~

උපාලි ධර්මදාසට සාජාහි වසරක අත්හිටැවූ සිර දඬුවමක්..!

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.16, ප.ව‍‍‍‍.8.25) නැසීගිය දේශමාන්‍ය එච්.කේ.ධර්මදාස හෙවත් නවලෝක මුදලාලිගේ පුතණුවන් දෙදෙනා වන ජයන්ත ධර්මදාස සහ උපාලි ධර්මදාස අතර එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සාජාහි පැවැති නඩුවකදී ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම හා දැන දැනම ඒවා පරිහරණය කිරීම සම්බන්ධ වංචාවක් හේතුවෙන් සාජා අධිකරණ මගින් උපාලි ධර්මදාසට වසර 3 ක පරිවාස කාලයකට යටත්ව වසරක අත් හිටවූ සිර දඬුවමක් නියම කර ඇත.

ධර්මදාස සොහොයුරන්ට අයත්ව තිබෙන සාජාහි පොලිසැක්ස් කර්මාන්ත ශාලාවේ හිමිකම උපාලි ධර්මදාසට තිබුනත් පසුකලෙක එහි අයිතිය ඔහු විසින් තම වැඩි මහල් සොහොයුරු ජයන්ත ධර්මදාස වෙත පවරා තිබේ.

එහෙත් මඳ කලකට පසු උපාලි විසින් ව්‍යාජ ලිය කියවිලි ඉදිරිපත් කොට එහි අයිතිය තමන් සතු බව කීම හේතුවෙන් සාජා අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබිණ. 

මෙම නඩුව විභාග වෙමින් තිබූ අවධියේ උපාලි ධර්මදාස වෙනත් රටකට යමින් සිටියදී ඩුබායි ගුවන් තොටුපොලේ දී අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර පසුව ඇප පිට මුදා හරින ලදී

පසුගිය 29 දින සාජා අධිකරණයේ දී හසන් යූසුෆ් ඉබ්‍රාහිම් අලි ප්‍රධාන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් ව්‍යාජ ලිය කියවිලි සකස් කිරීම සම්බන්ධව උපාලි ධර්මදාස වරද කරු කරමින් වසරක අත් හිටවූ සිර දඬුවම නියම කර ඇත. උපාලි ධර්මදාස හිටපු ක්‍රිකට් සභාපතිවරයා වන අතර රාජපක්ෂලා ධූරයෙන් විසිවී යද්දී ඔවුන්ගේ වටිනා හොර බඩු කන්ටේනර් ගණන් ආරක්ෂාව සඳහා තබා ගත්තේ උපාලි ධර්මදාස විසිනි.

අදාල නඩු අංකය 962/2016/8062/2016 වේ.

මෙහි දැක්වෙන්නේ එකී නඩු තීන්දුවේ ඉංග්‍රීසි පිටපත සහ මුල් අරාබි පිටපතයි

---------------------------
by     (2017-06-16 15:53:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

උපාලි ධර්මදාස හිටපු ක්‍රිකට් සභාපතිවරයා වන අතර රාජපක්ෂලා ධූරයෙන් විසිවී යද්දී ඔවුන්ගේ වටිනා හොර බඩු කන්ටේනර් ගණන් ආරක්ෂාව සඳහා තබා ගත්තේ උපාලි ධර්මදාස විසිනි.
-- by sobithawathara on 2017-06-16

නිසිලෙස නීතිය කෙරෙනා රටවල් වලින්වත් අපේ රටේ අදාල බලධාරීන් නීතිය කරනා හැටි ඉගෙන ගත්තොත් හොඳයි. මේ රටේ තවමත් පවතින්නේ අසමතුලිත මහා කාලකන්නි නීතියකි. සෝභිිතාවතාර
-- by sobithawathara on 2017-06-16

Ithin pitarata vinisuran lankaave nadu aseemata genviya yuthui kiyana illeema saadharanai neda?
-- by nareen on 2017-06-17

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links