(ලංකා ඊ නිව්ස් -2017.මැයි.29, ප.ව.1.20) යම් පුද්ගලයකු යම් ආයතනයක හෝ අංශයක ප්‍රධානියකු ලෙස පත් කරන්නේ ඉන්න හිටින්නට තැනක් නැති නිසා ඉඳ ගන්නට පුටුවක් තබා ගැනීමට ලබා දෙන තැනක් හැටියට නිළ කාමරයක් භාවිතා කිරීමට නොවේ. වැඩ කිරීමටය. මේ කියන්නට යන්නේ බෙල්ලේ පාළුවට ඔළුව ඇති, කාමරයේ පාළුවට ඉන්දවා සිටි තවත් දුම්රිය කෙරුමෙක් පිළිබඳව ය.
මේ කුමාරයා කලක් දුම්රිය සේවයේ වාණිජ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. මොහුගේ විනෝදාංශය වන්නේ කල්මැරීමට හේතු සෙවීම සහ නොකර සිටීමට හේතු සෙවීම මෙන්ම එකිනෙකාගේ කකුළෙන් ඇදීමට හේතු සෙවීමය. පත්වීම ලද දින සිටම එහෙයියන් පිරිසක් සහ ඇච්චන් බැච්චන් රොත්තක් වට කරගත් ‘සිසිර කුමාර‘, පෙත්සම් ගැසීම, සෙසු නිළධාරීන්ට පහර ගැසීම, අසත්‍ය පැමිණිලි ගොනු කිරීම ආදී කටයුතු වල නිමග්න වී සිටියා මිස ඵලක් ඇති වැඩක් කෙරුවේම නැත.
‘සිසිර කුමාර‘ මොනතරම් වැඩ්ඩෙක්ද යත් මෙරට දූෂිතම හා අඳුරුතම වනචර දශකයේ දුම්රිය සේවයේ වැජඹෙමින් කළ කී දේ වෙනුවෙන් මේ වන විටත් පැමිණිලි 3 ක් විභාග වෙමින් තිබේ. එනම් රාජකාරිය පැහැර හැරීම, රාජකාරිය අතපසු කිරීම, තම හෙන්චයියන්ගේ වැරදි වසන් කිරීමට අනුබල දීම, දුම්රිය දෙපාර්තමේන්තු දේපල ලබාගෙන බදු ගෙවීම් වසර ගණනක් තිස්සේ පැහැර හැරීම හා සෙසු හිතවතුන්ට නීත්‍යානුකූල නොවන පරිදි සහන සැලසීම ආදී ස්වකීය ‘කීර්තිමත් සේවාව‘ විදහා දැක්වූ ඒවා විය.
මෙම පැමිණිලි වල ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝග කළේ සිසිර කුමාර නැමැත්තා දුම්රිය සේවයේ පැත්ත පළාතක වද්දා ගැනීමට නුසුදුසු විෂබීජයක් බවයි.
එසේනම් දැන් ‘සිසිර කුමාර‘ යළි කරළියට එන්නේ කෙසේද?
වෙනදා වැඩේමය. තමන්ගේම ජාතියේ බඩු ටිකක් සමග සන්ධාන ගත වී සිටින මේ සිසිර කුමාර නමැති දුම්රිය සේවය උළා කෑ මාරයා අද ද පෙත්සම් ගැසීම්, දුම්රිය සේවයට විරුද්ධව කැලෑපත්තර ගැසීම්, මඩ සහ අවලාද නිර්මාණය කර ප්‍රචාරය කිරීම වැනි රාජකාරී සිදු කරමින් සිටියි.
සිසිර කුමාර මේ ඉටු කරමින් සිටින්නේ කොන්ත්‍රාත්තුවකි. මේ, හිටපු දුම්රිය ලොක්කෙකු හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් හොබවා අද ඊනියා විද්වත් ලීලාවෙන් රජ ගෙදරට කිට්ටු වී සිටින සිරි-රුවන්ගේ උවමනාවකි. වත්මන් දුම්රිය ලොක්කා එළවා දමා සිරි-රුවන්ලාට සහ සිසිර කුමාරලාට හිතවත් වනචර දශකයේ වැජඹුණු තවත් ඇත්තෙකු මේ දුම්රිය ලොකු පුටුවේ වාඩි කරවීම ඔවුන්ගේ එකම හීනයයි. අලුත් ලොක්කා රූකඩයක් සේ නැටවීම පමණක් නොව, තම තමන්ගේ පූර්ව භවයන්ගේ අකුසල්, හොරකම්, මගඩි ආදිය යට ගසා ගැනීමට පහසු වන්නේ එවැනි ක්‍රියාමාර්ගයකින් පමණි. එපමණක් නොව, පෙර පරිදිම දුම්රිය යකඩ විකිණීම ඇතුළු සර්ව මාදිලියේ ජාවාරම් සිදු කිරීමට එය මහත් අනුහසක් වනු ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය වන්නේ කාගේ කාගේ හෝ මඩි තඩි කිරීමට නොව, එක එකාගේ පරම්පරා පිටින් නඩත්තු කිරීමට නොවන බව කොයි කවුරුත් සිහියේ තබා ගත යුතුය.
---------------------------
by (2017-05-29 07:49:21)
Leave a Reply
sahatika aththa, pasugiya aanduve hitapu, duushiyhayan dan me aanduve pravaahana amathi vate.inne.Amathithumath pravesamviya yuthuya.
-- by nareen on 2017-05-30
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි