් වෙනුවෙන් පැවැත්වෙන ERPM විභාගය කඩාකප්පල් කිරීමට දරණ උත්සාහයෙන් පෙනීයන්නේ, ඔවුනගේ ඒකායන අරමුණ තම බමුණු කුලය රැක ගැනීම පමණක් බවය.
ERPM හෙවත් Act 16 විභාගය ලිඛිත හා ප්‍රායෝගික කොටස් දෙකකින් සමන්විත වන අතර එය පැවැත්වෙන්නේ වසරට තුන් වරක් පමණි. ශල්‍යකර්ම, ළමා රෝග, නාරි හා ප්‍රසව ආදී විවිධ විෂයයන් සඳහා මෙලෙස වෙන වෙනම ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන අතර ආධුනික වෛද්‍ය වසර (internship) සඳහා බඳවා ගැනෙන්නේ සියළුම විෂයයන් සමත් වූවන් පමණි. එලෙස බඳවාගන්නන්ට රෝහල් පත්වීම් ලබා දීමේ ශ්‍රේණිගත කිරීම් කරනු ලබන්නේ සියළු දේශීය ආධුනික වෛද්‍යවරුන් ශ්‍රේණිගත කිරීමෙන් පසුවය. සරලවම කිවතොත් දේශීය වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යන් සඳහා වෙනම පැවැත්වෙන පොදු බහුවරණ (Common MCQ) විභාගයෙන් අඩුම ලකුණු ලබා සමත් වන කෙනාට, Act 16 විභාගයේ වැඩිම ලකුණු ලබා සමත් වන කෙනාට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලැබේ. එමෙන්ම ERPM විභාගය සකස් කර ඇත්තේ සියළු විෂයයන් එකවර කොට සමත් වීමට අපහසු ආකාරයටය. මෙහි යටි අරමුණ විදේශ වෛද්‍ය සිසුන්ගේ ජීවිතයෙන් තවත් වසර කීපයක් එම විභාගයට හිර කර තැබීමෙන්, වෙනම පොදු බහුවරණ විභාගයට පෙනී සිට සමත් වන ඔවුන්ගේ සම වයසේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට වඩා වෘත්තීය ජ්යෙෂඨතාවයෙන් ඔවුන්ව වසර කීපයක් පහළට ඇද දැමීමයි.
මේ අතරතුරේ, 2017 අප්‍රේල් මස නිවේදනයක් නිකුත් කරමින් 'ගොමා' ජොස්තරවරු කියා සිටියේ, සයිටම් ගැටලුව ඔවුන්ට අවැසි අයුරින් විසඳන තෙක් ඔවුන් ලිඛිත විභාග ලකුණු කිරීමේ සහ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු වලට සහභාගි නොවන බවයි. මේ අනුව වෛද්‍ය සභාව විසින් මැයි මස පැවැත්වීමට තිබූ විභාග වටය අවලංගු කරන ලදී. මේ වසරේ ඔක්තෝබර් මස පැවැත්වෙන විභාග වාරයද මෙම අතිශය අසාධාරණ වෘත්තිය සමිති ක්රියාමාර්ඟ නිසා අවලංගු කිරීමට යන ලකුණු දැනටමත් පහළ වී තිබේ. මෙලෙස SAITM ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන් ස්වායත්ත විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ගෙන්, 'ගොමා' ජොස්තර මාෆියාව පලි ගන්නේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ගේ ආධිපත්‍යය සුරැකීමේ පටු චේතනාවෙනි.
මහජන් බදු මුදලින් නොමිලේ ලැබෙන ඉගෙනීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට, ඇතැමුන්ගේ මජර දේශපාලන ව්‍යාපෘතිවල අතොකොලුවක් වී ඇති දේශීය වෛද්‍ය සිසුන්, දිගින් දිගටම පන්ති වර්ජනවල නියැලෙමින් පාරවල් ගානේ නිකරුණේ කාලය කා දමති. මෙලෙස පන්ති හා විභාග මග හැරීම නිසා ලබන වසර මුලදී ආධුනික වෛද්‍ය පත්වීම් ලබා ගැනීම සඳහා දේශීය වෛද්‍යවරුන් කණ්ඩායමක් බිහි නොවීමේ තත්වයක් උදාවී ඇත. ඉන් ඇති වන වෛද්‍ය හිඟය යම්තාක් දුරට සමනය කිරීමට නම් රටේ සෞඛ්‍ය අංශවල ගුණාත්මක භාවය ගැන සැබවින්ම කැප වෙන්නන් කළ යුත්තේ ERPM විභාග නිසි කලට පවත්වා විදේශ වෛද්‍ය විද්‍යාලවලින් පිලිගත් උපාධි ලබාගත්තවුන්ට ආධුනික වෛද්‍ය පත්වීම් ලබාගැනීමට ඉඩ සැලසීමය. නමුත් දේශීය වෛද්‍ය උපාධිධරයින්ට වඩා වෘත්තීය ජ්‍යෙෂ්ඨතාවයෙන් (seniority) ඉහළ එක් විදේශ වෛද්‍ය උපාධිධාරී කාණ්ඩයක් හෝ බිහි වනවාට විරුද්ධ 'ගොමා' මාෆියාව, ERPM විභාගය කඩාකාප්පල් කරමින් විදෙස් උපාධිධාරීන්ට සිය ආධුනික පත්වීම් ලබා ගැනීමේ මං පෙත් ඇහිරීමේ කුහක වෑයමක නිරත වෙති.
Act 16 උගුලට හසුවී බොහෝ අමාරුවෙන් කඩින් කඩ විභාග සමත් වීමට වෙර දරන විදේශ උපාධිදාරීන්ට දැන් යන එන මං නැතිවී ඇත. නමුත් 'ගොමා' ජොස්තර මාෆියාවට වගක් නැත්තේ, එම විභාගය කවරදා පැවැත්වුවද ඔවුන් එය බූවල්ලන් ලෙස වෙලා සිටින නිසාය. Act 16 විභාගය, විශේෂයෙන්ම එහි ප්‍රායෝගික පරීක්ෂණ කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව ඉතාම අක්රමික අයුරින් පවත්වනු ලබයි. එය ඇතැම් දේශීය උපාධිධාරී වෛද්‍යවරුන්ට තවත් සල්ලි ගැරීමේ ඉල්ලමක් බවට පත්ව ඇත. රජයේ රෝහල්වල රාජකාරිය නිම වීමට පෙර කලින් මාරු වී ERPM උපකාරක පන්තිවල ඉගැන්වීමට යන 'ගොමා' ජොස්තවරු බොහෝය. ඔවුන් එහිදී එක සිසුවෙක්ගෙන් දහස් ගණනින් මුදල් අය කොට දවසට ලක්ෂ ගණනින් හම්බ කරති. ප්‍රායෝගික පරීක්ෂණයට පෙර දින විවිධ විභාග මධ්‍යස්ථාන වන රෝහල්වලට එන රෝගී දත්ත (cases) සිය සගයන් හරහා ලබා ගන්නා ඔවුන් සිය පන්තිවලට ආ සිසුන්ට පමණක් ඒවා සමාජ ජාලා පණිවුඩ හරහා බෙදා හරිති.
ERPM ප්‍රායෝගික පරීක්ෂණ නියාමනය කිරීමට එන ඇතැම් ජ්‍යෙෂ්ඨ ජොස්තරලා (consultant) ඊට එහාය. ඔවුන් හිතුමතේ තමන්ට කැමති අය සමත් කොට ඉතා හොඳින් රෝග නිධාන හඳුනාගෙන ප්‍රතිකාර යෝජනා කරන විභාග අපේක්ෂකයින්, කිසිදු හේතු දැක්වීමකින් තොරව අසමත් කරති. ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වූවන්ට, එය අසමත් වූයේ කෙසේදැයි කිසිම සාක්ෂියක් හෝ උපදෙසක් නොලැබේ. මාසයකට පමණ පසුව සමත්ද අසමත්ද යන්න පමණක් දැන ගන්නට ලැබේ. මෙම යල්පිනූ ක්‍රමවේදයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ප්‍රායෝගික පරික්ෂකයින් තම ජොස්තර සගයින්ගේ දරුවන් හා තමාගේ හිතවතුන් රිසිසේ සමත් කරති. එවැනි සම්බන්ධතා නැති සාමාන්‍ය විභාග අපේක්ෂකයින්ගෙන් සමත් කරවීම සඳහා මුදල්ද, විභාග අපේක්ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස්ද ඉල්ලූ අවස්ථා වාර්තා වී ඇත.
පවතින ආණ්ඩුව වගකිව යුතු රජයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්රය මෙම 'ගොමා' බුවල්ලාගෙන් මුදවා ගෙන අසරණව ඇති විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට සාධාරණය ඉටු කළ යුතුය. දැනටම සිය ආධුනික වෛද්‍ය වසර අරඹා ඇති, ඉදිරියේ ඇතිවන ආධුනික වෛද්‍ය හිඟය නිසා තවත් වසරක් වැඩියෙන් ආධුනිකයන් ලෙස දුක් විඳීමට සිදුවන තරුණ intern වෛද්‍යවරුන්ටද (දේශීය/විදේශිය උපාධිදාරි කාටත්), මින් සහනයක් අත් වනු ඇත. 'ගොමා' ජොස්තර ලොක්කන් කොළඹට වී චැනලින් කර සැප ගනිද්දී දුෂ්කර කුඩා රෝහල්වල දවසට පැය පහළොව, විස්ස වැඩ කරමින්, හරියට කෑමක් බීමක් නින්දක් නැතිව කැප වන්නේ එම intern හා post-intern තරුණ වෛද්‍යවරුන්ය.
1. ලිඛිත විභාග බහුවරණ ක්‍රමයට පවත්වන බැවින් ඒවා ලකුණු කිරීමට 'ගොමාවරු' අත්‍යාවශ්‍ය නැත. දැනට දින නියමයක් නොමැතිව කල්දමා ඇති එම විභාග වහාම පැවැත්විය යුතුය..
2. මෙම විභාග රජයේ විභාග බැවින්, ප්‍රායෝගික පරීක්ෂණ නියාමනය අත්‍යාවශ්‍ය සේවාවක් යැයි ගැසට් කොට ඊට සහභාගී නොවන්නන්ගේ දේපොළ රාජසන්තක කිරීමට හෝ වෙනත් නීතිමය දඬුවම් ලබාදීමට පියවර ගත යුතුය. නැතහොත් තාවකාලික පිළියමක් ලෙස සුදුසුකම් ලත් විදේශික ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කීප දෙනෙක් ගෙන්වා මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය යුතුය.
3. සියළු ප්‍රායෝගික පරීක්ෂණ, ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේදයන්ට අනුව, හඬ පටිගත කිරීම (voice recording) අනිවාර්ය කළ යුතු අතර, අසමත් වූවන්ට තම දුර්වලතාවයන් හඳුනාගැනීමට එම හඬ පටය හා ඔවුන්ගේ දෝෂ සහිත ලිඛිත සාරංශයක් පරීක්ෂකයා විසින් ලබා දිය යුතුය. අවශ්‍ය නම් එම සාක්ෂි භාවිතා කරමින් තම ප්‍රතිඵල නැවත විනිශ්චය (appeal) කරගැනීමේ අවස්ථාවද ලබාදිය යුතුය.
4. රාජ්‍ය සේවයෙන් කලින් මාරුවී උපකාරක පන්තිවල ඉගැන්වීමට යන ජොස්තරවරුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුය. එමෙන්ම පෞද්ගලික උපකාරක පන්ති කරන සියළු වෛද්‍යවරුන්ගේ වත්කම් පරීක්ෂා කර ඔවුන් රජයට අදාළ ආදායම් බදු මුදල් ගෙවා ඇත්දැයි සොයා බැලිය යුතුය.
5. පුද්ගලික පන්ති පවත්තන් මෙන්ම විභාගය නියාමනය කරන්නන් ඉහත කී අක්රමිකතාවයන්වල සහ අඩන්තේට්ටම්වල නියැලීමට වෙර දරන්නේ නම්, ඒවා තම අනන්‍යතාවට හානියක් නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ පොලීසියට වාර්තා කිරීමට වැඩ පිළිවෙළක් විභාග අපේක්ෂකයින්ට සලසා දිය යුතුය.
සැබැවින්ම ලංකාවේ සෞඛ්‍ය කෙෂ්ත්රයේ ගුණාත්මක භාවය පතන කිසිවකුත් ඉහත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා කියා විරුද්ධ නොවනු ඇත. අන් වෛද්‍යවරුන් පෙළා හෝ තම මනෝරාජික බමුණු රාජධානිය රැකීමට වෙර දරන අමන මාෆියාකරුවන් පමණක් විරුද්ධ වනු ඇත.
---------------------------
by (2017-07-31 15:55:55)
Leave a Reply
Obage yojanaaval vishistai. Saukya amathithumani,Meya vahaama kriyaathmaka kala yuththak bava penena bavin obathumaage vishesha avadhaanaya yomukaranna.
-- by nareen on 2017-07-31
private practice karana siyaluma dr vathkam pariksha karanna.....
-- by anton on 2017-08-01
A good article
because many sri lankan students sre doing mbbs in overseas. there are apending aprox m about 6 years there with an intern. it's not an easy to study abroad cause there is a hell of probs like they have to learn their people's native language and they have to use to new conditions. but they bear all these conditions because they wish to serve their motherland but the bottom line is if after coming to the mother land if they're not getting a chance even for sitting to the exam i think its an unfortunate.
-- by A.fernando on 2017-08-02
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි